රාජිතට එරෙහිව WDJ-GMOA හමුවී සාකච්චා…

May 19, 2017 at 8:02 am | lanka C news | ලංකා සී නිවුස්
රාජිතට එරෙහිව WDJ-GMOA හමුවී සාකච්චා…

වෘත්තීය සමිති ක්‍රියාකරකම් පාලනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයන් සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තර්ජනාත්මක ප්‍රකාශයන් සම්බන්ධව  විෂයභාර අමාත්‍යවරයා ලෙස  මැදිහත්වන  ලෙසත් , මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට  කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසත්, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව එළඹෙන මැයි මස 23 වෙනි අගහරුවාදා පස්වරු 3.00 ට මේ සම්බන්ධව  විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.

වෘත්තීය සමිති සතු කේවල් කිරීමේ අයිතිය ඇතුළු  වෘත්තීය සමිති  සතු සියළු අයිතීන් ආරක්ෂා කර දීමට රජය බැදී සිටී. එසේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වෘත්තීය සමිති සතු අයිතීන් සුරක්ෂිත කිරීමට අදාල ප්‍රඥප්තීන් වලට අනුව කටයුතු කිරීමට ද අපි බැඳී සිටි. එම නිසා කිසිදු ආකාරයක වෘත්තීය සමිති මර්ධනයකට රජය සුදානම් නැත.  වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පාලනය කිරීම හෝ වෙනත් බලකායවල් ඒ වෙනුවෙන් නිර්මාණය කිරීමට රජයේ කිසිදු සුදානමක් නොමැති බව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා පැහැදිලිව ප්‍රකාශ කර ඇති අතර එය රජයේ මතය තවදුරටත් සනාථ කිරීමකි.

එසේ වුවත් ඕනෑම වෘත්තීය සමිතියක් සමග සාකච්ඡා කිරීමටත්,ඔවුන්ගේ ගැටළු ,අදහස්,යෝජනා වලට සවන් දිමත් ඒ පිළිබඳ තීන්දු තීරණ ප්‍රකාශ කිරීමත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යභාරයකි. සාකච්ඡාවෙන් ,සම්මුතියෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ප්‍රශ්ණ විසදා ගැනීමට අපි සියළු දෙනා කටයුතු කළ යුතුය. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පැවැත්වෙන සාකච්ඡාවද වැදගත් තීන්දු තීරණ ලබා ගත හැකි වඩාත් ඵලදායි සාකච්ඡාවක් වනු ඇත.

මාධ්‍ය ඒකකය
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශය

12,095 Viewers

Leave a Comment

Main News