රිය අනතුරකින් තිදෙනෙක් එතැනම මිය යයි.. කුඹුක්කන එකම මල ගෙයක්..

August 5, 2018 at 8:40 am | lanka C news
රිය අනතුරකින් තිදෙනෙක් එතැනම මිය යයි.. කුඹුක්කන එකම මල ගෙයක්..

ඊයේ රාත‍්‍රි 11.00ට පමණ සිදුව ඇති රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ මොණරාගල වැල්ලවාය මාර්ගයේ කුඹුක්කන හන්දිය අසලදීය.

ලොරි රථයක් බස් රථයක් පසු කිරීමට ගිය අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි ත‍්‍රිරෝද රියක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ත‍්‍රිරෝද රථයේ ගමන් ගත් වයස 22ක තරුණයෙක්, 19ක තරුණියක් හා අවුරුද් 08ක දරුවෙක් මෙසේ මිය ගොස් ඇති අතර වයස 49ක කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර සිටී.

ලොරියේ රියදුරා මේ වන විටත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

9,044 Viewers

3 Comments to “රිය අනතුරකින් තිදෙනෙක් එතැනම මිය යයි.. කුඹුක්කන එකම මල ගෙයක්..”

  1. sithmal says:

    ඇයි මෙච්චර අවදානම් වාහනයක් වෙලත් මේව ගෙන්නන එක නවත්වන්නෙ නෑත්තෙ. කාලකණ්නි ආණ්ඩු.

    • ඒකටත් ආණ්ඩුවද පලි?
      එතකොට තොපිම කියයි දුප්පතාගෙ වාහනේටත් කෙලියා මේ ආණ්ඩුව කියලා.

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News