රුපියල කොතෙක් අවප‍්‍රමාණය වේදැයි අප දන්නේ නෑ.. රුපියල රැකගන්න දැනටමත් ඩොලර් මිලියන 184ක් දැම්මා..- මහ බැංකු අධිපති කියයි..

October 3, 2018 at 12:00 pm | lanka C news
රුපියල කොතෙක් අවප‍්‍රමාණය වේදැයි අප දන්නේ නෑ.. රුපියල රැකගන්න දැනටමත් ඩොලර් මිලියන 184ක් දැම්මා..- මහ බැංකු අධිපති කියයි..

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවත් කොපමණ ප්‍රමාණයක් අවප්‍රමාණය වේදැයි නිශ්චිතව කිව නොහැකි බව මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කරයි.

දිගින් දිගටම අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා දැනට ගෙන ඇති පියවර ප්‍රමාණවත් බව විශ්වාස බවද ඒ මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රුපියල රැුක ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 184ක් මෙම වසරේදී වෙළෙඳපොළට මුදාහැරිය බව ද ඔහු එහිදී පැවසීය.

6,198 Viewers

9 Comments to “රුපියල කොතෙක් අවප‍්‍රමාණය වේදැයි අප දන්නේ නෑ.. රුපියල රැකගන්න දැනටමත් ඩොලර් මිලියන 184ක් දැම්මා..- මහ බැංකු අධිපති කියයි..”

  1. මහේන්ද්‍රන් ගෙන් අහමුද? says:

    මහේන්ද්‍රන් ගෙන්වත් අහමුද?

    • Ane mage kata says:

      Munta thiyenne atuva kadala putuva hadana aarthika nyayayak. 2015 mun aanduva gaththa kaale indalama rupyala kadaavetenava. aka reka ganna kiya kiya dolar sanchithaya kana eka neva karanne. sanchithaya vedikaranna ho rekaganna kisima deyak karanne nathuva miliyana achara mechchara eliyata damma kiya kiya dolar sanchithaya kunukolleta vikunanava. rapiyalath ekkama rata valapallata yavanava. mun danna rata hadilla echcharai.

  2. Gamini says:

    රටට ආදරේ නැති උන් බිහිකරන මේ අධ්‍යයන ක්‍රමයෙන් වෙන මොනව වෙන්නද?

  3. නයා says:

    මේ අති පන්ඩිතයෝ කට මැත දෙඩෙව්වට
    ජා මූල්‍ය අරමුදල මුන්ට දුන්නු ලනුව තමයි බදු වැඩි කිරීම.
    ඒ බදු වැඩි කිරීම නිසා ලංකාව තුල ආයෝජන අඩු වුනා. ආයෝජනය කල අය ඉන් ඉවත් වෙමින් ඉන්නවා
    විදෙස් ශ්‍රමිකයන් රටට සල්ලි එවීම සීමා කරලා

    ඒ හේතු නිසා ඩොලර් ලැබීම සීමා වුනා ඒ නිසාම රුපියලේ අගය සීග්‍රයෙන් පහත වැටුනා.
    රජයේ ඩොලර් සංචිත වැය කරමින් මොවුන් රුපියලේ අගය පවත්වා ගැනීමට කරන උත්සාහය නිසා විදෙස් මුදල් සංචිතයන්ද පහත වැටෙමින් තියෙනවා.

    ඩොලරය රැක ගැනීමට ආනයන සීමා පැනවීමෙන් තව දුරටත් ආනයන බදු හරහා රජයේ ආදායම පහත වැටෙනවා.

    ඩොලරය ඉහල යාමෙන් ඉන්දන මිල වැඩි වීම නිසා සමස්ත උද්ධනය ඉහල යාමට අමතරව ඉන්ධන පරි භෝජනය ක්‍රමයෙන් පහත වැටෙනවා. ඒ නිසා ඉන්ධන මිල මත බදු ආදායම හා ලාභ කොටස රජයට අඩු වෙනවා.

    මේ සියළු උපක්‍රම මගින් රජයේ ආදායම දරුනු විදියට බිඳ වැටීමකට ලක් වෙන්නට ඉඩ නැතැයි යම් කිසි ආර්ථික විසේසඥයෙකුට කිව හැකිද?

    මේ මහ බැංකු නිලධාරීන් මොනවද කථා කරන්නේ. මිනිස්සු මී හරක්ද? මේවා පිළිගන්න.

  4. Niru says:

    Idiots talking bullshit.

  5. Gajaba says:

    The governor said that growth is constant and the inflation is not too high. Thus, economy is stabilized. At the same time, he assumes that more actions will be necessary if there is further deterioration in the exchange rate. He does not know what he is taking about. If the economy stabilize, why this type of huge devaluation? why does devaluation not increase exports? Why devaluation does not decrease imports? If no inflation, why living cost is so high? This person is the oldest governor in the financial world. Mole koloppan.

  6. john the baptice says:

    LTTE කොටියට කඩේගිය නරුමයා පන්නනු

  7. බන්ඩා says:

    ඩ‌ොලර් මිලියන 184 ක් දැම්මට වැඩක් නැහැ ආය‌ෝජකය‌ො ඩ‌ොලර් අරන් ලංකාවට එන්න‌ෙ නැතුව තමන්ග‌ෙ ඩ‌ොලර් අරගනෙ ලංකාවනේ පිට වනෙව නම්. යහපාලකයන්ට විද‌ේස ආය‌ෝජකයන්ග‌ෙ විශ්වාසය දිනා ගන්න බැරි නම් අන්න එතනය් ප්‍රශ්ණය.

    • ගමරාළ says:

      හා හා එහෙම කියන්ඩ එපා. එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් ආවහම බිස්නස් වලට හොඳයි කිව්වනෙ. ආයෝජකයො සූ ගාලා එනවා කියලත් කිව්වනෙ. ඔක්කොම එන්නෙ ලොකු ලොකු කොම්පෑනි වොක්ස්වගන් කියා හයිඋන්ඩායි. ලඟදිම එයි. ලඟදිම එයි.

Main News