ලංගම නව බස් නඩත්තුව හංගේරියානු සමාගමකට.. සැප බස් 1000ක් හංගේරියාවෙන් ගෙන්වයි..

August 15, 2018 at 6:30 am | lanka C news
ලංගම නව බස් නඩත්තුව හංගේරියානු සමාගමකට.. සැප බස් 1000ක් හංගේරියාවෙන් ගෙන්වයි..

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත.

විදුලියෙන් ධාවනය කෙරෙන බස්රථ 250ක් සහ හයිබ්‍රිඩ් බස්රථ 750 ක් මෙම බස්රථ 1000ට අයත් වේ. මෙයින් විදුලි බස්රථ 250 කොළඔ හා නගරාශ්‍රිත ප්‍රදේශවලත් අනෙක් බස්රථ කොළඔ සහ පිටපළාත් අතර ධාවනයෙහි යෙදවිමට බලාපොරොත්තු වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසූ බව රජයේ නිල පුවත් අඩවිය වාර්තා කරයි.

අලුතින් ගෙන්වු ලබන මෙම බස්රථවල නඩත්තු කටයුතු හංගේරියානු සමාගම විසින් සිදුකෙරෙන අතර මෙම බස් සේවාවන් ලැබෙන ලාභයෙන් කොටසක් ලංගමයට ලැබෙන පරිදි ගිවිසුම් අත්සන් කිරිමට යන බවද සභාපතිවරයා එහිදී පවසා ඇත.

දැනට ලංගමය සතුව බස්රථ 6000ක් ඇණියක් තිබේ. වසර 3කින් ලංගමයට අලුතින් බස්රථ මිලයට ගෙන නොමැත. එසේම හදිසි අනතුරුවලට භාජනය විම,බසයේ ආයු කාලය අවසන් වීම ආදී හේතූන් මත වසරකට බස්රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කෙරේ.

මේ තත්ත්වය යටතේ ලංගමයට බස්රථ 1500ක පමණ හිඟයක් පවතී. මේ නිසා අලුත් බස්රථ 1000 ගෙන්විම මඟින් පෞද්ගලික බස් කර්මාන්තයට බලපෑමක් සිදු නොවනු ඇතැයි ද රමාල් සිරිවර්ධන මහතා තහවුරු කර තිබේ.

– biz.adaderana.lk

16,549 Viewers

9 Comments to “ලංගම නව බස් නඩත්තුව හංගේරියානු සමාගමකට.. සැප බස් 1000ක් හංගේරියාවෙන් ගෙන්වයි..”

  1. Giabao says:

    Anita deal ?

  2. Nim says:

    WIKUNAPAN, WEKUNAGENA
    KAPAN
    PULUWAN NAM
    CABINET AKA HAMOMATH
    BOLAGE BIRIDA
    WALUTH ELLANAWA NAM
    KEEYAKATA HARI DEELA DAPAN
    MAGE RATA TA
    WUNA DEYAK

  3. Hdh says:

    කාටද කාටද කොමිෂන්???
    හා හා සැපයි ජීවිතයේ!!!

  4. sakalabujan says:

    Make the electric or hybrid bus in sri lanka using Micro company or start to aselmble

    • බෙර හඬ says:

      Then who will give them the commissions?

    • nimal.s says:

      if they make bus or cars u Can Forget !!! now in Germany whole the buses are importing from italy (IVECO) buses belongs to FIAT Company very good aircoditioned buses that is better than Mercedes Benz bus !! why Maithripala ,sirisena Can make an Agreement from Italy and order nice Iveco -Fiat buses hybrid etc !!!

  5. අමිල says:

    කෝ අර ගැමුනු කියන එකා. පව් මේ ගැන තවම දන්නේ නැතිව ඇති.

  6. a sltb supporter says:

    Quote ” මේ නිසා අලුත් බස්රථ 1000 ගෙන්විම මඟින් පෞද්ගලික බස් කර්මාන්තයට බලපෑමක් සිදු නොවනු ඇතැයි ද රමාල් සිරිවර්ධන මහතා තහවුරු කර තිබේ.” මොකක්ද පුද්ගලික බස් මාෆියාව ගැන තියෙන අවුල…උන්ට බලපෑමක් වුනත් නැතත් මඟීන්ට අවුලක් නැත…

  7. langama says:

    something behind this deal ??

Main News