ලංකාවේ දූෂිතම සහ භයංකාරම රාජ්‍ය නිලධාරියා ගෝඨාභය රාජපක්‍ෂයි..- මංගල

May 20, 2018 at 10:30 pm | lanka C news
ලංකාවේ දූෂිතම සහ භයංකාරම රාජ්‍ය නිලධාරියා ගෝඨාභය රාජපක්‍ෂයි..- මංගල

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඥාති – ගජ – මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ මුළු රට තුළ ම සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන් ද රට හුදෙකලා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට නැවත වාරයක් ‘විපත් මග’ ට ඇද දැමීමේ මහත් උත්සහයක නිරත වන බව පෙනේ.

ශ්‍රී ලංකාවට මෙන් ම ලෝකයට ද සුදු වෑන් භීෂණය මුලින් ම හඳුන්වා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා රට සංවර්ධනය කිරීමට නම් පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් තොරව සිටිය යුතු යැයි මෑතක දී පවසා ඇත. අප රටේ බිහි වූ වඩාත් ම දූෂිතම සහ භයංකාර ම රාජ්‍ය නිලධාරියා වශයෙන් සැලකිය හැකි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කතා කරන්නේ මැරී යළි උපදුණු කුඩා දරුවකු මෙන් ය. මේ වන විටත් ඔහුට විරුද්ධව අධිකරණය ඉදිරියේ හා පොලිසියේ පරීක්ෂණ රාශියක් පවත්වමින් තිබේ.

• දූෂිත මිග් යානා ගනුදෙනුව
• රාජ්‍ය වියදමෙන් මාපියන් වෙනුවෙන් ස්මාරක ඉදි කිරීම
• මාධ්‍යවේදීන්ට පහර දීම හා අතුරුදන් කරවීම
• දූෂණය භීෂණය පැතිරවීම
• නීති විරෝධී අවි ගබඩා මගින් රජයට අය විය යුතු ආදායම් අහිමි කිරීම ආදී ක්‍රියා කිහිපයක් මෙහි දී සඳහන් කළ හැකි ය.

මෙවන් චෝදනා ඉදිරියේ උසාවියට පැමිණ ඔහුගේ නිර්දෝශීභාවය ඔප්පු කරනවා වෙනුවට අතිදක්ෂ නීතිඥයන් මාර්ගයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාවට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීමේ කටයුත්තෙහි පමණක් නිරතව සිටියි. මෙපමණක් නොව රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව ද මේ හා සමාන චෝදනා විභාග වෙමින් පවතී. අද ජනතාව නොමග යවා යළිත් බලය ඩැහැගැනීමට වෙර දරන්නේ මේ සියලු නඩු යටපත් කිරීමට තිබෙන නොඉවසිල්ල නිසා සහ යළි වතාවක් රටේ සම්පත් සූරා කෑමට තිබෙන අවශ්‍යතා මත විනා රටට ඇති ආදරය නිසා නොවන බව පැහැදිලි ය.

එපමණක් නොව 2015න් පසුව මේ රටේ ආර්ථිකය අභියෝග රාශියක් මධ්‍යයේ වූව ද ශක්තිමත් කිරීමට අප රජයට හැකි වීම ගැන මොවුන් වෛර කරමින් සිටින අතර බොරු සංඛ්‍යා ලේඛන පෙන්වමින් සත්‍ය විකෘති කිරීම තුළින් ජනතාව නොමග යැවීමට ද උත්සහ කරමින් සිටිති.

එවන් අභියෝග ඉදිරියේදී පවා එදාට වඩා ශක්තිමත්ව රට ආර්ථික වශයෙන් හා පරිපාලන වශයෙන් ශක්තිමත් කිරීමට මෙම රජයට හැකි ව තිබේ. පෞද්ගලික ආයෝජන සමගින් ආර්ථිකය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය පැවැති 1990 දී, ද.දේ.නි. 30% ක්ව පැවැති ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2014 වසර වනවිට 12% ක අඩු මට්ටමට පහළ බැස්ස රටක් අප රජය විසින් භාර ගත් බව ඔවුහු නොකියති. එපමණක් නොව ණය බරෙන් තැළී පොඩි වුණු රටක් අපට භාර දුන් බවත් ඔවුහු නොකියති.

2019 වසර වන විට ඉතිහාසයේ වැඩි ම ණය වාරිකය වන ඇ.ඩො. බිලියන 4.2 ක් ගෙවීමට සිදු වීම යහපාලන ආණ්ඩුව විසින් ඇති කර තිබෙන ණය අර්බුදය බවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා යළි වතාවක් චෝදනා කර තිබුණි. සිහි බුද්ධිය හා කල්පනා ශක්තිය හීන වී ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ මතකය අවධි කිරීම සඳහා පහත කරුණු යොමු කරමි.

1948 නිදහසෙන් පසුව වැඩිම විදේශ ණය සඳහා ගෙවීම් සිදුකිරීමට ඇත්තේ 2018 වසරේ දී ය. එම මුදල ඇ.ඩො. මිලියන 2845ක් වන අතර ඉන් ඇ.ඩො. මිලියන 1789 ක් ම 2015 වසරට පෙර ලබාගත් ණය වාරිකයන් ය. 2015ට පසු ලබාගත් ණය සඳහා ගෙවීමට ඇත්තේ ඇ.ඩො. මිලියන 1056 ක් පමණි. මේ අනුව බලන කල මෙම වසරේ පියවීමට ඇති ණය වාරිකවලින් 63%ක් ම ගෙවීමට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලයේ ණය සඳහා ය. 2017 වසරේ එය 75% ක මට්ටමක පැවතිණි.

ලබන වසරේ මෙම තත්ත්වය මීටත් වඩා බරපතල ය. 2019 වසරේ දී ඇ.ඩො. මිලියන 4285ක් ගෙවීමට ඇති අතර එයින් ඇ.ඩො. මිලියන 3315 ක් හෙවත් 77%ක්ම ගෙවන්නේ රාජපක්ෂ සමයේ දී ලබා ගත් ණය වෙනුවෙන් ය.

තවත් අමෙරිකානු ඩොලර් මිලියන 3768 ක් ණය වාරික සහ පොළිය වශයෙන් 2020 දී ගෙවීමට සිදු වන අතර එයින් 77%ක් නැතහොත් ඇඩො මිලියන 2905 ක් ගෙවිය යුතු වන්නේ 2015 වසරට ප්‍රථම ගත් ණය වෙනුවෙන් ය. 2015න් පසු ලබා ගත් ණය වෙනුවෙන් ගෙවීමට ඇත්තේ ඇ.ඩො. මිලියන 863 ක් පමණි. 2021 වසරේදී විදේශ ණය ගෙවීම් වලින් 83% ක්ම 2015 ට පෙර ලබාගත් ණය සඳහාය. මෙයට අමතරව වසර 2030දී පවා ගෙවිය යුතු ණය මුදලෙන් 72%ක් ම ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ නාස්තිය වංචාව හා දූෂණය වෙනුවෙන් ගෙවිය යුතු ණය සඳහාය.

2019 දී ගෙවිය යුතු ණය වාරිකයට 2014 ජනවාරි මස 06 වැනි දා 6%ක පොලිය යටතේ පස් අවුරුද්දකින් ගෙවීම සඳහා ලබා ගත් ඇ.ඩො. මිලියන 1000ක් ද, 2014 අප්‍රේල් 07 වැනි දා 5.1% පොලිය යටතේ පස් වසරකින් ගෙවීමට ලබා ගත් ඇ.ඩො. මිලියන 500ක් ද ඇතුළත් ය. මෙසේ වාණිජ පොලියට ලබා ගත් ඇ.ඩො. මිලියන 1500 මුදල, 2019 වසරේ දී කල් පිරෙන බැවින් මෙම මුදල පොලිය සමග එක් වරම ගෙවිය යුතු වේ. මහින්ද රාජපක්ෂ රජය විසින් 2014 දී මෙම මුදල් ලහි ලහියේ ලබාගෙන ඇත්තේ රට සංවර්ධන කිරීම සඳහා නොව මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සිල් රෙදි වැනි භාණ්ඩ ජනතාව අතර බෙදා හැර ඔවුන්ව නොමග යැවීම සඳහා ය.

මෙම රජය බලයට පත් වූ පසු පසුගිය වසර තුනක් ඇතුළත ඇ.ඩො. බිලියන 12ක් විදේශවලින් ණය ලබාගෙන ඇති අතර ඉන් බිලියන 6ක් ම ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර ණය දෙන සංවිධාන හා ද්වීපාර්ශ්වීය පදනම මත සහනදායී පොලී මත ලබාගත් ව්‍යාපෘති ණය වන අතර ඒවා මහින්ද රාජපක්ෂ මහතා විසින් හුවා දැක්වීමට උත්සහ දරන පරිදි වාණිජ පදනමින් ලබා ගත් හෝ පරිභෝජනය සඳහා ලබාගත් ණය නොවේ.

2015න් පසු ලබා ගෙන ඇති සමස්ත ණයවලින් 48% පමණ ම භාවිත කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළ ලබා ගත් ණය ආපසු ගෙවීම සඳහා ය. 2015 දී මෙවැනි ණය බරකට මෙම රජයට කර ගසන්නට සිදු වුව ද සංවර්ධන කටයුතු එදාටත් වඩා වේගයෙන් හා ජනතාවට ප්‍රතිලාභ අත්වන අයුරින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා නිවාස ක්ෂේත්‍රය සඳහා මෙම රජය විසින් කරන ලද පහත වියදම් ඒ සඳහා කදිම සාක්ෂියකි. (වැය කිරීම් රුපියල් බිලියන)

2014    2015    2016    2017
අධ්‍යාපනය    190      225      238      257
සෞඛ්‍ය         138       178      186      197
නිවාස            173      238      259     274

අධ්‍යාපනය සඳහා 2014 වසරේ දී ද.දේ.නි 1.8%ක මුදලක් වැය කළ ද 2017 වන විට එම වියදම ක්‍රමයෙන් ද.දේ.නි 1.9% දක්වා වැඩි කර ඇත. ඉදිරි වසර කිහිපය තුළ එය ක්‍රමයෙන් ද.දේ.නි 6% දක්වා වැඩි කරනු ඇත. සෞඛ්‍ය සඳහා වැය කරන මුදල ද ඉදිරි වසර කිහිපය තුළ ද.දේ.නි. 3.5% දක්වා වැඩි කරනු ඇත. සුභසාධන සඳහා වන වියදම 2014 වසරේ පැවති රු. බිලියන 165 සිට 2017 වසරේදී රු. බිලියන 265 දක්වා වැඩිකර ඇත. එය ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස 1.6% සිට 2% දක්වා වැඩිවීමකි.

මෙම රජය බලයට පත් වූ වහා ම රුපියල් 10,000 කින් පඩි වැඩි කරන බවට පොරොන්දු වූයේ 2006 වසරේ සිට රාජ්‍ය සේවක පඩි ශතයකින් හෝ වැඩි නොකළ හෙයිනි. වැඩි කරන ලද මෙම රුපියල් 10,000 වැටුප 1:4 ට අනුරූපී වන සේ පරිවර්තනය කර ඇති බැවින් සියලු ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2014 ට සාපේක්ෂව 2020 ජනවාරි වන විට 107% කින් වැඩි වෙයි.

2014ට සාපේක්ෂව කිරිපිටි, ගෘහස්ථ ගෑස් හා ඉන්ධන තවමත් අඩු මිලක පවතින අතර රාජ්‍ය සේවක වැටුප 2014 ට සාපේක්ෂව 2020 දී 107% වැඩිවීමෙන් ජනතාවගේ ආදායම වැඩිවී ජීවන බර අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට රුකුලක් වන බව අවධාරණය කරමි. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන මිල වැඩි කළ ද ඒ සියලු ඉන්ධන වර්ගවල මිල රාජපක්ෂ පාලන සමයේ පැවැති මිලට වඩා අඩු බව මේ රටේ ජනතාවට අමතක වී නොමැත.

පසුගිය රජයේ ප්‍රධානීන්ගේ ගජ මිතුරු ආර්ථික ක්‍රමය හේතුවෙන් රටේ ආර්ථික සංවර්ධනය සඳහා කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීය. එවන් පසුබිමක රට පාලනය කළ රාජපක්ෂ පවුලේ සහෝදරයන් යළිත් බලය ඩැහැගැනීම සඳහා ජනතාව ‘විපත් මග’ට ඇද දැමීමට දරණ උත්සාහය පරාජය කරමින් 2025 වනවිට ශක්තිමත් ආර්ථිකයක්, පොහොසත් රටක් බිහි කිරීමේ මෙම රජයේ වැඩ පිළිවෙල සමග එක්වන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.

මංගල සමරවීර
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

17,611 Viewers

40 Comments to “ලංකාවේ දූෂිතම සහ භයංකාරම රාජ්‍ය නිලධාරියා ගෝඨාභය රාජපක්‍ෂයි..- මංගල”

  1. Cim says:

    ප්‍රභාකරන් ලඟට ගෝඪාභයට වැඩියෙන්ම බය මොන්ගලයි.

    • Amda says:

      ගෝටා චන්දෙට එන ආරන්චිය ඇහුනා විතරයි මුන්ට බඩයනවා …හූ හූ

      • chapa says:

        සුගිය රෙජීමය විසින් සිදු කරන ලද්දේ විශාල වශයෙන් චීනයේ වාණිජ බැංකුවලින් ණය ලබාගෙන එම මුදල් රටේ ආර්ථිකයට එකතු කරගනිමින් රජයේ ආදායම ඉහළ දමාගැනීමට කිසිදු උත්සාහයක් නොගෙන රට පවත්වාගෙන යෑමයි. මෙම ආණ්ඩුව බලයට පත්වන විට එහි අවසානයකට පැමිණ තිබූ අතර තවදුරටත් ණය ලබාගත නොහැකි තත්ත්වයකට රට පත්වී තිබුණි.

        මේ අනුව කිව හැක්කේ එක අතකින් රජයේ ආදායම වැඩිකර ගැනීමට රජය දරන උත්සාහයට මාරාන්තික විරෝධයක් හා බාධාවන් සිදුකරන අතර අනිත් අතින් රජයේ සුභසාධන කටයුතු ඉහළ දමන ලෙස රජයට බලපෑම් කිරීමයි. මෙම දෙක අතර ඇති අන්තර් සම්බන්ධය තේරුම් ගැනීමට හෝ එහි ඇති යතාර්ථවාදී බව අවබෝධ කර ගැනීමට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් නැති බව පෙනීයයි.

    • Samuvel says:

      මුන්ට ප්‍රබාකරන් මහත්තයා. කොටි පැරදූ ආරක්ශක ලේකම් නිකම්ම ගෝටාබය.

    • kautilya says:

      Gotabaya bela heenayek nemeine ekai baya.

  2. buwa says:

    meya kiyanawa 2018 ta wada 2019 naya bara wadi wenawa kiyala, ehenam ai ewaga danagena Rajapaksha balayata enna dangalanne? kauru hari dannawanam kiyannako

  3. Man-GAY-La says:

    Ammapa kiyapanko Mangi…

    Umba ara Nadu demma Kollata mokada unee…??

    Ara ara,,, umbe Ange indala behela giya kolla….gedarata wahalen bessa kiyala nadu demme…

    • JOY says:

      අවමංගලගේ කථා ගැන කවර කතාද ? .මේ මංගල වැනි කපටි අවස්ථාවාදීන් අපේ රටේ දේශපාලනයෙන් නෙරපා දැමිය යුතුයි මංගලලගෙ බොරැ වලටය්, පච වලටය්, බොරු පොරොන්දු වලටයි රැවටුනේ සිංහලයො එත් අද එ් සිංහල බොහොමයකට රැවටිල්ලෙ තරම තේරිලා
      අපි අපේ රටේ බෞද්ධ කම රැක ගන්න ඔිනා. බෞද්ධයා එක්සත් වෙන්න ඔින දැන් ..මේ දේශද්‍රෝහී යමපාලනය නෙරපා රට ජාතිය ආගම ආරක්ෂා කලයුතුයි සිහලුනේ
      ගරු ගෝඨාභය රාජපක්‍ෂට ජාතියේ ප්‍රණාමය

  4. pakshikaya says:

    රටට සේවයක් කරපු මේ වගේ දුර්ලබ මිනිසුන්ට මේ වගේ ගරහන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. ගුණය මකන එක මහා අපරාධයක්. අර රනිල්ට බැහැ කිව්වේ එයාට පුළුවන් නිසා කියල කිව්වෙත් මෙයමනේ. මේකත් ඒ වගේ තමයි.

  5. සමස්ත ලංකා සිංහල කොන්ග්‍රසය says:

    වෙන වැඩි කතා එපා ඉක්මනට චන්දයක් තියපන්කො..උ⁣ඹේ සංඛ්‍යා ලේඛන වාර්තා වල නිරවද්‍ය බව හරියටම පෙන්නලා දෙන්න රටේ 2/3 ක් සූදානම් …උඹලා හිතන් ඉන්නෙ මයික් එකක් බදන් බෙරිහන් දුන්නම කොල කෑල්ලක මොනවා හරි ලියලා සමාජ ගත කලාම පරම සත්‍ය ඒක කියලා මිනිස්සු උඹලා අදහනවයි කියලද…මැටි මෝල් නූගත් මී හරක්…ඉස්සෙල්ලා කසදෙ බැදලා දරැවෙක් හදලා මාටපන් රටේ අනාගතේ ගැන කතා කරන්න කලින්…

    • gune says:

      මට නම් හිතෙන්නේ මෙවැනි විවේචනයක් ඔබින්නේ නැති බවයි. සංඛයාලේඛන තර්ක සංඛයාලේඛන වලින්ම බිඳීම වඩා හොඳයි. (සංඛයාලේඛන බොරු වඩාත්ම භයානකයි )

      මෙවැනි ම කතාවක් තමයි 2014-2018 තෙල් බැරලයක මිල $ වලින් හා 2014-2018 තෙල් මිල රුපියල් වලින් සැසඳීම. එක්කෝ දෙකම $ වලින් බලන්න, නැත්නම් රුපියල්වලින් බලන්න (පැවති සහ පවතින අනුරූප අනුපාත වලින්). http://ceypetco.gov.lk/historical-prices/ සහ ජාත්‍යන්තර මිල සසඳන්න. අනිකුත් නිෂ්පාදන වියදම් වල වෙනස නොසළකාහැරිය ද තෙල් මත අය කරන බදු අඩු 2014ට සාපේක්ෂ ව අඩු බවයි මට හිතෙන්න. (හරියටම සැසඳිය යුතු බැරලයක මිල කුමක් දැයි නොදන්නා නිසා සැසඳූ වේ නැත )

      (ප.ලි. කිසිවෙකුගේ අතකොළුවක්/ කැපුවත් කොළ /නිල්/රතු මහින්දවාදී /සිංහලේ /ඊළාම්වාදී /සංහිදියා /ඩොලර් කාක්කෙක් /mediaunit සාමාජිකයෙක් නොවෙමි. හුදෙක් නිවැරිදි තොරතුරු ලබා ගැනීමේ හා සමාජ ගත කිරීමේ අටියෙන් ලිවීමි. )

      • Samuvel says:

        බාගෙට දැනගෙන කොමෙන්ට්ස් දාන මේ වගේ ඕන ගොනෙකුට ඕන තැනක තප්පුලන්න පුලුවන් බව ඉස්සර ගොන්කිරි මහත්තයෙකුත් කීවා.

        • ane kale says:

          ඔය උඩ ගුණේ උන්නැහේ කියන කතාවේම උත්තරේ තියෙනවා. මේ 14/15/16/17 අධ්‍යාපනය, සෞක්‍යය,නිවාස කියන ගණන් ටික ඩොලර් මිලියන වලින් දැම්මානම් කථාව පැහැදිලි වෙනවා. මේ හැම එකකටම අවශ්‍ය දේවල් රටින් ගේන්න වෙනවා. එතකොට වැය කරන්න වෙන රුපියල් ගාන නිකම්ම වැඩි වෙනවා. සමහරවිට ඩොලර් වලින් දැම්මානම් එකම වෙන්නත් පුළුවන්.

  6. Sanka says:

    World first tailor

    who became a finance minister in a country… and advising about economy to the public …. ;-))

  7. bleo says:

    තුහ් නොදකින් මේ වගේ වල් බූරු මොන්ගලයෙක්. මේ වගේ පාහර රැලකට රටේ පාලනය ගිය එක කොයි තරම් අවාසනාවක්ද. මුන්ට දැන් තියෙන්නෙ ගෝඨා-භය. මුන්ට තේරෙන්නෙ නැත්තෙ රටේ මිනිස්සු දැන් ඉන්නෙ බුර බුරා නගින ගින්නක් හිතේ තියාගෙන කියන එක. ඒ ගින්නට තොපි ඔක්කොම අහු වෙලා විනාස වෙන දිනය වැඩි ඈත නෙවෙයි. කාලකන්නි, පව් නොදී මකබෑවිල පලයව් තවත් රට කන්නෙ නැතුව.

  8. අව මංගල says:

    පච මල්ලි ගේ පච ඩෝං

  9. Walimuni Abeysekera says:

    Bloody.. third class traitor. His intention is to destroy our culture.
    He should remember who started White Van Culture… his own party leaders. No need of statistics as people know .. show what you have done.

  10. තරංග says:

    වියත් මග එකම සම්මන්ත්‍රණය යි තිබ්බේ..
    මුන් ටිකට දැන්මම ඇදිවතේ මලපහ වෙලා වගේ…

  11. දූෂිතම සහ භයංකාරම රාජ්‍ය නිලධාරියා තරගය says:

    දූෂිතම සහ භයංකාරම රාජ්‍ය නිලධාරියා තරගය …අම්මට හුඩු අවුරුදු තරග ඉවරයි මංගල මාමේ. තව මස කීපයකින් ලිස්සන ගැහෙ ඉලිමේ තරගය එනවා. එදාට ඇවිල්ලා පෝලිමේ උලාපල්ලකෝ අපිත් අප්ප්දී ගහලා කතිරේ ගහනවා ගල කැපෙන්නම

  12. නුවන් says:

    මංගල බෙදන්න දන්නෙ නෑ වගෙ. අවුරුදු 10ට නය 70%, අවුරුදු 3 ට 30%. You do the maths.

  13. kith says:

    Nobody accepts character certificate from you on Prince Gatabhaya’s behalf.

  14. Ranjan says:

    Moo thamai kiwwe Sarath fonseka hariyanne brassier mahana thenakta.

    • රාහුල කොලුවා says:

      ඇයි…සැල්වේෂන් ආමි එකටවත් සුදුසු නෑ කියලත් කිව්වේ..

  15. RW says:

    Mangala should prove that he is a male. Wearing male clothes is that he is deceiving us as usual.

  16. විශ්ලේෂකයා says:

    නිවේදන නිකුත් කිරීම වනාහි බියවීමේ මුලීක ලක්ෂණයකි… ගෝඨා වැනි කෙනෙක් රාඡ්‍ය නායකත්වයට පත් වුවහොත් ගෙවී ගිය කාලය තුල තමන් කල කී දෑවලට වගඋත්තර බඳින්න සිදුවන බව දන්නා නිසා ඇති වන බියකි…

  17. Lapaya says:

    Hoda welawata Gota wayasin kollek une naththe. Kollek una nam mehema kiyanne naha.

    • Deshapremiya says:

      Whole nation knows what type of role you played during war period which were against the wishes of patriotic people in this country but helping indirectly the separatists by the movements like Sudu Nelum.Nation hated your actions and comments in disgust. Who was responsible for murdering the journalists Richard De Soysa, Thevis Guruge, Premakeerthi De Alwis, Kulasiri Amaratunga , and singeress Sagarika Gomes and also some SLFP organizers like Indrapala Abeydeera(Kalutara) , S.B. Yalegama(Raththota), Rathnayake (Welimada)and so on during 88-89period? The people believed for some killings , then government was responsible and for the rest J.V.P . was responsible.what about corruption occurred in the Central bank bond scam? How about the measures you have taken and being taken , which threaten the National defense and Sovereignity of the country?

  18. karu 1 says:

    The war has begun. All Patriotics now time has come for us to defend our prsidential candidate- Gotabaya. without any official announcement oppostion has started attacking Gota. That shows how fear are they to Gota. We should not allow evil forces to raise its head again to ruin the country. They don’t have any plan to develop the country but to take revange from the Rajapaksha familiy.
    We should not wait till politicians canversing for Gota. Upto now too the general public moved him forward. Because they need a better country, better living.
    The challenge is so high. We should not depend on the extrimist tamil muslims votes for his win. We Should try to get over 70% of sinhaleese votes for Gota if we want to create a stable country which is not pressed by extrimist parties. Rally around GOTA- He will be the future for Sri Lanka. Keep aside your politics for a moment and vote for Gota. UNP, SLFP, JVP this is up to you.

  19. Niru says:

    Ask karumanayaka about your performance and the performance of the finance ministry

  20. Piyadasa Yalagala says:

    The man who has no knowledge of Economy, Financial, Monetary and Fiscal policies of our nation has become that first Minister of Finance since 1948? I suspected he passed even GEC(or) Level examination at all? Our nation under tragic situation under UNP-SLFP leadership of MS, RW and CBK?
    How can that models run a Ministry of Finance?

  21. fernando says:

    NGO head

  22. Pina says:

    අපොයි දෙයියනේ ගෝටා ඒවිද. මට සරමේ සුලු දියයනවා මල්ලියේ, මන් අප්පච්චිට කියපු වසල කතාවලට.

    • Samuvel says:

      අනේ උඹ සරම හෝදගෙන බය නැතිව හිටපන්. මොකද සින්හයෝ කවදාවත් උරුලෑවන් මරන්නෙන් නෑ.

  23. Kings says:

    බලනකොට මේ ආන්ඩුවෙ ඉන්න සේරම බත් බැලයො ටික ගෝඨට බයයිනෙ. අනේ පවු.

  24. Premil says:

    Dear Sir, with your new tax implementation majority of the common people are suffering. You know what is the monthly cost of a family of 4. and with that money we hear some politicians renovate their toilets for 5.7 million. this is where are tax goes. People will, at least majority will pay tax if the tax money is used for the benefit of common man. But sadly almost the all the politicians loot our hard earn money

  25. jothi malli says:

    ane gon harkoo api oya pachawalata rawatenne naa ban thopi wage awasta wadee desa paluwan ta api pilithuru dennam ape ware awama athakan idapan

  26. heenbanda says:

    mangala danna econ. meyata mudaal emathikam dunna harak kawuda??

    gotage ugathkama madi…. rataka nayakayeku adu tharamen First degreeyakwath tibiyayoutui ……. Army susdudsukam apata wedak netha hamudapathi karanna api kemathi
    minee meruwa, paligatta, gehuwa, etakatu keduwa
    janapathi unoth keliya peneyi
    sinhalath behe, english behe. THATAMANAWA

  27. David Milli-banda says:

    Hath ilawwe…………. Mangalaya bayawela……………

  28. somawansa says:

    ලප අනුර කියන්නෙත් මෙිටිකමයි මෙදෙන්ගේ ඩිල් එකක් වගේ

Main News