රේස් බුකි ව්‍යාපාර ඇතැයි අධිකරණයේදී පිලිගනී.. තිලංග ක‍්‍රිකට් සභාපති සටනින් ඉවතට..

April 27, 2018 at 10:00 am | lanka C news
රේස් බුකි ව්‍යාපාර ඇතැයි අධිකරණයේදී පිලිගනී.. තිලංග ක‍්‍රිකට් සභාපති සටනින් ඉවතට..

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් තරග වදින බවට පැවසුවද ඔහු අධිකරණය ඉදිරියේ තම පවුලට බුකී ව්‍යාපාර ඇතැයි පිළිගැනීම හේතුවෙන් නිලවරණ කමිටුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් මහපුටු සටනින් ඉවතට විසිවනු ඇති බවට හෙළිවේ.

මෙහිදී සභාපති ධුරයට තිලංගගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මොහාන් ද සිල්වා තරග වදින බවට පැවසෙන අතර, ඔහු සභාපති ධුරයට මෙන්ම ලේකම් ධුරයටද නාමයෝජනා භාරදීමට නියමිත බවට වාර්තා වේ.

මීට අමතරව වත්මන් උපසභාපති කේ. මතිවානන් මහතා තිලංග පාර්ශ්වයෙන් මෙවරද නාමයෝජනා ලබාදෙන බවට තහවුරු වී ඇති අතර, වත්මන් භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා උපසභාපති ධුරයට සහ ලේකම් ධුරයට යන තනතුරු ද්විත්වයටම නාමයෝජනා භාරදීමට නියමිත බවට අනාවරණය වේ.

තිලංග පාර්ශ්වයෙන් භාණ්ඩාගාරික තනතුර සඳහා යෝජනා වී ඇත්තේ නුශ්කි මොහොමඩ් මහතා වන අතර, ඒ සඳහා අවසන් තීන්දුවක් 25දා සවස් වනතුරුත් ගෙන නොතිබුණි.

– ada

19,160 Viewers

One Comment to “රේස් බුකි ව්‍යාපාර ඇතැයි අධිකරණයේදී පිලිගනී.. තිලංග ක‍්‍රිකට් සභාපති සටනින් ඉවතට..”

  1. sinha le says:

    නුශ්කි මොහොමඩ් ක්‍රිකෙට් ක්‍රීඩාවත් හලාල් ක‍රන්න යන්නේ මෙය වහාම නැවත් විය යුතුය

Main News