රෝහල්වල ඖෂධ හිඟයක් නෑ.. GMOA කියන්නේ බොරු..

September 13, 2017 at 8:02 am | lanka C news
රෝහල්වල ඖෂධ හිඟයක් නෑ.. GMOA කියන්නේ බොරු..

කොළඹ ජාතික රෝහල ඇතුලු සමස්ත රෝහල් පද්ධතිය තුලම දැඩි ඖෂධ හිඟයක් ඇති බවටත්, උතුරුමැද පළාතේ ග්‍රාමීය රෝහල් වැසීයාමේ අවධානමක් ඇති බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ලබාදී ඇති ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ එම රෝහලේ ඖෂධ හිඟයක් නොමැති බවයි. රෝගීන්ට අභන්තර සහ බාහිර වශයෙන් ලබාදෙන ඖෂධ අඛණ්ඩව ලබාදෙන බව ද එම නිවේදනයේ සදහන් වෙයි.

තවද උතුරු මැද පළාතේ වැලිකන්ද, කහටගස්දිගිලිය, ගලෙන් බිදුණුවැව, කැබිතිගොල්ලෑව වැනි රෝහල් වැසී යාමේ අවධානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති ප්‍රකාශය උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එම් පාලිත බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කරයි. එම රෝහල් වැසී යාමේ අවධානමක් කිසිම විටෙක නොමැති බවත්, රෝගී සත්කාරක සේවා නිසි පරිදි සිදු කරන බවත්, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටියි.

සමස්ත රෝහල් පද්ධතිය තුලම කිසිදු ඖෂධ හිඟයක් නොමැති අතර, ඖෂධ හිඟය මගහැරවීම සදහා මෘදුකාංගයක් හදුන්වා දී ඇත. ඒ අනුව කිසියම් රෝහලක ඖෂධ හිඟයක් පවතී නම් ලඟම පිහිටි රෝහලෙන් එම හිඟ ඖෂධ ලබාගැනීමට රෝහල් බලධාරීන්ට අවසර ලබා දී ඇත. තවද වෛද්‍ය සැපයීම් අංශය රෝහල් වලට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබාදෙන අතර, කිසිම ඖෂධ හිඟයක් වාර්තා නොවන බව ද සදහන් කරයි.

– ප‍්‍රසන්න අධිකාරී

1,693 Viewers

2 Comments to “රෝහල්වල ඖෂධ හිඟයක් නෑ.. GMOA කියන්නේ බොරු..”

  1. Premarathne says:

    48 WATTUWE APE LEDEK INNAWA, MRI SCAN EKA KARATA PASSE DENA BEHETH APITA PITIN GENATH DENNA KIWWA,

  2. බබා උක්කුන් says:

    කුණු දතාගේ විශ්වාසභංගයට මොකද වුනේ?. අල්ලස් කොමිසමට ඉදිරිපත් කරපු චෝදනා සම්බන්දයෙන් විභාග නොකරනවට විරුද්දව කොමිසමට විරුද්ධව ශ්‍රේස්ටාධිකරණයේ නඩු දාන්න බැරිද?
    රටට සෙතක්, යහපතක් වෙන්න නම් මේකව එල්ලන්නම ඕන.මු රටට පිළිලයක්.

Main News