රිය අනතුරකින් පියා මියයයි.. දියණියට බරපතල තුවාල ලබයි..

August 7, 2018 at 12:40 pm | lanka C news
රිය අනතුරකින් පියා මියයයි.. දියණියට බරපතල තුවාල ලබයි..

යාපනය,කෝපායි ප්‍රදේශයේ ඊයේ (06) සවස සිදුවු රිය අනතුරකින් පුද්ග‍ලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණියක් තුවාල ලබා ඇති බව යාපනය කෝපායි පොලීසිය පැවසීය.

පොලිසිය පැවසූවේ තෙල් ප්‍රවාහනය කළ බවුසර රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කෝපායි ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළඳ සැළක හිමිකරුවෙකු වන 45 හැවිරිදි රන්ජන් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ 18 හැවිරිදි දියණියද බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බවුසර රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කෝපායි පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,903 Viewers

One Comment to “රිය අනතුරකින් පියා මියයයි.. දියණියට බරපතල තුවාල ලබයි..”

  1. kanishka Tissa says:

    Vijayakala, her fellow Eelamists and NGO kakkas would say that had LTTE been around, these types of tragedies would have never happened.

Leave a Comment

Main News