ලංකා ආණ්ඩුව තෙල් මිල සුත‍්‍රය ජනතාවගෙන් හංගනවා..- ජිනිවා වෙත පැමිණිලි කෙරේ..

September 26, 2018 at 12:40 pm | lanka C news
ලංකා ආණ්ඩුව තෙල් මිල සුත‍්‍රය ජනතාවගෙන් හංගනවා..- ජිනිවා වෙත පැමිණිලි කෙරේ..

වත්මන් රජය යටතේ දිනෙන් දින උල්ලංඝනය වන පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ‘ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව’ හා ‘පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය’ එක්ව ජිනීවාහී ‘එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට’ අද දින සංදේශයක් බාර දෙන ලදී.

මේ අවස්ථාවට ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ප්‍රතිබා මහනාමහේවා, මදුශාන් හරීන්ද්‍ර, අරුණ වරුසහැන්නදිගේ, නිමලා ලියනපටබැඳිගේ හා රොෂාන් වීරපුර සහභාගී වී සිටියහ.

සංදේශය බාරදීමෙන් පසු මාධ්‍ය අමතමින් ආචාර්ය ප්‍රතිබා මහනාමහේවා කියා සිටියේ ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් කමිටුවට බාරදෙන චෝදනාවකට පිලිතුරක් ලබා ගැනීමට මාස ගනනාවක් ගත වන අතර රජයේ අකාර්‍යක්ෂමතාවට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ ජනතාවට බවයි.

වත්මන් රජය බලයට පත් වූ වහාම සිදුකල මහබැංකු බැඳුම්කර මගඩිය නිසා සිදුවූ රුපියල් කෝටි ලක්ෂයකට වැඩි පාඩුව අසීමිත ලෙස බදු වැඩි කිරීමි හරහා ජනතාවගෙන් අයකිරීමට රජය කටයුතු කරන බවයි.

වත්මන් රජය බලයට ආ පසු හඳුන්වාදුන් ‘තොරතුරු දැනගැනීමේ පනත’ අද පුස්සක් බවට පත්වී ඇති බව පෙන්වාදුන් මදුශාන් හරීන්ද්‍ර චෝදනා කලේ තෙල් මිල සූත්‍රය රහසක් වශයෙන් තබාගැනීමෙන් ලංකාවේ ජනතාවගේ පාරිභෝගික අයිතීන් කඩවී ඇති බවයි.

මානව හිමිකම් කාර්යාලයට ලංකාවේ පාරිභෝගික අයිතීන් කඩවීම් පිලිබඳ දැනුවත් කිරීම සඳහා සංදේශයක් ඉදිරිපත් කරනා ලද්දේ ප්‍රථම වරටය.

– චාමින්ද කරුණාරත්න ජිනීවාහි සිට

4,541 Viewers

5 Comments to “ලංකා ආණ්ඩුව තෙල් මිල සුත‍්‍රය ජනතාවගෙන් හංගනවා..- ජිනිවා වෙත පැමිණිලි කෙරේ..”

  1. Nalaka says:

    2020 මෛත්‍රී ජනපති…මහින්ද අගමැති…

  2. Nalaka says:

    කලු සුද්දන්ගේ කීකරු ගෝලයන් ජිනීවා යයි..

  3. fernando says:

    very simple. no price formula. just lying as usual

  4. ඔය බයි හැත්ත හැමදාම කලේ තමන්ගෙ වාසියට රට ජාත්‍යන්තරයට පාවලා දීපු එක. ජනාධිපති වෙන්න කලින් මහබයියත් රටට එරෙහිව ජිනීවාවලට පැමිණිලි කරල රට පාවාදුන්නා.දැන් උගෙ ගෝලයො කරන්නෙත් ඒකමයි. කට ඇරියොත් දේශප්‍රේමය. හැබැයි බටහිරට රට පාවා දෙනවා.

Main News