රුපියල් කෝටි 3 කට ආසන්න කේරල ගංජා කිලෝ 184 නාවික හමුදා අත්අඩංගුවට…

January 13, 2019 at 2:05 am | lanka C news
රුපියල් කෝටි 3 කට ආසන්න කේරල ගංජා කිලෝ 184  නාවික හමුදා අත්අඩංගුවට…

මන්නාරම වංකාලෙයි මුහුදු තීරයට ඉන්දියාවෙ සිට ධීවර යාත්‍රාවකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමකින් යුත් කේරලගංජා කිලෝ 184 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව කියා සිටියේය.

මන්නාරම නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත එම නිලධාරීන් පිරිසක් විසින් වංකාලෙයි මුහුදු තීරයේදී සිදුකළ වැටලීමකදී අදාල කේරළ ගංජා තොගය හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාවෙන් වැටලීම සිදුකරන අවස්ථාවේ ධීවර බෝට්ටුවෙන් කේරළ ගංජා රැගෙන ආ තවත් පුද්ගලයින් දෙදෙනකු එම බෝට්ටුවද රැගෙන අදාළ ස්ථානයෙන් ඉන්දියාව දෙසට පලාගොස් ඇති අතර කේරල ගංජා භාරගත් පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

සොයාගත් කේරළ ගංජා පොහොර මළු පහක් තුළ ජලය කාන්දු නොවන ලෙස ඇසුරුම් කොට තිබූ අතර සැකකරු මන්නාරම , උයිලන්කුලම නොච්චියකුලම් පදිංචි 28 හැවිරිදි ධීවරයකු බවට නාවික හමුදාව විසින් අනාවරනය කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

635 Viewers

One Comment to “රුපියල් කෝටි 3 කට ආසන්න කේරල ගංජා කිලෝ 184 නාවික හමුදා අත්අඩංගුවට…”

  1. david milibanda says:

    Aiyo…. release immediately.
    It belong to Sumanthiran’s Prem.

Leave a Comment

Main News