ලංකාව කෑලි නවයකට කඩන්න සියල්ල සූදානම්..

November 26, 2017 at 6:28 am | lanka C news
ලංකාව කෑලි නවයකට කඩන්න සියල්ල සූදානම්..

යෝජිත බෙදුම්වාදී පෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීම සදහා පිවිතුරු හෙළ උරුමයේ තරුණ අංශය වන  විජයබා පරපුර  විසින් “පෙඩරල් එපා” යන තේමාව යටතේ පවත්වන  දෙදින යොවුන් යතුරුපැදි සංචාරය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

අද දින විජයබා පරපුරේ තරුණයින් මේ සතිඅන්තය පුරාම සමස්ථ කොළඹ දිස්ත්‍රික්කයම ආවරණය කරමින් නගරයෙන් නගරයට ගිහිල්ලා විරිදු කියලා, පත්‍රිකා බෙදලා පෙඩරල් ව්‍යවස්ථාව එපා කියන්නේ ඇයි යන්න ජනතාවට දැනුම්වත් කරන්න ඉදිරියට ඇවිල්ලා තියෙනවා.

අද බටහිර රටවල් එකතුවෙමින් සවිමත් වෙමින් තුන්වන ලෝකයේ රටවල් දුර්වල කිරීම සඳහා කෑලිවලට කැඩිමේ උත්සහයක යෙදිලා ඉන්නවා. යුරෝපා සංගමය හදලා තනි තනිව තිබුණු රටවල් 28ක් තනි රටක් බවට පත් වෙමින් පවතිනවා. ඇමරිකානු නිදහස් කලාපය හදලා තනි තනිව තිබුනු රටවල් 13ක් තනි රටක්  තනි ආර්ථික කලාපයක් බවට පත්වෙනවා. ඒ අය එකතු වන අතරේ ඉන්දුනිසියාව දෙකට කැඩුවා, සුඩානය, පලස්තීනය, නේපාලය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය කෑලි කෑලි වලට කැඩි යන පෙඩරල් ව්‍යවස්ථාව හදුන්වා දුන්නා.

මේ ලංකාවේ වාරයයි. ලංකාව කෑලි නවයකට කඩලා ඒ කෑලි නවයේ ඉන්න ජනතාව එකිනෙකා ඇනකොටා ගන්න තත්වයක් අරගෙන එන්න අවශ්‍ය විශබීජය තමයි නව ව්‍යවස්ථාව විදිහට ඇවිත් තියෙන්නේ.

මේ ව්‍යවස්ථාව රටේ ජනතාව ඉල්ලන්නේ නෑ. මේ ව්‍යවස්ථාව සම්මත වීම පිලිබදව කනස්සල්ල පල කරන්නේ ඉන්දීයාව, ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇති බටහිර බලවතුන්. මේක රටේ ජනතාවට ගේන ව්‍යවස්ථාවක් නෙවෙයි බටහිර බලවතුන් වෙනුවෙන් ගෙන එන ව්‍යවස්ථාවක්. විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට එන්න සල්ලු දුන්න විදේශිය බලවතුන් සතුටු කරන්න ගෙන එන ව්‍යවස්ථාවක්.

මේ ව්‍යවස්ථාව අද ආවොත් මෙහි ආදිනව එන්නේ තව අවුරුදු 20කින් 30කින් මේ රට කෑලි නවයකට කැඩිලා මායිම් වලට ඇන කොටා ගන්නා විට ලේ විලක ජිවත් වෙන්න වෙන්නේ අද අපේ තරුණ පරපුරටයි.

තමන්ගේ ආනාගතය අදුරු කිරීමට ආණ්ඩුව දරන මේ වෑයම පරාජය කරන්න තමයි මේ විජයබා පරපුරේ තරුණයින්  එකතුවෙලා රට දැනුම්වත් කරලා අනාගත ජනමත විචාරනයේ දී පක්ෂය කොළ පාට, නිල්පාට, රතුපාට, කහපාට වුණත් ජාතිය සිංහල, දෙමළ, මුස්ලිම් වුනත් ආගම බුද්ධාගම, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු වුනත් රට කෑලී වලට කැඩෙනවට විරුද්ධ නම්, ලේ විලක ජිවත් වෙන්න අකමැති නම් නුදුරු අනාගතයේ එන ජනමත විචාරනයේ දී පෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න කියන පණිවිඩය අරගෙන තමයි අද මේ තරුණයන් පාරට බැහැලා තියෙන්නේ ඔවුන්ගේ උත්සහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

4,820 Viewers

2 Comments to “ලංකාව කෑලි නවයකට කඩන්න සියල්ල සූදානම්..”

  1. “පෙඩරල් එපා” says:

    ගින්තොට තුනට කඩනවා. ගාල්ල හයට කඩනවා. බොරැල්ල හයට කඩනවා. වැල්ලවත්ත බම්බලපිට්‍ය කෑලි කඩනවා. ජාතින් අතර කෑලි කෑලි බෙදලා රට කනවා. රට කාලා අපි රට යනවා. ඉතින් ලංකාව කෑලි 9 කැඩුවම මොකෝ. ජනාධිපතිවරු 9. උප ජනාධිපතිවරු 9 අගමැතිවර 9 උප අගමැතිවරු 9 ඔක්කොම එක එක පවුලට බාර දෙනවා. ජාති අනුපාතයට. අපි යහ පාලනයෙන් රට හදනවාමයි. මුස්තාපා මෙතඩ් එක.

  2. LION says:

    පැරණි රුහුනු පිහිටි මායා පාලනය නැවත ගෙන ආ යුතුය

Main News