රුපියල රැකගන්න බෑ..බරපතළ ආර්ථික අර්බුදයක්..විදේශ ආයෝජන අඩියටම වැටේ..ආයෝජකයෝ රටින් පිටවෙති..

March 20, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස්
රුපියල රැකගන්න බෑ..බරපතළ ආර්ථික අර්බුදයක්..විදේශ ආයෝජන අඩියටම වැටේ..ආයෝජකයෝ රටින් පිටවෙති..

විදේශ ආයෝජන දිගින් දිගටම අඩුවීම සහ විදේශ විනිමය ගලායැම් ඉහළ යැමෙන් රුපියලේ අගය රැක ගැනීම බරපතළ ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ අනුව ගිය වසරේ (2016) නොවැම්බර් මස දක්‌වා විදේශ සෘජු ආයෝජන ලැබීම ඇමෙරිකානු ඩොලර් මිලියන 444.5 ක්‌ දක්‌වා 34.4% කින් පහත වැටී ඇත. මේ අතර රාජ්‍ය සුරැකුම්පත්වල විදේශ ආයෝජන නැවත ගලායැමද වේගවත් වී තිබේ.

2016 වසරේදී රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ ආයෝජන ශුද්ධ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 324.3 ක්‌ සහ මේ වසරේ (2017) පෙබරවාරි මස 14 දින දක්‌වා ඇමෙරිකානු ඩොලර් මිලියන 309.2 ක්‌ ද රටින් පිටට ගලාගෙන ගොස්‌ ඇත.

මේ අනුව රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විදේශිකයින් සතු ආයෝජන ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන සියයට 4.4 ක්‌ දක්‌වා අඩු වී ඇතැයිද මහ බැංකුවේ ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර මේ වසරේ (2017) පෙබරවාරි 15 දින දක්‌වා කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ ද්විතීයික වෙළෙඳ පොළේ ශුද්ධ ගෙවීම ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක්‌ බවද වාර්තා වේ.

දැනට රට මුහුණදී සිටින විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලය තුළ තවදුරටත් උග්‍ර වනු ඇතැයි මහ බැංකුවේ ආරංචි මාර්ග කියයි.

මේ වන විට රට තුළ තිබූ විදේශ ආයෝජන පවා රටින් පිටව ගොස්‌ ඇති බවත් රාජ්‍ය සුරැකුම්පත්වල තිබූ විදේශ ආයෝජන ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් වාර්තා වේ.

මේ අනුව 2014 වසර අග පැවැති ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක විදේශ සංචිත ය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 5.4 ක්‌ පමණ දක්‌වා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

ආර්ථිකයේ පවතින වර්තමාන තත්ත්වය මත මෙම වසර (2017) තුළ තවදුරටත් විදේශ සංචිත මට්‌ටම මත පීඩනයක්‌ ඇතිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේදී පොලී අනුපාත ඉහළ යැමට ඇති හැකියාව සමඟ රාජ්‍ය සුරැකුම්පත්වල විදෙස්‌ ආයෝජන ද තවදුරටත් රටින් පිටව ගලා යැමට ඉඩ ඇතැයි මහ බැංකුවේ එම ආරංචි මාර්ග තවදුරටත් කියයි.

– දිවයින

13,952 Viewers

4 Comments to “රුපියල රැකගන්න බෑ..බරපතළ ආර්ථික අර්බුදයක්..විදේශ ආයෝජන අඩියටම වැටේ..ආයෝජකයෝ රටින් පිටවෙති..”

  1. Alapaluwa says:

    නොදන්නා දේවලට අත පෙවුවම වනදේ තමයි ඔය.මහින්ද යුගයේ කොතරම් විදේශ මුදලක් මහා භාණ්ඩාගාරයේ තැන්පතු කරද පැමිණියේ.අද කෝ ඒ මුදල්? නොදන්නා වගකීම් දන්නබව හඟවා රටකට කරපු අපරාදයක් නොවේදමේ? මෙයින් දුක්විඳින්නේ කවුරුද? අසරණ ජනතාව නොවේද?ආණ්ඩුවේ ඉන්නා මැති ඇමතිවරු නම් කිසිම අඩුපාඩුවක් නැතිව ජිවත් වේවි නමුත් මෙයින් එන්න එන්නම අසරණ වන්නේ රටයි රටේ ජනතාවයි නේද?මේ ඉදිරියේදී එන සිංහල අලුත් අවුරුදු සමරන්න වෙන්නේ දුක්සුසුම් මැද නොවේද? අපොයි මෙහෙමත් අසමත් ජාති තිරිසනුන් ටිකක්.

  2. Niru says:

    $ 6 billion investment came to Myanmar last year. Sri Lanka with Jahapakanya cannot hope for anything better with this lot

  3. Sinhalese WAKE UP atleast NOW and chase this eelam yamapalana DIRTY HORU gang home NOW…….motherland in DEEP trouble&tragedy……

  4. venasa says:

    Dan sapadaaaaaaaaa ???????

Main News