ලංකාවට ඇමරිකාවෙන් ඉන්ටනෙට් ගෙනාවේ මමයි.. නීති දමා ෆේස්බුක් පාලනය කරනවා..- අගමැති..

March 14, 2018 at 10:51 pm | lanka C news
ලංකාවට ඇමරිකාවෙන් ඉන්ටනෙට් ගෙනාවේ මමයි.. නීති දමා ෆේස්බුක් පාලනය කරනවා..- අගමැති..

ලංකාවට පළමුවෙන්ම අන්තර්ජාලය ගෙනාවේ තමන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ ඉසිපතන විදුහලේදී පැවති උත්සවයක් අමතමිනි.

ඉදිරි සති කිහිපයේදී ෆේස්බුක් පාලනයට නීති සකසන බවද කී අගමැතිවරයා මෙසේද කීවේය.

‘1993 වසරේ අගමැතිවරයා ලෙස මා අමෙරිකාවට ගොස් එවකට එරට උප ජනාධිපති ඇල්ගෝ සමග මේ පිළිබඳව ගිවිසුමක් අත්සන් කළා. අප අන්තර්ජාල ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ලෝකය සමග එකතු විය යුතු නිසයි. ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාලා තුළින් වෛරී සහගත පණිවුඩ, ජාතිවාදය, වර්ගවාදී ගැටුම් වැඩිකරන පණිවුඩ ගලා යනවා. එක් කණ්ඩායමක් යම් වෛරී පණිවුඩයක් යැවූ විට අනෙක් පැත්තෙන් ඊට ප්‍රතිචාර ගලාගෙන එනවා.

පසුගිය සතියේ සඳුදා තෙල්දෙනිය, දිගන ප්‍රදේශයේ කෝලාහල ඇති වුණා. සාමාන්‍ය කෝලාහලයක් ඇතිවූ විට පළමු දිනයෙන් පසුව එය පාලනය කිරීමට හැකි වෙනවා. නමුත් එදින උදේ එම තත්ත්වය පාලනය කළත්, සවස් වන විට නැවතත් ගැටුම්කාරී තත්ත්වය ඇති වුණා. කැබිනට් මණ්ඩලය සමග මේ තත්ත්වය සාකච්ඡා කළ විට අලුත් අභියෝගයකට මුහුණදීමට තිබෙන බව ආරක්ෂක අංශ දැනුම් දුන්නා. ෆේස්බුක් හරහා එවන වෛරී සහගත පණිවුඩ තුළින් සමාජය ගිනි තබන බව ඔවුන් දැනුම් දුන්නා. අම්පාර ප්‍රදේශයේ මේ තත්ත්වය දකින්නට හැකි වුණා. සංඝයා වහන්සේ ඝාතනය කර ඇති බවත්, පන්සල්වලට ගිනි තබා ඇති බවත් කියමින් බොරු ප්‍රචාර පතුරුවනු ලැබුවා. මේ නිසා මිනිසුන් කලබල වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙනවා.

මෙම හේතු සලකා බලා කෙටි කාලයකට සමාජ මාධ්‍යජාලා වෙත පිවිසීම අවහිර කිරීමට ආරක්ෂක අංශ යෝජනා කළා. ඊට අනුමැතිය ලැබුණු පසු අඟහරුවාදා සවස් වන විට සමාජ මාධ්‍යජාලා තාවකාලිකව අවහිර කරනු ලැබුවා. බදාදා උදය වරුව වන විට කලබල කෝලාහල පාලනය කිරීමට හැකියාව ලැබුණු බව ආරක්ෂක අංශ අපට වාර්තා කළා.

සමාජ මාධ්‍යජාල තහනම් කිරීමට කිසිවෙකුටත් වුවමනා නැහැ. නමුත් මේ අංශ පිළිබඳව අධීක්ෂණය කරන, ක්‍රියා කරන මාර්ගයක් තිබිය යුතුයි. අප මීට පෙරත් ෆේස්බුක් සමාගමට මේ පිළිබඳව දැන්වූ විට සීඝ්‍රයෙන් ක්‍රියා කළේ නැහැ.

ඊට අමතරව රජයෙන්, නීතිය හා සාමය අමාත්‍යංශයෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා නීති පද්ධතියක් ගෙන ඒම පිළිබඳව සලකා බලමින් සිටිනවා. එංගලන්තය වැනි රටවල වෛරය පතුරවන ක්‍රියා වළක්වන නීති තිබෙනවා. ඒ නිසා ජාතික, ආගමික වශයෙන් වෛරයන් ඇති කරන්නට බැහැ’

– webgossip.lk

11,874 Viewers

20 Comments to “ලංකාවට ඇමරිකාවෙන් ඉන්ටනෙට් ගෙනාවේ මමයි.. නීති දමා ෆේස්බුක් පාලනය කරනවා..- අගමැති..”

  1. sd says:

    එතකොත ඉන්ටෙර්නෙට් හොයාගත්තේ චතුර සේනාරත්න ද ? දන්නේ නැ

    • Silva CC says:

      ඉන්ටනෙට් කවුරුත් කරේ තියාගෙන ලංකාවට ගෙනාවේ නැහැ. ඒක අවහිර කල නොහැකි ප්‍රචණ්ඩ සැඩ පහරක් ලෙස ලොව හැම අස්සක් මුල්ලක් නෑරම ආවරණය වන පරිදි ගලාගෙන ගියා. ඒකෙන් මගහැරිලා ඉන්න පුළුවන් කිසිම කලාපයක් ලෝකේ නැහැ. කවුරු හරි කියනවානම් ඒක අරගෙන ආවේ තමුන් කියලා, එකෙන් පෙනෙන්නේ ඔහුගේ නුවනේ ප්‍රමාණයයි. මෙවන් පුද්ගලයින් රට පාලනය කරනවිට, ජනතාවට මුහුන දෙන්න වන ඉරණම අහන්න දෙයක් නෙවෙයි….!!!

    • Amda says:

      😀 😀 😀

    • මාධ්‍යයේ මිතුරා says:

      කටයි පදික්කමයි දෙකම මුහන්දිරම්ගේනම් දුප්පත් අපි මක්කා කරන්නද ? එයාගේ පඩි සල්ලි වලින් අන්තර් ජාලේ ගෙනාවලුනේ ..ඒ හින්ද එයාට එකට ඕන දෙයක් කරන්න පුළුවන් .

  2. azeem says:

    akamatthen unath piliganna wenawa,lankawata internet genawe ranil

    • naluwek newai molayak says:

      oka mahindaya keruwanam kohoma kegahaida??? penawane naw enne nathi warayakui kelawak athule monaruntai walalintai laginna hadapu airport ekai komis gahanna onawata parawal tikakui karpet karala redde rewenakan kegahana heti.. e athin ranil ge boru kaiwaru nehe

  3. Ra says:

    බැලුවම ඔක්කොම මල ජරාවල් ගෙනත් තියෙන්නේ මූ

  4. රටවැසියා says:

    වාවගන්න බෑ බොලව් මේ යකාගේ ජෝක්ස්

  5. Nim says:

    PALAMUWATH LOKAYATA MA
    MAHA BANKU MANKOLLAYE
    KIYA DUNNETH MAMY
    CHATURA NEMAI.

  6. Farook Ameen says:

    The whole story of coming internet to Sri Lanka is here. Please read the article. It says the very first ISP is SLT and it took place in 1995 when Mrs. Chandrika Bandaranayake was the president.

    http://www.ft.lk/article/436213/Sri-Lanka-celebrates-20-years-of-internet

    • rotiya says:

      1993 දී ආර් ප්‍රේමදාස මැරුණම ආපු තාවකාලික අගමැති විදියට මෙයා ආවේ …මෙයා කරපු දෙයක් නැහැ …මංගල සමරවීර චන්ද්‍රිකාගේ ආණ්ඩුව කලේ විදුලි සංදේශ ඇමති විදියට අන්තර් ජාලෙට ලංකාව සම්බන්ද කලේ…

  7. FREE says:

    “ලංකාවට ඇමරිකාවෙන් ඉන්ටනෙට් ගෙනාවේ මමයි.අගමැති”.
    හරි ඒක එහෙමයි කියමුකො,
    එතකොට ලංකාවට සිංගප්පූරුවෙන් අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනාවෙ කවුද​??????????’

  8. mp says:

    ඒ උනාට ඉන්ටනෙට් ලංකාවට ආවේ ජපනෙනුයි සින්ගප්පූරුවෙනුයි… කතා කරලා තියෙන්නේ ඇමෙරිකාව එක්ක…!!! අපි නොදන්නා ඉන්ටනෙට්…!!!

  9. uiu says:

    දැලි පිහියෙන් කිරිකන්නෝ !

  10. john the baptice says:

    පාලනය ක‍රන්න බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ

  11. Lanka says:

    Did he bring it from his pocket? What a jokers in Yahapalanaya………

  12. සෝභිත says:

    ලංකාවෙ මහ බන්කුවට විද්දෙත් මමයි

  13. Pedro says:

    You are 100% correct, I am the person help to UNLOAD YOUR SUIT CASE from the WHEEL BURROW. RANIL GO & FLY A KITE..

Main News