ලංගම බස් රථයකට පෞද්ගලික බස් රථයකින් පහර දේ.. සියළු ලංගම බස් ධාවනයෙන් ඉවත් වේ..

September 17, 2018 at 5:30 pm | lanka C news
ලංගම බස් රථයකට පෞද්ගලික බස් රථයකින් පහර දේ.. සියළු ලංගම බස් ධාවනයෙන් ඉවත් වේ..

වව්නියාව නව බස් නැවතුම්පලේදී ඊයේ (16) සවස පෞද්ගලික බස් රථ අයත් පිරිසක් විසින් යාපනයේ සිට පැමිණි ලංගම බස් රථයේ කොන්දොස්තරවරයාට පහරදීමක් හේතුවෙන් අද (17) උදෑසන සිට වව්නියාව ලංගම සියලුම බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටියහ.

පහරදීමකට ලක් වූ ලංගම බස් රථයේ රියදුරු ඇතුලු මගීහු පවසා ඇත්තේ පෞද්ගලික බස් රථයේ සිටි පිරිසක් සහ තවත් වෑන් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් කොන්දොස්තරවරයාට පහර දුන් බවටත් මේ වන විට පහරකෑමට ලක් වූ කොන්දොස්තරවරයා වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බවටයි.

කෙසේ වෙතත් අදාල පහරදීමෙන් පසුව වව්නියාව පොලීසිය විසින් පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන පෞද්ගලික බස් රථය වව්නියාව පොලීසියට රැගෙන ගෝස් ඇත.

කෙසේ වෙතත් මේ වන විට වව්නියාව දිස්ත්‍රීක්කයේ ධාවනය වන සියලුම ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති අතර ධාවනයෙන් ඉවත් වූ ලංගම බස් රථ සංගම් නියෝජිතයින් කියා සිටියේ පහර දීම සිදු කල පිරිසෙන් මේ වන විට වව්නියාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පමණක් හෙයින් එම ස්ථානයට වෑන් රථයෙන් පැමිණ පහරදීම සිදු කල කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවටයි.

අද (17) සවස වන විට අදාල වෑන් රථයකින් පැමිණ පහරදීම සිදුකල පුද්ගලයින්ද අත්අඩංගුවට නොගන්නේ නම තවත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹීමට කටයුතු කරන බවටද වව්නියාව ලංගම බස් නියෝජිතයින් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,964 Viewers
Main News