රෝහලට කඩා වැදී දේපල වලට පහර දි අලාභ හානි කරයි…

December 2, 2018 at 2:04 am | lanka C news
රෝහලට කඩා වැදී දේපල වලට පහර දි අලාභ හානි කරයි…

ත්‍රිරෝද රථයකින් මස්කෙලිය රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝහලේ ඉදිරිපස ජනේල්වල විදුරුවලට පහර දි අලාභ හානි සිදු කර පලා ගිය බව එම රෝහලේ ප්‍රධාන වෛද්‍යය නිලධාරි කේ.ලියදපිටිය මහතා පැවසිය.

රෝහලට පැමිණි ඒ පුද්ගලයා රෝහ‍ලේ ඉදිරිපස ජනේලයේ  විදුරු හතරක් අතින් පහර දි කඩා අලාභ හානි සිදු කර එම සැකකරු තුවාල සහිතව ත්‍රිරෝද රථයෙන්ම පලා ගිය බවයි දිස්ත්‍රික් වෛද්‍යවරයා කියා සිටියේ.

සැකකරු  පැමිණි  ත්‍රිරෝද රථ අංකය මස්කෙලිය පොලිසිය වෙත භාර දි  පැමිණිල්ලක්ද සිදු කල බවත්, මෙම පහර දිමට හේතුව තමන් නොදන්නා බවයි මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ අදාල සැකකරුව ත්‍රිරෝද රථය සමග අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,182 Viewers

Leave a Comment