රුපියල් කෝටි එකහමාරක්ට අධික කේරල ගංජ කිලෝ 112 ක් යාපනයේ කැලේකින් මතු වෙයි….

January 29, 2018 at 2:05 am | lanka C news
රුපියල් කෝටි එකහමාරක්ට අධික කේරල ගංජ කිලෝ 112 ක් යාපනයේ කැලේකින් මතු වෙයි….

යාපනය මරදන්කේනි වෙත්තිලයිකේනි වෙරල තීරයට ආසන්නයේ තිබූ කැලෑවක් සඟවා තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 112.6 ක් සොයා ගත් බවට නාවික හමුදාව කියා සිටියේය.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසකට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මරදන්කේනි, වෙත්තිලයිකේනි වෙරළ තීරයට ආසන්න වන ලැහැබක සඟවා තිබූ මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් 112.6 ක් සොයා ගැනීමට සමත් වු බව නාවික හමුදාව පවසයි.

පොලිතීන් ආවරණ 50 ක බහා තිබූ එම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා පසුව කැලෑවේ සගවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරසිටියේය.

අදාල කේරල ගංජා තොගය සම්බන්ධයෙන් ජාවාරම් කරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම කේරළ ගංජා තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරෙයි  පොලීසියට බාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

953 Viewers
Main News