රාජිත සේනාරත්න ලොව හොදම සෞඛ්‍ය ඇමති ලෙස පත් වෙයි..
April 25, 2017 at 12:16 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.
පිම්මේ වැඩෙන ආර්ථිකයක් කඩා වට්ටලා අපේ මුදල් ඇමතිතුමා ලෝකයේ හොඳම මුදල් ඇමති වුණා. ආසියාවේ හොඳම මුදල් ඇමති කිව්වාට මෙවැනි මුදල් ඇමතිතුමෙකු ආසියාවටත් එක් කෙනායි. ලෝකයටම එක්කෙනායි. දැන් ඩෙංගු පිලිබඳ H1N1 පිලිබඳ වාර්තා සමගින් සෞඛ්‍ය ඇමතිතුමා ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමති වෙලා ඉවරයි. තමන් කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගන්නා විට අටුකොටු පිරිලා මත්තල ගුවන් තොටුපොලේත් වී ගබඩා කරන්න වුණු රටක් සහල් ආනයනය කරන තත්වයට පත් කරලා අපේ කෘෂිකර්ම ඇමතිතුමා ලෝකයේ හොඳම කෘෂිකර්ම ඇමතිතුමා බවට පත් වුණා. කුණු කන්දේ නඩත්තුව අත්හැරලා කුණු කන්ද ජනතාවගේ හිස මත කඩා වැටෙන තුරු ස්ථිර විසඳුම කල් මරපු මෙගාපොලිස් ඇමතිතුමා ලෝකයේ හොඳම නාගරික සංවර්ධන ඇමති බවට පත් වුණා.
පසුගිය ආණ්ඩුව සමයේ මේ වැඩ බැරි ඇමතිවරු කිව්වේ රාජපක්ෂවරු ඇඟිලි ගහන නිසා තමන්ට වැඩ කරන්න බැරි බවයි. දැන් රාජපක්ෂවරු ඇඟිලි ගහන්නේ නෑනෙ. දැන් මොකද කරන්න බැරි? එදා රාජපක්ෂවරු ඇඟිලි ගහපු නිසා තමයි රට ඉදිරියට ගියේ. නැති නම් අද තත්වයම තමයි එදාත් ඇති වෙන්නේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, දැන් වත් ඔය අමාත්‍යාංශ වල කටයුතු වලට මැදිහත් වීම අරඹන්න. නැති නම් මුදල් ඇමතිතුමා ලෝකයේ හොඳම මුදල් ඇමති වුණු අයුරින්ම ඔබතුමා ලෝකයේ හොඳම ජනාධිපති වෙන එක නම් කාටවත් නතර කරන්න බෑ.
– අරවින්ද අතුකෝරල
පුතා ලෝකයේ දිගම නහය තියන කෙනා වේවි.(මංත්‍රී නම් වෙන්න බෑ, චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු දන්නවා මෙච්චර විශාරදයෙක් මංත්‍රී උණොත් ප.ච. ට වුණ දේ තමයි. මේ ලෝකෙ දෙයක් කරන්න බෑ. )
ගම්මන්පිල මහත්තයෝ මේවාට මීට වඩා පොපශනල් විදිහට උත්තර දෙන්න. මතකයි නේද වොක්ෂගන් එකට උනුදේ. ඒකබද්දයේ අය මේක බොරැ බොරු කියලා කිව්වා….. හැබැයි මිනිස්සු පිළිගත්තේ නෑ….. සිරස නාලිකාව ජර්මනියේ මවු සමාගමෙන් අහලා නියමටම දුන්නා ගේම….
අන්න ඒ වගේ ආසියාවේ හොදම ඇමති තෝරපු ආයතනය සම්බනධකරගෙන ඔවුන්ට අභියෝග කරන්න. ඔවුන්ගේ නිර්ණායක අධ්යදයනය කරන්න. මුනගේ හොර වැඩ පෙන්නන්න. නැතුව මේ සම්පරදායක පෘත්ති සාකඡ්චා තියලනම් මදි……..
අබුදස්ස කාලේ ලබුත් තිත්තලු රාලේ