රෙජී රණතුංග 80 වන ජන්ම දින සැමරුම මහින්දගේ ප‍්‍රදානත්වයෙන්…

April 19, 2017 at 2:41 am | lanka C news | ලංකා සී නිවුස්
රෙජී රණතුංග 80 වන ජන්ම දින සැමරුම මහින්දගේ ප‍්‍රදානත්වයෙන්…

ශ‍්‍රි ලංකා පනිදහස් පක්‍ෂයේ ජ්‍යේෂ්ඨතම දේශපාලනඥයෙකුවූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 80 වන ජන්ම දින සැමරුම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 22 වන සෙනසුරාදා පෙරවරු 9.00 ට උඩුගම්පොල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පැවැත්වේ.

ත්‍මවර රෙජී රණතුංග ගුණසමරු දේශනය පවත්වනු ලබන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අජිත් දිසානායක මහතා විසිනි. මෙම උත්සවයට සමගාමීව ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රිවරයාගේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමද හිටපු ජනාධිපතිවරයා අතින් සිදු කෙරේ.

1937 අපේ‍්‍රල් මස 22 වන දින උඩුගම්පල විසු දොන් ජේමිස් රණතුංග මහතාට සහ සේරනෝනා ගුණසේකර මහත්මියට දාව සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැනි දරුවා වශයෙන් මෙලවට බිහිවූ රෙජී රණතුංග මහතා මිනුවන්ගොඩ නාලන්දා විදයාලයෙන්ද මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන්ද, කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙන්ද අධ්‍යාපනය හදාලේය. ඔහු රුමේනියානු ජනරජ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබ`ද උපාධිධාරියෙකි.

1962 වර්ශයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත් රෙජී රණතුංග මහතා මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1982 වර්ෂයේදීය. 1994 මැතිවරණයෙන් පසු ප‍්‍රවාහන පාරිසරික වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙෂ පත්වූ රෙජී රණතුංග මහතා වරාය සංවර්ධන. පුනරුත්තාපන හා ප‍්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්. සිවිල් ගුවන් සේවා. ආහාර හා අලෙවි සංවර්ධන කැබිනට් අමාත්‍යධූරයන්හිත් කටයුතු කර තිබේ. වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙසද රණතුංග මහතා කටයුතු කර ඇත.

නයනා නන්දනී රණතුංග මහත්මිය සමග විවාහවූ රෙජී රණතුංග මහතා දරුවන් සය දෙනෙකුගේ පියෙකි. ඔහු හිටපු බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු සහ වත්මන් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග මහතාගේ සහ හිටපු ක‍්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආදරණිය පියානන්ද වේ.

– ප‍්‍රදීප් අනුර කුමාර

5,194 Viewers
Main News