මහජන බැංකුවේ වෘත්තීය සමිති දැඩි මර්ධනයක්.. කලමණාකාරුට මරණ තර්ජන කතාව බේගලයක්..

November 23, 2017 at 8:00 am | lanka C news
මහජන බැංකුවේ වෘත්තීය සමිති දැඩි මර්ධනයක්.. කලමණාකාරුට මරණ තර්ජන කතාව බේගලයක්..

පිටස්තරයින් පිරිසක් කඩා වැද අම්පාර මහජන බැංකු කලමණාකරුට මරණ තර්ජන කලේ යයි පළ කරන ලද තොරතුරැ අසත්‍ය බව ලංකා බැංකු සේවක සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බැංකු ක්‍ෂෙත‍්‍රයේ සේවක ප‍්‍රජාවෙන් 95% ක් නියෝජනය කරන අප සංගමය සාමාජිකයින් දැනුවත් කිරීම සඳහා ශාඛාවන්වලට යෑම සාමාන්‍ය පරිචයකි. ඒ අනුව අදාළ රාජ්‍ය බැංකු ශාඛාවේ සභාපති, උප ලේකම් ඇතුළු අපගේ නිල නියෝජිත පිරිසක් එම රාජ්‍ය බැංකු ශාඛාව වෙත 21 දින පස්වරුවේ ඇතුළත්ව ඇත්තේ වෘත්තීය සමිති කටයුත්තක් සඳහා වන දැනුවත් කිරීමක් වශයෙනි.

මෙම ශාඛාවේ කළමනාකරු විසින් සිදුකරන ලද විෂමාචාරයකට අදාළව පැවැත්වෙන විනය විමර්ශනයකට අදාළව එම ශාඛාවේ තවත් සේවකයින් පිරිසකට උපදෙස් ලබාදීම ද ඇතුළුව සේවකයින් දැනුවත් කිරීම සඳහා අප නියෝජිතයින් කටයුතු කිරීමේ දී එයට බාධා කරමින් අනවශ්‍ය කලබලයක් නිර්මාණයකර පොලිසියට පවා පැමිණිලි කරමින් කලහකාරි ලෙස හැසිරී ඇත්තේ අදාළ කළමනාකරුය. ඔහු ද අප සංගමයේම සාමාජිකයෙක් වන අතර ඉහත විෂමාචාරය සම්බන්ධයෙන් අනිකුත් සේවකයින් දැනුවත් කිරීම තුළ ඔහුට අනර්ථයක් වේ යැයි උරණව ඔහු මෙසේ හැසිරුණේදැයි අපි නොදනිමු.

රාජ්‍ය හා පෞද්ගලික බැංකු 19 ක 29000 ක සාමාජිකත්වයක් නියෝජනය කරන අප සංගමය රටේ වගකිවයුතු වෘත්තීය සංගමයක් වන අතර වෘත්තීය සමිති අණපනත්වලින් ලැබී ඇති අයිතිය අනුව ඒවාට අනුකූලව අප කටයුතු කර ඇති අතර බාධා සිදුව ඇත්තේ අපගේ වෘත්තීය සමිති අයිතියට විනා ඉහත පුවතේ සඳහන් ආකාරයට කළමනාකරුට නොවේ. එබැවින් අප මේ වනවිට මෙම සිදුවීම පිළිබඳව කම්කරු කොමසාරිස් වෙත පැමිණිලිකර ඇත.

මේ වනවිට අදාළ රාජ්‍ය බැංකුව තුළ දැඩි වෘත්තිය සමිති මර්දනකාරී වැඩ පිළිවෙළක් දියත්ව ඇති අතර ඒ පිළිබඳව අප කම්කරු ඇමතිවරයා ඇතුළු රටේ වගකිවයුතු අංශවලට ද පැමිණිලි කර ඇත. මෙම කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවන්ද ඒවායෙහිම දිගුවක් ලෙස අපි සලකමු.

රන්ජන් සේනානායක
ප‍්‍රධාන ලේකම්
ලංකා බැංකු සේවක සංගමය

5,548 Viewers

2 Comments to “මහජන බැංකුවේ වෘත්තීය සමිති දැඩි මර්ධනයක්.. කලමණාකාරුට මරණ තර්ජන කතාව බේගලයක්..”

  1. Lamaris says:

    This is completely true. The chairman him self is acting like a dictator and issuing numerous circulars to contain employees voice. even they are monitoring the personal social media accounts and the funniest thing is some employees are called for INI only because they have liked certain posts.

  2. Jinapala says:

    මේ බලපල්ලකෝ මුන්. දැන් බැංකුවේ විෂමාචාර විනය පරීක්සන පවත්තන්නේ යුනියන් වලින්ද. කිතුලට නැග්ග එකා හොදයි. තමන්ගේ සංගමේම සාමාජිකයින්ට පහරදීලා ඒ මදිවට දැන් අල්ලේ පැලවෙන බේගල් ඇදබානවා. සභාපති එක්ක ප‍්‍රශ්නයක් තියනවානම් ඒක ඒ යකා එක්ක බේරාගන්නවා. ඒකට හයිය නෑ. තුඃ විතරක්. මැනේජර්ලාට ගහලා හරියනවද ඒකට.

Main News