ලඳු කැලෑ මැදින් උතුරේ සිට කතරගම දක්වාම පයින් යන බැතිමතුන්…

June 13, 2018 at 2:08 am | lanka C news
ලඳු කැලෑ මැදින් උතුරේ සිට කතරගම දක්වාම පයින් යන බැතිමතුන්…

කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දින වල ඒ-9 මාර්ගයේ ඇතුලු ප්‍රදේශ කිහිපයකදී දැක ගැනීමට හැකිය.

එසේ යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජිවත්වන බැතිමතුන් පිරිසක් කැළෑ මාර්ග ඔස්සේ පයින්ම ගමන් කරමින් යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය,මඩකලපුව ,අම්පාර, උහන හරහා කතරගම ‍‍දේවාලයේ කොඩි එසවීමේ මංගල්ලය වෙත ගමන් කරන අයුරු දැක ගත හැකි විය.

උහන ප්‍රදේශයේ සිට ලඳු කැළෑ මාර්ග ඔස්සේ කිලෝමීටර 94 ක දුරක් ගමන් කරමින් කතරගම දේවාලය වෙත පිවිසීමට මෙසේ කතරගම දක්වා ගමන් කරන බැතිමතුන්ට සිදුව ඇත.

කතරගම දක්වා ගමන් කරන උතුරේ බැතිමතුන් ජූලි මස 13 වන දිනට පෙර ගමන් කිරීමට පියවර ගෙන ඇති අතරහ එහිදී කතරගම දේවාලයේ  පැවැත්වීමට නියමිත කොඩි එසවීමේ මංගල්ලය වෙත සහභාගිවීමට නියමිත ඇත.

සෑම වසරකම ‍කතරගම දෙවියන් වෙනුවෙන් පවතින භක්තිය වෙනුවෙන් උතුරේ වැසියන් පියන්ම කතරගම දක්වා ගමන් කිරීම ආරම්භ කරන අතර එය සාම්ප්‍රදායික් චාරිත්‍රයක් නිසාවෙන් එය වෙනස් නොකරන බවටද එම බැතිමතුන් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,224 Viewers

6 Comments to “ලඳු කැලෑ මැදින් උතුරේ සිට කතරගම දක්වාම පයින් යන බැතිමතුන්…”

  1. sinha le says:

    කතරගම දෙවියන් කියන්නේ සිංහළේ මහසෙන් රජතුමාට මුන්ට ඉන්දියාවට යන පාර වැරදිලා

  2. Love nature says:

    කතරගම දෙවියන්ගේ නම මහාසේන ය. ඔහු දේවත්වයට පත්වීමට පෙර කතරගම හෙවත් කාචරගාම රාජ්‍ය පාලනය කළ ක්ෂත්‍රීය වංශික මහාඝෝෂ රජතුමා ය. එතුමාගේ රාජ්‍ය පාලන කාලපරිජේදයේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසුව මනිඅක්ඛිත නා රජුගේ ආරාධනයට තෙවන වර ලංකාවට වැඩම කළ සේක. එම අවස්ථාවේ උන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ අද කිරිවෙහෙර පිහිටි භූමියේ වැඩ වාසය කළ බව ධාතු වංශය පෙන්වා දෙයි.කතරගම වූ කලී වසර 2500 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ඵෙතිහාසික පුරවරයකි. දුටුගැමුණු රජු වසර 40 කට අධික කාලයක් අනුරාධපුරයෙහි බලය අල්ලාගෙන සිටී එළාර පරදා දේශය එක්සේසත් කරගැනීමට පෙර කතරගම දෙවිඳුන්ගේ පිහිට පතා බාරයක් විය. ඒ සටනින් ජය ලැබුවහොත් කතරගම දේවාලය මහා දේවාලයක් බවට පත් කරවන බවයි. එය එසේම සිදු විය. රජුට යුද්ධයෙන් ජය ලැබිණි. බාර වු අයුරින් රජු කතරගම දේවාලය මහා දේවාලයක් බවට ඉඳි කළේය. දෛනිකව වාර්ෂිකව එහි කළ යුතු පුද සිරිත් පිළිබඳව ද, ඒ වෙනුවෙන් තේවාකරුවන් පත් කර, ඒවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රාජ ආඥාවක් ද නිකුත් කළේය. එදා පටන් දුටුගැමුණුගේ ආඥාව අද දක්වාම පැවැත එයි.

  3. ExUNPer says:

    This is nice ! We can see dedication, sacrifice, & honesty… no show offs, no luxuries,..etc
    …and such people get ‘gods blessings’ !!!!!

    • sky says:

      such people get ‘gods blessings’——ExUNPer
      It’s a. bullshit ..these people are stupied …Why not ” God ”give them at least a bus or car go to Katharagama
      God is imaginary friend, choose reality it will be better for all of us

    • CAT says:

      අතීතයේ කතරගම දෙවියෝ බලවත් වී සිටින්න ඇති… දැන් නම් කතරගම දෙවියන්ට මුදල් ,පුජාවට්ටි ,රත්තරන් මාල .පඩුරු දෙන්නේ වැඩක් කරගැනීමට කප්පමක් වශයෙනි ..ඒවා ගන්නේ කපුවොයි ..එහෙම බලන විට අද වන විට දෙවියන්ට වඩා කපුවෝ බලවත් වි ඇත …දැන්වත් නොපෙනෙන දෙවියන් යැදීම නතර කල යුතුයි නේද ?

Main News