රුපියල වට්ටා, ජනතාව බඩගින්නේ තබා, ජාත්‍යන්ර ආධාර ගැනීම සදහා ෆෙඩරල් දීමට ජනමත විචාරණයක්..

September 22, 2018 at 3:00 pm | lanka C news
රුපියල වට්ටා, ජනතාව බඩගින්නේ තබා, ජාත්‍යන්ර ආධාර ගැනීම සදහා ෆෙඩරල් දීමට ජනමත විචාරණයක්..

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් අද පැවැති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රුපියල කඩා වැටෙන විට ආණ්ඩුවේ සමහරු කියන්නේ හරි ෂෝක්නෙ කියලා. තවත් සමහරු කියනවා අපට කරන්න දෙයක් නෑ ඕවා ට්‍රම්ප්ගේ වැඩ කියලා. ඇමෙරිකාවේ ට්‍රම්ප්ට පුළුවන් නම් තමන්ගේ මුදල් ඒකකය ශක්තිමත් කරන්න, අපේ ට්‍රම්ප්ලාට ඒක කරන්න බැරි ඇයි කියලා කරුණු දැක්විය යුතුයි.

2009 වසරේ අපි මිට වඩා ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. කොටි ත්‍රස්තාවාදීන් සමග අපි යුද්ධ කරණ අතරේ සමස්ථ ලෝක ආර්ථිකය සෘණ ගියා. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය වැනි ලෝක ආර්ථික බලවතුන් සෘණ ආර්ථික අගයක් වාර්තා කළා. එජාපයේ ආදර්ශය වන සිංගප්පූරුවත් සෘණ ගියා. නමුත් ලංකාව 3.5%ක ආර්ථික වර්ධනයක් වාර්තා කළා. 2009 වසරේ ධන ආර්ථික වර්ධනයක් වාර්තා කලේ රටවල් 26ක් පමණයි. එයින් ප්‍රමුඛ රටක් ලංකාව.

සමස්ථ ලෝකයේම ආර්ථිකය පහලට ගලාගෙන යද්දි එදා ජනාධිපති ධූරය වගේම මුදල් ඇමති ධූරයත් දැරුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඇමෙරිකාව එක්සත් රාජධානිය ප්‍රංශය සිංගප්පූරුව සෘණ වර්ධනයක් නම් සමස්ත ලෝකයත් සෘණ වර්ධනයක් නම් අපි විතරක් ධන වර්ධනයක් පෙන්වන්නේ කොහොමද කියලා අහන්න එතුමාටත් තිබුණා. එහෙම නැතිනම් රටේ ණය බර 100% ඉක්මවා යෑමට සැලැස්වූ චන්ද්‍රිකා මැතිණියට සහ අගමැති රනිල්ට බැන බැන ඉන්න තිබුණා. නමුත් එහෙම කලේ නෑ. මුළු ලෝක ආර්ථිකයම පහලට ගලා බසින අතරේ මෙතුමා ලංකාවත් අරගෙන උඩු ගං බලා පිහිනුවා.ලෝකය යන අතට යන නායකයෙක් නොවෙයි මේ මොහොතේ රට ඉල්ලා සිටින්නේ උඩු ගං බලා පිහිනා අර්බුදයට මුහුණ දිය හැකි නායකයෙක්.

මුදල් ඒකකය ස්ථාවර කිරීමේ වගකීම නීතියෙන්ම පවරා තිබෙන්නේ මහ බැංකුවටයි. නමුත් මහ බැංකුව මේ අර්බූදය පිළිබඳ ප්‍රකාශයක් වත් කරන්නේ නෑ. රුපියල කඩා ගෙන වැටීම හමුවේ ඇමතිවරුන්ගේ සතුටත් මහ බැංකුවේ නිහඬතාවයත් නිසා රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාව සහ ආර්ථිකය කඩා වැට්ටවීම අතර සම්බන්ධයක් තිබෙන බවට අපට සාධාරණ සැකයක් මතු වෙනවා.

1997 වසරේ ඉන්දුනීසියානු රුපියා මේ වගේම කඩා ගෙන වැටුණා. උදේ වැඩට යන විට බස් ගාස්තුව රුපියා එකයි නම් ගෙදර යන කොට රුපියා දෙකයි. පසුව දා වැඩට යන විට රුපියා දෙකයි. විනිමය අනුපාතය ඉහළ යන විට උද්ධමනය ඉහළ ගියා. බඩු මිළ දරා ගන්න බැරිව ජනතාව කන්න නැතිව ගියා.

ඉන්දුනීසියාව බේරා ගන්න ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආධාර අරගෙන ආවා. හැබැයි එක කොන්දේසියක් උඩ. ඒ තමයි බෙදුම්වාදි යුද්ධයක යෙදී සිටින නැගෙනහිර තිමෝරයට වෙන් වී යෑමට ඉඩ දෙන්න ඕනි කියලා. ජනාධිපති සුහර්තෝ ඒක බෑ කිව්වා. මෙන්න බොලේ මෙතරම් දවසක් මව්බිම නැතිනම් මරණය කිව්ව ඉන්දුනීසියානු ජනතාව නැගෙනහිර තිමෝරයට වෙන් වෙන්න ඉඩ දීලා හරි අපට කන්න දීපල්ලා කියලා පෙලපාලි යනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් කඩා වට්ටා, ජනතාව බඩගින්නට තල්ලු කරලා, පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කලොත් ජාත්‍යන්තර ආධාර ගන්න පුළුවන් කියන මතය හදලා, ජනමතවිචාරණයකදී කවදාවත් මේ රටේ ජනතාව ලවා බෙදාගන්න බැරි රට, බඩ ගින්නේ තබා බෙදා ගැනීමේ කුමන්ත්‍රණය මේක පිටිපස්සෙ තියෙනවා කියන එක අපි ඉතාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඉන්දුනීසියාව කැබලි වලට කැඩී ගිහිල්ලා අපට උගන්නපු පාඩම තමයි රුපියා එක රැකගත්තොත් රට රැකෙනවා රුපියා එක විනාශ වුනොත් රට කැබලි වලට කැඩෙනවා කියන එක. ලංකාවේ රුපියල් සම්බන්ධයෙන්ද ඒ පාඩම ඒ විදිහටම අදාලයි.

– අරවින්ද අතුකෝරල

9,389 Viewers

8 Comments to “රුපියල වට්ටා, ජනතාව බඩගින්නේ තබා, ජාත්‍යන්ර ආධාර ගැනීම සදහා ෆෙඩරල් දීමට ජනමත විචාරණයක්..”

  1. Nuwan says:

    ඒ කියන්නෙ මේක ආර්ථික ප්‍රහාරයක්. මහ බැංකු කේස් එකත් මේකෙ කොටසක් ද?

  2. සරත් says:

    මම ඉස්සර ඉඳල කියුව්වේ,මහබැංකුවට මහේන්ද්‍රන් කෙලියේ කොටි ප්‍රෝග්‍රෑම් එකකට.ලංකාවේ ආර්ථිකයට වදින තරමට අපේ මිනිස්සුන්ට රටට දැයට තියෙන ආලය නැතිවෙනවා.ලංකාවේ සිදුවන ජවිපෙ වෙනස්වීම,මහබැංකු ව විනාශ කිරීම,ම්යිත්රිපාල ජාධිපති කිරීම ,මහබැංකු අධිපති දෙමළ වීම සියල්ලම හරහා රට ෆෙඩරල් වීමට අවශ්‍ය පරිසරය සකස් කරමින් පවතිනවා .සිංහල අපි කණ්ඩායම් කීයකට බෙදිලා ඉන්නවද

  3. සීගිරි says:

    අද රටට අවශ්‍ය වී ඇත්තේ විප්ලවයක් මිසක් රාජපක්ෂලාව නැවත බලයට ගෙන ඒමවත් යහපාලනය ඉදිරියට ගෙන යාමවත් නොවේ….මේ වෙලාවේ පැන නැගි ඇති එම ඓතිහාසික අවශ්‍යතාවයට පටහැනිව ක්‍රියා කිරීම ලඳ බොලඳ අවස්තාවාදයයි,ගින්දර සමග සෙල්ලම් කරන්නට යෑමකි.
    තමන් නිල විපක්ෂය යයි කියා ගන්නා පොහොට්ටුව හා අ‌නෙකුත් පක්ෂද ශ්‍රී ලංකා බූදලයට හිමි කම් කියා ගන්නා ‌‌දේශපාලන උරැමක්කාර‌යින්වද‌‌ පැත්තකට තල්ලු කරමින් ‌‌පොදු ජනතාවගෙ ස්වාධීන සංවිධානත් ස්වාධීන අරගලත් මතු වන්නට පටන්ගෙන ඇත….රට කාලයක් අපේක්ශා කල අළුත් නායකත්වයන් බිහිවන්නට පටන්ගෙන ඇත.
    රාජපක්ෂලාත්,රනිල්ලාත් ඔවුන්ගේ හෙන්චයියනුත්, සමස්ත පාර්ලිමෙන්තු මාෆියාවත් තමන්ගෙත් තම මව් බිමේත් පොදු හතුරා බව මේ රටේ ජනතාව අවබෝධ කර ගනිමින් සිටී.සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේම බෙල්ල ණය උගුලක හිර කරවමින් කානිවල් දැමු රාජපක්ෂ මහදැනමුත්තා හා ගෝලයෝ රොත්තත්,එම ණය ගෙවන්න ජනතාව මත බදු පිට බදු ගසමින් මළ පුඩුව තවත් තද කරන යහපාලන යමපල්ලනුත් දෙ‌ගොල්ලක් නොව එකම රකුසාය.

    • සත්‍යා,චම්පා,සීගිරි. says:

      මුලින්ම මා සත්‍යා නමින් ෆොන්සේකා සරණ ගියෙමි.අපා,දෙපා,සිව්පා සතුන් මා එහිදී ඇසුරු කලෙමි. පසුව මම චම්පා නමින් මෛත්‍රීට කඩේ ගියෙමි.ඔහුගේ කුණු කිලිටි සේදුවෙමි.අද මම ජවිපෙට කඩේ යමි.උන්ට රෙද්දක් නැති නිසා උන් හෙළුවෙන් ඉන්නා බවත් දනිමි.මාද හෙළුවෙන් ඉන්නා බැවින් සීගිරි නමින් බෞතීස්ම කර ඔවුන් සමගින් හෙළුවෙන් සිට ගනිමි.

  4. මරා හොරා says:

    යහපාලන ප්‍රේමී ජනතාව, ක්‍රෝටන් කොළ මෑල්ලුමුයි , කොස් කොල බෑදුමයි කාලා ගොං කරත්තෙන් යනකොට කොහොමද වෙනස …………. ?

  5. Jamis says:

    Oya katawachalakama nawatthala thmange pakshe sadahawath haanduruwo Tinka hadaganna balanawa.

  6. දුගී_පුරවැසියා says:

    ඔබ හරි. පසුගිය ‍යුද්ධයේදීත් උතුරු නැගෙනහිර දීලදාමු කියපු කට්ටියක් හිටිය.

  7. Kasun says:

    Sri lanka economy eka kathakarana kena kauda kiyala beluwa 8 pass nathi wimal wage gobbayo eka parak mahinda kiyana නාමය විනාශ karala demma ai me කාලකණ්ණි denna e uthim මනුස්සයා විනාශ karanawa

Main News