රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් ‘ඒඩ්ස්’ ශරීර ගත කිරීමක්..?

May 5, 2017 at 10:39 pm | lanka C news
රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් ‘ඒඩ්ස්’ ශරීර ගත කිරීමක්..?

රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එචි.අයි.වී ඒඩිස් ආසාදනය පතුරුවන බවට සමහර වෙබි අඩවි මගින් සාවද්‍ය තොරතුරු පතුරවමින් පවතින බවට දැනගැනීමට ලැබී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි මෙි වනවිට ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය අවම කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරණය කර ඇත. නමුත් නිරෝගී පුද්ගලයෙකු දිර්ඝ කාලීන ආබාධිතභාවයට හා විරූපීභාවයට පත්කරවන බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සහ සහමුලින්ම තුරන් කිරීම අරමුණු කරගෙන බරවා මර්ධන ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් ඉතා දුෂ්කර තත්ත්ව යටතේ රාත්‍රී කාලයේ නිවෙස් වලට පැමිණ රධිර පටල ලබාගනු ඇත. එම පටල රසායනාගාරයේ දී පරීක්ෂා කර හදුනා ගන්නා රෝගීන්ට නිවසටම පැමිණ ප්‍රතිකාර ලබාදෙනු ඇත.

මෙම රුධිර පරික්ෂාව රාත්‍රි කාලයේ දීම සිදු කිරීමට අවශ්‍ය වනුයේ බරවා ක්ෂුද්‍ර පණුවා පර්යන්ත රුධිරයට රාත්‍රී කාලයේ දී පැමිණෙන බැවිනි. නිවැසියන්ගේ ආරක්ෂාව සදහා මෙම නිලධාරීන් සිය නිළ ඇදුමින් සැරසී හැදුනුම්පත පැළැද සිටියි. මෙි පිළිබදව යම් විමසීමක් සිදු කිරිමට අවශ්‍ය නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් එම තොරතුරු විමසා ලබාගැනිමට හැකිය.

සයිබර් අපරාධ පිළිබද මධ්‍යස්ථානයට මෙි සාවද්‍ය තොරතුරු පිළිබදව පැමිණිලි කර ඇති අතර, මෙය සිතා මතා සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව අපි සිතමු.

ඒ අනුව මෙි සාවද්‍ය තොරතුරු වලට නොරැවටිී නිළ ඇදුමෙන් සැරසී පැමිණෙන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් නොමිලේ සැපයෙන සේවාව උපරිමයෙන් ලබාගැනීම සදහා ඔබගේ සහයෝගය සෞඛ්‍ය දෙපාර්තමෙින්තුව බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

12,385 Viewers

5 Comments to “රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් ‘ඒඩ්ස්’ ශරීර ගත කිරීමක්..?”

  1. මෝඩ හින්ගලයා says:

    කුරුස විස බිජේ ඇමෙරිකාවේ පතුරුවාපු ක්රෙමෙටම තමා මරක්කල විස බිජේ ලංකාවේ පතුරුවන්නේ.

  2. Waruna Kuamara says:

    මමත් දැක්ක. මහා මෝඩම මෝඩ කතාවක් මේ FB එකේ share වෙන්නේ, මේ වගේ මෝඩ කට කතා මීට කලිනුත් ප්‍රචාරය උනා HIV තියන injection කටු film hall වල තියනවා කියල. අඩු තරමේ HIV බෝ වෙන විදියවත් නොදන්නා අමනයෝ තමයි මේවා දාල තියෙන්නේ. ඒත් අපේ බොරු ජාත්‍යාලකාරයන් උඩ බලාගෙන share කරනවා.
    රුධිර පර්යේෂණ මගින් රෝගීන් හඳුනාගන්න විවිධ වැඩසටහන්, පර්යේෂණ හා අධ්‍යන රජය මගින් හා විශ්ව විද්‍යාල මගින් කරනවා. මේ වගේ ප්‍රචාරය නිසා ඒවටත් මිනිස්සු එන එක අඩු වෙනවා…. හානිය රටට.

    • Manoja Gamage says:

      Mr. Waruna, you are completely correct. Highly appreciate your comment. We have faced such a great problem in our diabetes project

  3. නයා.... says:

    සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කිවායැයි සඳහන් වන බරවා කථාවනම් අමූලික බොරුවක්.
    බරවා පරපෝශිතයින් සෙවීම සඳහා රාත්‍රී කාලයේ රුධිර සාම්පල ලබා ගැනීම ඉතාම ඈත කාලයේ සිදුවූ පැරණි ක්‍රමයක්.මීට වසර 40 කට පමණ පෙර මේ ක්‍රමය ක්‍රියාත්මක වූවා.
    ඒත් දැන් වඩා දියුණු වෛද්‍ය තාකශන මගින් දවසේ ඕනෑම වේලාවක ලබා ගන්නා රුධිර සාම්පලයක අඩංගු බරවා පරපෝශිත ප්‍රතිදේහ (ෆයිලේරියා ඇන්ටිබොඩි ටෙස්ට් ) කියන පරික්ශාවෙන් යමෙකු බරවා ආසාධිත්දැයි සොයා ගත හැකියි. දැන් මේක බොහෝම සරළ හා ඉතාම මිලෙන් අඩු රුධිර පරීක්ෂාවක්.

    • Sihala Yaka - සිහල යකා says:

      ඒක තමයි මාත් බැලුවෙ. මෙයා දත් දොස්තර ගේ ගෝලයෙක් ද​? Yahapalana henchman ?

      අපි පොඩි කාලෙ නම් මහ රෑ බරව බලන්න ආව​.

Main News