රාජිතට දිගටම පම්පෝරියට ඉඩ දී ඩෙංගු මර්ධනයට ජනපති අතට ගනී..

May 16, 2017 at 4:40 pm | lanka C news
රාජිතට දිගටම පම්පෝරියට ඉඩ දී ඩෙංගු මර්ධනයට ජනපති අතට ගනී..

අධි වසංගත තත්වයක් බවට පත්වී ඇති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය කැදවීමට තිරණය කර ඇත.

අද පැවැත්වෙන මෙම හමුවේදී ඩෙංගු පැතිරීමේ අධි අවදානම් දිස්ත‍්‍රික්කයන්හි රෝගය පාලනයට ගත යුතු කඩිනම් පියවර ගැන දීර්ඝ වශයෙන් සාකච්චා කරයි.

2017 වසරේ මුල් මාස පහ තුලදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 44,623ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 115ක් වාර්තා වෙයි.

8,495 Viewers

10 Comments to “රාජිතට දිගටම පම්පෝරියට ඉඩ දී ඩෙංගු මර්ධනයට ජනපති අතට ගනී..”

  1. White Shark says:

    හරිම කම්පාවක් දැනෙන දෙයක්. තාම මැයි මාසේ මැද – රෝගීන් 44,623ක් ක්? පොඩි දරුවෝ, වයසක මිනිස්සුන්ට හුඟක් අමාරු වෙනවා ඇති. අවුරුද්ද අග වෙනකොට ලක්ෂ එකහමාරක් විතර වෙයි, සංඛ්‍යා ලේඛන වලට අහු වෙන්නේ නැති ලෙඩ්ඩුත් එක්ක.

    දැන් නම් තත්වේ හුඟක් බරපතලයි. සමාජ ප්‍රශ්න විසඳන්න මහජනතාව දේශපාලන භේද නැතුව සහයෝගය දිය යුතුයි. ඒ මොකොද කිව්වා නම් ඩෙංගු වලින් බැට කන්නේ අපේම මිනිස්සු මිසක් දේශපාලකයෝ නෙමෙයි.

    දොස්තර වරු ගැන බලා හිටියා ඇති. එක්කෝ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරන්න ඕනේ නැත්නම් හෙදියන්ට ප්‍රායෝගික පුහුණුවක් දෙන්න ඕනේ දොස්තරවරුන්ට සමානව මේ ඩෙංගු රෝගය ගැන. සමහර රටවල දොස්තරලා දන්නේ නැහැ බෙහෙත් ගැන ඊට වඩා හොඳට හෙදියන් සහ Pharmacist ලා දන්නවා. හෙද හෙදියන්ගේ හිඟයක් තියෙන නිසා රජයට පුළුවන් Emergency Dengue Workforce එකක් හදන්න පුහුණුවක් දීල, රැකියා විරහිත තරුණ තරුණියන්ට තාවකාලික රැකියා ලබා දීමෙන්. ජාතික මට්ටමින් නැතුව, මේ බඳවා ගැනීම් ගම් මට්ටමින් කරන්න ඕනේ. හැබැයි දේශපාලකයන්ගේ නිර්දේශ නැතුව හැමෝටම සමාන අවස්ථා දෙන්න ඕනේ. තව ස්වෙච්චාවෙන් වැඩ කරන මිනිස්සුවත් බඳවා ගන්න පුළුවන්. මේ වගේ දේවල් වලට රටම එකට එකතු වෙන්න ඕනේ.

    අනිවාර්යයෙන්ම මීට වඩා බරපතල සහ ක්‍රියාකාරී විදියට ඩෙංගු ගැන අවධානය යොමු කරන්න ඕනේ.

    සමහර රටවල Flu Vaccine එකක් දෙනවා virus එක එන්න මාස තුනකට විතර ඉස්සෙල්ල, එතකොට උණ හැදෙන්නේ නැහැ.

    අපිටත් පුළුවන් Dengue Vaccine එකක් දෙන්න නොමිලේ. ඕනේ නම් මේ Vaccine එක අනිවාර්ය කරන්න පුළුවන්. සමහර විට එක dose එකෙන්ම නොහැදී තියෙන එකක් නැහැ. Dose කීයක් ගන්න ඕනෙද කියන එක සොයලා බලන්න ඕනේ. ඒ කොහොම වුනත් හැදෙන දරුණු උණ සහ ජීවිත හානි වෙන්න තියෙන අවදානම අඩු කර ගන්න පුළුවන් Vaccine එකකින්. සෞඛ්‍ය අමාත්‍යංශයට සල්ලි තියෙනවා නම්, දුර බැහැර ප්‍රදේශ වල ඉන්න මිනිස්සු වෙනුවෙන් මෙහෙම Vaccine එකක් දෙන්න ජංගම සේවයක් ආරම්භ කරන්න පුළුවන් හෙදියන්ගේ ප්‍රධානත්වයෙන්, අලුතින් බඳවා ගත් පිරිසත් එක්ක. මෙහෙම වැඩ කරන අයට දිරි ගැන්වීමේ දීමනාවක් දෙන්න පුළුවන්, එතකොට වැඩ කරන වේලාවෙන් පිට සහ නිවාඩු දිනවල සහ සති අන්ත වලත් සේවය කරන්න කැමති වෙයි.

    මට තේරෙන්නේ නැහැ ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශය WHO එකෙන් උදව් ඉල්ලන්නේ නැත්තේ ඩෙංගු මර්දන වැඩට. WHO එක උදව් කරයි මේ Dengue Vaccine එකට.

    මදුරුවන් බෝවෙන එක වලක්වන්න අරන් තියෙන ක්‍රියාමාර්ග දිගටම කරන ගමන් තවත් අලුත් ක්‍රම ගැන බලන්න ඕනේ. ස්වාභාවික විදියට රෝග කාරක නැති මදුරුවන් බැක්ටීරියාවක් එක්ක පරිසරයට මුදා හරින ක්‍රමයක් තියෙනවා. එතකොට රෝග හදන මදුරුවෝ අඩු වෙලා, මේ විදියේ මිනිස් සිරුරට හානි දායක නොවෙන මදුරුවෝ තමයි ඊට පස්සේ බෝවෙන්නේ. මේ බැක්ටීරියාවේ නම Fruit Bacteria. මම මේක ගැන හරියටම දන්නේ නැති නිසා කියන්න බැහැ. නමුත් මේ වගේ අළුත් ක්‍රම ගැනත් හොයා බලන එක හොඳයි.

    • White Shark says:

      Hooray, at least I got this name back. I don’t have to use other name anymore. See I used three other names during the past four days. Now I can write again under “White Shark”. How about Champa? Not yet? Never mind.

    • White Shark says:

      ඉස්සෙල්ල ලිව්වේ නැහැ හුගක් දුක හිතුන නිසා. ඩෙංගු වගේ රෝගයක් නිසා මිනිස් ජීවිත 115ක් මාස 5ට නැති වුනා කියන්නේ අහස පොලොව නුහුලන අපරාධයක්. මාසෙකට මිනිස්සු 23ක් මැරුණේ කොහොමද ඩෙංගු වලින්?

      GMOA එක මේ බව දන්නේ නැත්ද? දැන් මෙහෙම තියෙද්දීද GMOA එක නොනවත්වා වර්ජන කරන්නේ? මම එක දවසක් දැක්කා පොළොන්නරුවේ රෝහලක රෝගීන් 3000ක්, 3000ක් හරවලා ඇරලා කියලා දොස්තර වර්ජනය හින්දා. මම මේ දැකපු එකක් විතරයි. මේ වගේ තව කොයි තරම් නම් රෝගීන් ලංකාව පුරාම ඉන්නවා ඇත්ද වෙලාවට බෙහෙත් ගන්න බැරි වුනු?

      නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන, ඩෙංගු වගේ මිනිස් ජීවිත බිලිගන්න භයානක රෝගයක් වලක්වා ගන්න සහ ප්‍රතිකාර කරන්න අවධානය යොමු නොකර, ඒ ගැන ජනතාව දැනුවත් කරන්න කාලය යොදවන්නේ නැතුව, නිකම් කතා කරලා විසඳගන්න පුළුවන් SAITM එක ගැන බොරුවට ලතෝනි දිදී, GMOA එක මිනිස් ජීවිත එක්ක කරන සෙල්ලම හරිම පිළිකුල්.

      • Black shark says:

        It seems that you are not adequately aware of the scientific background or the real situation in Sri lanka with regards to this issue. Mortality rate due to dengue has significantly dropped during past few years due to commitment of all healthcare workers (of all trade unions in health sector) of this country.

        see the link.
        https://lankacnews.com/2017-%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B6%B1-%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C/

        This epidemic has arisen mainly due to failure of preventive measures taken by the authorities and poor adherence of our citizen with regards to guidelines given (e.g. garbage disposal, keeping environment safe). It is the responsibility of political leadership, local government bodies and the preventive care units of health ministry to effectively carry out this measures ( not a responsibility of any particular trade union). Any of these measures will not be successful without continuous commitment of all citizen since no government will be able to do this task without public support.

        It is better if you study properly about the subject you comment without publishing misleading collection of words. Things will not become better if people like you wait for somebody else to solve this problem rather than playing their own role in this issue.

  2. Niru says:

    From one clueless bugger to another. Only divine help for Sri Lankan’s. Even gods appear to be angry with the stupid Sri Lankan’s who wrecked the smooth passage to fast track of development and chose to go with people with donkey brains

  3. Vimarshana says:

    ඇයි විශාල මුදලක් ගෙවා කියුබාවෙන් ගෙන්වූ B T I බැක්ටීරියාවට මොකද උනේ?

  4. යුක්තිය says:

    චතුර යි රාජිතයි මහ බොරැ කාරයයි පොඩි බොරැ කාරයයි .කලුතර යූඑන්.පී හැත්තටම ඩෙංගු හැදිල මක බෑවියං….

  5. ExUNPer says:

    ඇයි ආණ්ඩුව පත්කරපු එවුන්ගෙ ප්‍රධාන ඉල්ලීම් ටික කරන්නනෙ මේ දක්වා මහන්සි
    වුනේ.
    මොනවාද ඒ ? මහින්දගෙන්,රණවිරුවන්ගෙන්, සංඝයාගෙන් පලිගැනීම, මත්තල වී ගබඩා කිරීම, බැංකු කොල්ලය, කොස්ගම අවි ගබඩාව විනාස කිරීම , …ආදිය.
    රටක් ගැන හිතුවෙම නැහැ. මොනව හරි ගැට ගහගෙන ආණ්ඩුවක් කරන එක අතර ඉහත කටයුතු ටික කරන එක තමයි මේ ගොන් රැලට ඩොලර් පුනක්කු දීල කෙරෙව්වේ.
    දැන්වත් ගොන්කම් තේරුම් අරගෙන හැදියල්ල ගොන් රැල.

  6. Veerasena says:

    Thanks for your suggestions they really good
    If government can implement WHO protocols we can eradicate this trouble

  7. john the baptice says:

    අබ යහලුවන් දෙන්නගේ රග පෑම් රැවටෙන්න එපා

Main News