රැකියා නැති උපාධිධාරීන් 80,000 පනී.. ඉන්ටවු විතරයි.. රස්සා නෑ.. බාහිර-අභ්‍යන්තර උපාධි බෙදීමකුත් හදයි..

August 4, 2018 at 5:30 pm | lanka C news
රැකියා නැති උපාධිධාරීන් 80,000 පනී.. ඉන්ටවු විතරයි.. රස්සා නෑ.. බාහිර-අභ්‍යන්තර උපාධි බෙදීමකුත් හදයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව රැකියා ලබාදීමේ ජාතික වගකීමෙන් ආණ්ඩුවට ගැලවීමට බැහැ

මීට වසර තුනකට පෙර නව රැකියා අවස්ථාවන් දසලක්ෂයක් උත්පාදනය කිරීමට දසඅතේ පොරොන්දු වී බලයට ආ මේ වැඩබැරි ආණ්ඩුව අවම තරමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසට හෝ රැකියා අයිතිය සුරක්ෂිත කිරීමට අසමත් වී තිබේ. සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව රැකියා ලබාදීම පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත් සියලු රැකියා විරහිත පිරිස්වලට රජයේ රැකියා හිමි විය.

එසේ 2004 -2014 දක්වා රජයේ රැකියා ලද උපාධිධාරී සංඛ්‍යාව ලක්ෂ එකහමාරකට අධික ය. එය පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පමණක් නොව රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී මෙරට රජය විසින් අනුගමනය කළ යුතු ජාතික ප්‍රතිපත්තිය විය යුතු ය. මේ වැඩබැරි ආණ්ඩුව 2017 අගෝස්තුවේ දී රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා අයදුම්පත් කැඳවීමක් පමණක් සිදු කළ අතර එවිට ලැබුණු අයදුම්පත්‍ර සංඛ්‍යාව 60,000ක් පමණ විය. එහෙත් රැකියා ලැබුණු කිසිවකුත් නොවීය. මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් පිරිස 80,000කට අධික ය.

රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදීම කෙසේ වෙතත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී මෙතෙක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් අනුගමනය නොකළ කප්පාදුවක් මේ ආණ්ඩුව සිදුකර ඇත. එනම් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් සලකා බාහිර උපාධිධාරීන්ට අසමානව සැලකීම ය. අභ්‍යන්තර උපාධිධාරියකුට සම්මුඛ පරීක්ෂණයේ දී බාහිර උපාධිධාරියෙකුට වඩා ලකුණු 25ක් ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම ය.

මෙය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් වන අතර සමාන තැනැත්තන්ට අසමානව සැලකීම කි. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට නොහැකිව රජයේ විශ්වවිද්‍යාලයක බාහිර උපාධියක් හැදෑරූ අයකුට පවා අසමානව සලකා ඇත.

එපමණක් නොවේ. පක්ෂ භේදයකින් තොරව මෙරට ජනතාව, විශේෂයෙන් නූතන තරුණ පරපුර දැඩිව පිළිකුල් කරන එහෙත් එජාපය හිස මුදුනින් පිළිගත් “දේශපාලන හෙන්චයියන්ට මුල්තැන දීම” අවසානයේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී ද සිදුව ඇත. ඒ නිසා අප මේ වැඩබැරි ආණ්ඩුවට දැඩිව අවධාරණය කරන්නේ අභ්‍යන්තර උපාධි – බාහිර උපාධි භේදයක් හැදීම සහ දේශපාලන හිතවත්කම් මත රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම වහා නතර කරන ලෙස ය. සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව රැකියා ලබාදෙන ලෙස ය.

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ

6,008 Viewers

8 Comments to “රැකියා නැති උපාධිධාරීන් 80,000 පනී.. ඉන්ටවු විතරයි.. රස්සා නෑ.. බාහිර-අභ්‍යන්තර උපාධි බෙදීමකුත් හදයි..”

  1. sunimal says:

    අපි බලාපොරොත්තු වෙනවා මීලග පළාත් පාලන චන්දයේදී මෙයට ජනතාව පිළිතුරු දේවි කියා

  2. W M Fernando says:

    discrimination is every where under yahapalanaya. Micro finance loans granted to women will only be written-off but such loans granted to men are not entitled for writing off. This is a violation of fundamental right included in the constitution. Decision was taken by the cabinet. There is no one to challenge such violation by the government

  3. Janaka says:

    Who gets more marks will enter university

  4. රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කරනව කිව්ව නේද?

  5. David Milli-banda says:

    Getting ready for elections.
    Yahapalanaya negotiate US $ 1.25b loan from China @ 5.25% for 2018.

    75,000 Women to be given jobs.
    Yahapalanaya to buy Yala harvest from the farmers as per promised price..
    Micro financing to be increased.
    Getting ready to bribe the masses.
    If the masses do not act wisely this time, the country will be Doomed.

    All Election gundu. Wonder whether the 62 lakhs of Voters will get caught to these santhosams again?

  6. කලයුතු දෑ දහසකුත් එකක් තිබියදී රජය කරන්නෙ මේ වගේ කමකට නැති දේවල්. බාහිර අභ්‍යන්තර කියල උපාධි බෙදිල්ල. යම් උපාධියක් ලැබීමට තරම් අධ්‍යාපනය ලැබුවහම දෙන උපාධිය වෙන මොනම රටකවත් ඔය විදිහට දෙකට බෙදන්නෙ නෑ.අනික උ.පෙල සමත් හැමෝටම උසස් අධ්‍යාපනය දෙන්න ආණ්ඩුවට ඇති නොහැකියාව නිසා අතහැරුණු ළමයි තමන්ගෙ උනන්දුවෙන් වියදමින් උපාධිය ගත්තහමත් ආණ්ඩුව සලකන්නෙ ඔහොමයි. ඔය කවුරුහරි නඩුවක් දැම්මනම් ආණ්ඩුව කිච වෙනවා. ඒකත් අර සංඝ ව්‍යවස්ථාව, කොටින්ට වන්දි ගෙවීම වගේ අනවශ්‍ය දෙයක්.

  7. samantha says:

    It is not strange that an uneducated member of parliament can’t understand the different between internal degrees and external degrees, internal and external degrees are two different type of degrees, anybody who has academically well qualified can understand, there is a significant different between two type of degrees, that is the noble truth and world’s recognition, it is not a discrimination, if some one want to consider external and internal degrees are equal it is a discrimination for internal degree holders, that is what Mahinda Rajapaksha did when he was ruling the country, that should not be happened again.

  8. mawubima_perata says:

    කාර්යාල වල වැඩ කරන්න ගියාම බාහිර අය අනාගන්නවා.වැඩ කරන විදිය දැක්කම මොකද්ද උපාධිය කියලා කියන්න පුළුවන්.එයාලට තියෙනවා පරිගණක භීතිකාව.ඒ නිසා රජයේ මේ වැඩ පිළිවෙල හොඳයි.

Main News