රාජිත රට ගිය අතරේ ජනපති සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කැදවයි..

May 29, 2018 at 3:50 pm | lanka C news
රාජිත රට ගිය අතරේ ජනපති සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කැදවයි..

සෞක්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විදෙස් ගතව සිටියදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට ඊයේ පස්වරුවේ ගියේය.

දකුණු පලාත තුල ඇතිව තිබෙන වසංගත තත්වය පාලනය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් අමාත්‍යඞශ නිලධාරීන් කැදවා උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙහි දැක්වෙයි.

පසුගිය දිනවල දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් උණ රෝගය පාලනය සහ ප‍්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලිමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා (28) පස්වරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගියේය.

එහිදී අදාළ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්වූ ජනාධිපතිතුමා රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සහ ප‍්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන කඩිනම් වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීය.

මුදල් ප‍්‍රතිපාදන කිසිදු ගැටලුවක් කර නොගෙන අදාළ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා හෙදියන් ඇතුළු කාර්යමණ්ඩල ද අවශ්‍ය පරිදි අදාළ රෝහල් වෙත ලබාදීමට නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම ප‍්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධවල අඩු පාඩු පවතින්නේ නම් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි අවශ්‍යතාවයක් සේ සලකා එය ලබාදීමට තමාට හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එසේ නොමැතිනම් ඒ පිළිබඳ ලේඛනයක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙසත් එය අනිද්දා දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට හැකි බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

ප‍්‍රතිකාර කටයුතු සිදුකිරීමේ දී පළාත් රෝහල්වල අඩුපාඩු පවතින්නේනම් ඒවා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන කඩිනමින් පළාත් සභා වෙත නිදහස් කිරීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රමාණවත් පරිදි පහසුකම් නොමැති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ අවශ්‍යතාවය පරිදි ප‍්‍රමාණවත් පහසුකම් මේ වන විට සළසා තිබෙන බවයි.

මෙම වෛරස් උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ පාසල් වසා දැමීමට ද තීරණය කර තිබූ අතර රෝග තත්ත්වය පාලනය හේතුවෙන් එවන් අවශ්‍යතාවයක් මතු නොවන බව වෛද්‍යවරුන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම මෙම වෛරස් රෝගය පිිළිබඳ සෞඛ්‍ය පරික්ෂන අංශය මගින් මේ වන විට අදාළ පරික්ෂණ කටයුතු සිදුකරමින් සිටින අතර රෝගය පැතිරයාමේ අවධානමක් දැනට නොමැති බව ද සෞඛ්‍ය බලධාරින් පෙන්වා දුන්හ.

ඩෙංගු රෝගය පාලනය සඳහා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර පසුගිය වසර දෙකට සාපේක්ෂව එහි සියයට 70 ක පමණ අඩුවීමක් සිදුව තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙන්වා දුන්හ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම් මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුළු සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, වසංගත රෝග පිළිබඳ අංශයේ විශේෂ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

16,918 Viewers

3 Comments to “රාජිත රට ගිය අතරේ ජනපති සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කැදවයි..”

  1. Kumara says:

    Mema roga American un wising unge lab wala test kerala bo karanne

  2. දේශාභිමානී දේශ හිතෛශියා says:

    සෞඛ්‍ය ඇමති බේරැවල සහජීවන රාජිත සේනාරත්න, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ෆයිසර් කාසිම්, දකුණේ වසංගතයක් ලෙස කුඩා දරැවන් ඉක්මනින් මරණයට පත් වන රෝගයක් ව්‍යාප්තවීමක්, රජයට එය පාලනය කිරීමට අපහසු තත්ත්වයක්….මේවා අතර සම්බන්ධයක් ඇත්ද? සැක සංකාද ඇති වේ…

  3. FREE says:

    ඔය වෛරස් එක මහින්දලගෙ වැඩක් කියල රාජිත ආපු ගමන් කියයි.

Main News