ලලිත් වීරතුංගලා මහින්ද පරාජය කළ හැටි..! ලලිත් උඹලට ඔහොම වෙලා මදි..!!

September 8, 2017 at 10:55 pm | lanka C news
ලලිත් වීරතුංගලා මහින්ද පරාජය කළ හැටි..! ලලිත් උඹලට ඔහොම වෙලා මදි..!!

සිල් රෙදි බෙදීමේ වරදට ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට වසර 3ක් සිරගෙට නියම වීම තුළ ලංකා පුරවැසි දේශපාලනයේ ඉතා අවාසනාවන්ත පැතිකඩක් ඉස්මතු වීම වළකනු බැහැ. මහින්ද රාජපක්‍ෂ නම් වූ මෑත ලංකා ඉතිහාස බිහි කළ විශිෂ්ඨතම නායකයා පරාජය වන්නේ සංවර්ධනය පෙරට දමා දේශපාලනය පිටුපසට කිරීම නිසා බව මහින්දගේ සමස්ත පරාසය දෙස ඉතා විමසිලිමත් ඇසක් යොමු කරන ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට හැකි වේවි. වත්මන් ආණ්ඩුව දේශපාලනය පමණක් පෙරට ගෙන අන් සියල්ල පසෙක තැබීම පිළිබඳ නිදසුන හරහා ඉහත කාරණය වඩාත් හොඳින් තේරුම් ගැනීමට හැක. මහින්ද රාජපක්‍ෂ විසින් බෙදුම්වාදී යුද්ධය කඩිනමින් අවසන් කිරීම ඔහුගේ පරාජයේ පළමු පියවර තැබුවා. මහින්ද මෙහි දී දේශපාලනි ව හිතුවේ නම් ඔහුට යුද්ධය තව කල් ඇදගෙන යා යුතු ව තිබුණා. එසේ වූවේ නම් ජනතාව ඔහු ව පරාජය නොකරනු ඇති. ඒ මන්ද යත් යුද්ධයේ ඉතිරි කොටස ද ඔහු හරහා කරවා ගැනීමට. අනිත් අතින් සංවර්ධනය මෙතරම් කඩිනමින් කිරීම මහින්දගේ පරාජයේ අනිත් පියවර සලකුණ කළා. ඉස්මුරුත්තාවට එන ලෙස සිදු වූ සංවර්ධන ව්‍යාපෘථි ජනතාව අතර සාමාන්‍ය දෙයක් බවට පත් වුණා.

අනපේක්‍ෂිත ව උදා වූ සාමයේ හා සාපේක්‍ෂ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ සතර දිගින් නව සමාජ පන්තියක් බිහිවනු දක්නට ලැබුණා. මෙම සමාජ පන්තියේ ස්වභාවය උපමා කළ හැක්කේ දකුණු ආසියාව නූතනවත්ය වැළඳගත් පැරෂුට් ක්‍රමයටයි. අපේ නූතන ව්‍යාපෘථිය බිමින් පැළ වූ එකක් නොව, අපි උඩින් ගත් එකක්. ලංකාවේ නගර නිර්මාණයේ තිබෙන අපිළිවෙල තුළ මෙය බෙහෙවින් සනිදර්ශිතයි. අර ඉහත කී සමාජ පන්තියත් මහින්දගේ සාමය හා සංවර්ධනය ගත්තේ උඩින්. පැරෂුට් ක්‍රමයට. එහි ප්‍රතිඵලය වුනේ, ඔවුන්ට එය දිරවා ගැනීමට තරම් මානසික සංවර්ධනයක් වෙලා තිබුණේ නැහැ.

මෙන්න මේ ඉහත පිරිස නිර්මාණය වෙන පරිසරය සැකසීමට ලලිත් වීරතුංග තම ජීවිතය ම කැප කළ විශිෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්. ඒ තව බොහෝ දේ අතර, කැපී පෙනෙන භූමිකා දෙකකට පණ පොවමින්. ඒ එකක් තමා යුද්ධයේ අන්තර්ජාතික භූමිකාව. විශේෂයෙන් ම ඉන්දියාව කළමනාකරනය කිරීම. ලංකාව හා ඉන්දියාව එක් ව දෙරටින් ඉහළ ම පෙළේ ට්‍රොයිකා යාන්ත්‍රණයක් හදාගෙන තිබුණා. ඒ එජාපයේ මුග්ධ ප්‍රතිපත්ති නිසා සිදු වූ තරමේ පරිප්පු ආක්‍රමණයක් යළි නොවීමට. ලංකා පාර්ශවයෙන් ‍මීට අයත් වුනේ බැසිල් රාජපක්‍ෂ (සභාපති), ගෝඨාභය රාජපක්‍ෂ හා ලලිත් වීරතුංග. ඇමරිකාව යුද්ධයේ අවසානය වෙනස් ලෙසකින් අවසන් කිරීමට ලංකාව මත විසල් බලපෑමක් කරන විට, එය ලංකාවට අවශ්‍ය ලෙස සිදු වූවේ ඉහත ට්‍රොයිකාව ඉන්දියාව සමග පැවැත් වූ සමීප අවබෝධය නිසා. නැතිනම් අදත් ප්‍රභාකරන් ජීවතුන් අතර. ඇමරිකානු බලපෑමේ දී ඉන්දියාව හිටියේ ලංකාවත් එක්ක. ජනපති ලේකම් ලෙස ලලිත් මෙහි දී විශාල භුමිකාව ඉ‍ටු කළා.

ලලිත්ගේ බොහෝ දෙනා නොදත් අනෙත් භූමිකාව නම් ඔහුට හා මහින්දට සවයංඝාතක වුනා. ඒ අර අතරමැදි සමාජ පන්තියේ ම උපකුලකයක් බිහි වීම කඩිනම් වීම හරහා. 2005 අවසානයේ මහින්ද රාජපක්‍ෂ බලයට එන විට ලංකාවේ පරිඝනක සාක්‍ෂරතාව තිබුණේ සියයට 4යි. මහින්ද චින්තන දැක්මට පින්සිදු වන්නට මහින්ද යනවිට එය සියයට 39ට ඉහළ ගොස් තිබුණා. තරුණයින් අතර මෙම ප්‍රතිශතය මීට වඩා වැඩියි. මෙම ක්‍ෂණික වර්ධනයේ නියමුමය කාර්යභාරයක් කිරීමට ලලිත් වීරතුංග කටයුතු කළා. ඒ අනුව, පරිඝණකයෙන් හා ඊට සමානත්රව රටපුරා ඊ නැණසල හා තව බොහෝ ව්‍යාපෘථි හරහා ප්‍රචලිත වූ සමාජජාල හා ස්මාර්ට් පෝන් බහුලතාව නිසා විශාල තරුණ පරම්පරාවක් බිහිවුනා. ඒ බිහි වූ පිරිසත් අද උඩ පිරිස වගේ ම පැරෂුට් ‍පිරිසක්. ඔවුන්ට ද තමා අත ඇති තොරතුරු දිරවා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහි එන සියළු තොරතුරු පිළිගත්තා. අදත් බොහෝ විට එය එසේ ඇති. “මහින්ද මොනව ද කළේ” වැනි ප්‍රශ්න අහන්නේ මෙවැනි පිරිස්. ඒ ප්‍රශ්නයට අපට උත්තර නැහැ. මොක ද ප්‍රශ්නය වැරදි නම් එවැනි ප්‍රශ්නවලට උත්තර තිබිය නොහැකියි.

විටෙක ලලිත්ලා අවසාන මොහොතේ සිල් රෙදි බෙදා හෝ මහින්ද රාජපක්‍ෂ ව ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළේ ඉහත පිරිස අතින් තමා ඔසවා තැබූ හා ඉදිරියට ද තව බොහෝ උඩට රට ඔසවා තැබීමට හැකියාව තිබූ ඒ පාලනය නිස්කාරණයේ පරාජය වනු ඇති බව දැනී ගියා නිසා වෙන්නට ඇති. විශාල යහපත් අරමුණක් වෙනුවෙන් කුඩා අයහපතක් සිදු කිරීම දාර්ශනික අර්ථයෙන් හරි හෝ වැරදි ලෙස නිශ්චිතව කිව නොහැකියි. ඒ කෙසේ වෙතත්, අවසානයේ ඉහත දෙපිරිස තමා ඉහළට ඔසවා තැබූ ඒ උස් ඉණිමගට පයින් ගැසුවා. ලලිත් උඹලට ඔහොම වෙලා මදි !

– මහින්ද පතිරණ FB

61,433 Viewers

51 Comments to “ලලිත් වීරතුංගලා මහින්ද පරාජය කළ හැටි..! ලලිත් උඹලට ඔහොම වෙලා මදි..!!”

  1. prasad says:

    I heard that Mrs. Weerathunga was a public sector under MR. But she was resigned due to some issues with the government. I believe that both Weerthungas were honest people in Sri Lanka. Not like Arjuna mahendaran…

    • Sara says:

      Broken English

      • දමින්ද says:

        We are Sri Lankans. Our first language is Sinhala. English is just a second language for us. We don’t need to be perfect in it. If someone insults one of our own saying “broken English”, that person has an inferiority complex. Shame on you sara

        • Singha says:

          Exactly.හරියටම හරි දුමින්ද

        • සිංහල බන්ඩා says:

          ඔහේ ඉන්ගිරිසියෙන් ලියපු එක නම් තේරැනා. ප්‍රසාද් ලිව්වෙ මොකක්ද කියල තේරැම් ගන්න බැරි එකය් ප්‍රශ්නෙ. වරදවා තේරැම් ගන්න එපා සුද්දා කතා කරන විදිහට කතා කොරන්න කියනව නෙවෙය් මේ.

          • තෙරෙන්නෙ නැත්තම් තේරෙන්නෙ නෑ කියනවා.අපේ රටේ මිනිස්සු ඉංග්‍රීසි වැරදුනාම හරියට හිනාවෙනවා ඇදපලුදු කියනවා. හැබැයි සුද්දන්ගෙ රටකදි අපි වැරදි වැරදි හරි ඉංග්‍රීසි කතාකලත් උන් කවදක්වත් හිනාවෙන්නෙ නෑ. අපේ මිනිස්සු සුද්දට බැන්නත් උන්ගෙනුත් ඉගෙනගන්න දේවල් තියෙනවා.

      • සිංහල බන්ඩා says:

        අැත්ත, බැරි ඉන්ගිරිසියෙන් කුනු හබ්බ ලියන්නෙ නැතුව අපිට තේරෙන්න සිංහලෙන් ලියපන්කො.

        • James says:

          Sinhala Bando…umba ABC wath danne nathi godayekne bando…umbada ara sinduwe inna banda…yaman bando wesak balanna…?????

      • Pemasiri says:

        Sara …
        Let them learn fool….
        This is not a testing field and remember you can learn by mistakes.

      • ex UNPer 3 says:

        Typical 3rd class reply from the Lonil’s Polla.

      • හුනා says:

        කතෘට අනුව, මහින්ද පැරදුනේ 4% තිබ්ය් පරිගණක සාක්ෂරතාව 39% නැගීමෙන් මතුවූ නව පරපුර නිසා නම්, මහින්දට කල්පනා කිරීමට තවත් කාරනාවක් ඇත. එනම් එම පරපුර ගරු කරන්නේ බොරුවට, වංචාවට, ඟති සංග්‍රහයට හෝ කයිවාරුවට නොව යුක්තියට, සාදරණයට හා නීතියට බවයි. එය නොදන්නා කොයි දෙෂ්පාලකයත් එම සාමාජය ඉදිරියේ පරදින බව දැනගත් යුතියි

        • janaka says:

          පලයන් බන් යන්න නුතන පරපුර තනිකරම වහල් මානසිකත්වයක් තියෙන බැටළු රැලක් උන්ව දක්කන්න පුළුවන් ඕනෑම පැත්තකට .
          උන් පත පොත කියවන්නේ නැති නිසාත් ලෝක ඉතිහාසය සහ දේශපාලන ප්‍රවණතා දන්නේ නැති නිසාත් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනා උන් මාද්‍ය මත අති විශාල ලෙස රදා පැවතීම නිසාත් මාද්යයේ ඇති චමත්කාරයෙන් වසඟ වී ඇති නිසාත් නව පරපුරට හිතන්න බෑ උන් ඉදිරියේ ලස්සන වචන සෙට් එකක් බොහොම ලයාන්විත විදියට කියල හිනාවෙලා පාට පාට පසුබිමක් දාලා ඕනෑම කුණුගොඩක් උන්ට විකුනන්න පුළුවන් .තරුණ පරපුරේ බහුතරයක් ඉන්නේ කොම්පැනිවල fan boys,girls ලා උන් බ්‍රෑන්ඩ් වල ad වලට නිකම්ම අහුවෙනවා උන්ට විචාරය හුරු නෑ මතකද අර “නව පරපුර ” කියන මැට්ටෙක් රුපවාහිනියේ කිව්වේ “කොකාකෝලා කියන්නේ අපේ සංස්කෘතිය ” වගේ අදහසක් අන්න නව පරපුර .

          නව පරපුරට යුක්තිය කියල කියන්නේ උන්ව දක්කන මාද්‍ය ආයතනය හෝ උන්ගේ වෙබ් අඩවිය කියන යුක්තිය .මේ වගේ උන්ව දක්කන්න බටහිරයෝ වෙබ් අඩවි හදනවා උන් දේශපාලන රැලි එන්න කලින් අපිට සංවේදී මාතෘකා ගැන අපේ බහුතර මතය පැත්තට කතා කරලා මිනිසුන්ගේ සිත් දිනාගන්නවා ඒවගේම සමහර ෆේස් බූක් කණ්ඩායම් හොඳ සමාජ සේවය කරනවා නමුත් වෙලාව ආවාම ඔය වෙබ් අඩවි මෙහෙයවන එවුන් තමුන්ට ඕනා පැත්තට රටේ ජනතාව මෙහෙයවනවා .ඔය “ඔලුව” රුපවාහිනිය අද කරන්නෙත් අන්න එකම තමයි .ඔන්න බලන්න රවිට රනිල්ට බැට දීලා අපේ හිත් දිනාගන්න ඔය “ඔලුව” රුපවාහිනිය නව ව්‍යවස්ථාව ආවම එකට සහයෝගය දෙන්න අපේ මිනිස්සු පොළඹවන්නේ නැද්ද කියල .

          පසුගිය කාලේ ඇමෙරිකාවේ තිබුනා මතකද ඔකියුපයි මුවමෙන්ට් කියල එකක් තරුණයෝ තරුණියෝ ගිහිල්ල ඇමෙරිකන් රජයට විරුද්දව/ මහා සමාගමව්ලට විරුද්දව ආර්ථික අසමානකම් වලට විරුද්දව රටේ නගර වල උද්ගෝෂණ පැවැත්තුවා මේ එක උද්ගෝෂණයක් තිබුනේ ටයිම්ස් චතුරශ්‍රයේ ඒ උද්ගොශ්නය කරපු කොල්ලෝ කෙල්ලෝ ගැන වැඩසටහනක් තිබුනා RT එකේ මේ විශ්වවිද්‍යාල කොල්ලෝ කෙල්ලෝ සමහරු දැනගෙන හිටියේ නෑ උන් මොනවට විරුද්දවද උද්ගොසනය කරන්නේ කියල උන් මහා සමාගම් වලට විරුද්දව කතා කලාට කෑවේ මැක්ඩොනල්ඩ්ස් , ඩොමිනෝ පිසා බිව්වේ කොකා කොලා ,පෙප්සි අන්න නුතන කැරලි කාරයෝ .මුන් තනිකරම බැටළු රැලක් මොලේ තියෙන එක බල්ලෙක්ට මුන්ව ඕන පැත්තකට දක්කන්න පුළුවන් ,විචාර බුද්දිය තියෙන එවුන් ඉන්නේ 1%ඇත්ත එකයි

          • Wathsala says:

            දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඇඟ විකුණලා හරි සල්ලි හොයන තරුණ පරපුරක් දැන් ඉන්නේ.

          • Kamal says:

            මචන් උබ ඔය කියන්නෙ නාමල් රාජපක්ෂ සහ ඉරාජ් වීරරත්න මොඩල් එකේ තරුණ පරපුර ගැනද?

          • Critic says:

            I agree with you 100% Janaka.A brilliant comment!

          • ගුනදාස says:

            ඔව් දැනුත් යන උද්ඝෝෂණ පේනවා නේ …

          • එහෙම බැටලුවෝ කියල තමයි හිටපුරජා හිතුවෙ. නැත්තම් කෙටි කාලෙකට තාවකාලිකව පත්වෙලා රජාට ඇට් කොරයිද? අන්තිමට කෙලවෙනකම් දන්නෙ නෑ. හැබැයි බයියගෙ අනුගාමිකයන් නම් තාමත් බැටලුවෝ වගේ පර්සි මහේන්ද්‍ර සරනං ගච්ජාමි කියකියා 3වෙනි ලෝකෙ රටවල ප්‍රතිරූප වන්දනාවෙ යනවා. උන්ට එයා හොරා කෑවත් නියමයි, රැවුල වැවුවත් නියමයි, ළමයි වඩාගත්තත් ළමයි දුන්නත් නියමයි.

        • Wijebahu says:

          Hariyata hari machan, umba park eken ehata haye parak dunna. Lalith weerathunga is just a scapegoat. Mahinda and Basil should go to Jail instead for giving orders to distribute free bees using government money. this was carried out few days before the elections for obvious reasons.

          • Sivanajaram says:

            Why?
            It’s a practice done since 1970s. If it’s considered as bribe, there are no explicit laws against it. Likewise, they distribute drinks and food in rallies. Should that be considered bribe as well? If so, probably the entire parliament and others outside parliament should be in jail as well. Recently same thing was done by MS himself. But those would never be talked about like that. Selective interpretation of justice is not justice and it would eventually backfire on today’s public servants as well. By the way, that comes when the central highway fraud is revealed. Typical modus operandi of the government when we think about other arrests as well.

        • wasawarthi says:

          saksharathawa wedi wenawa kiyanne buddhimath bawa wedi wenawa kiyana eka newei. oya kiyana ayalayo keedenekda parighanakaya hari deta pawichchi kale…..?

      • adrian says:

        Sara, you fool, you must have been born a black woman in America hundred years ago. You Still have a tendency to say “Yes massa” and lick shoes of white people?

      • Gajaba says:

        Doesn’t matter it is not our first language. I hope that you can understand the message

      • Alapaluwa says:

        යම් අයෙක් තමන්ගේ අදහසක් ප්‍රකාශ කරයිද එය සිංහලෙන් හෝ English හෝ වේවා වැරදි කොතෙක් තිබුනත් තේරුම් ගන්න උත්සහා කරන්න.මේ Prasad ගේ උත්සහා ජයග්‍රණයක් වෙත ලංවිමට අපි උදවු කරයුතුයි. නැතිව විවේචනය නොකර අද ඔය දේ නිසා තමයි අපේ සිංහලයන්ට කෙලවෙලා තිබෙන්නේ.කොහිමෝතෙත් බලාසිටින්නේ අනෙකාව පාගා උගේ ඇඟ උඩින් නැගල යන්නයි මම මෙයට මගේ ජීවිතය තිබෙන තාක්කල් විරුද්දයි.ඒ තැන්ත්තාගේ හෝ තැනැත්තියගේ මහන්සියේ ප්‍රථිපලයක් ලෙසයි මම දකින්නේ ඒ ඔවු ඉදිරිපත්කර ඇත්තේ.. අනුවණ ඇතාවුන් සේ ජිවත් නොවන්න.අපි කවදත් කොතැනකදීවත් උපහාසයකට අපහාසයකට ලක්කරන්න උදාකරන්න නරකයි මොකද ඒඅය යම් මානසික තාත්වයකට ඇද වැටෙන්න ඉඩකඩ ඇතිබැවින් අපිට නොපෙනුණාට.මම මෙය තරයේ හෙළාදකිනවා මම දන්නා මා මෙ සිටින දේශයේ පට්ට චීන්නු මෙලෝරහක් නැති මෙලෝහසරක් නොදැන සිටියත් එවුන්ගේ වැඩරාජකාරිය මේ දන්නා English කථා කරන කළු සුද්දන්ට වඩා බොහොම හොඳින් කරගන්නවා හරිම සතුටුයි මට.එමනිසා හිතවත ,හිතවතියනි.මෙවන් අතපසුවන සියළුදෙනාගේම වැරදි මමත් ඇතුළුව අපි සානුකම්පිතව බලා තේරුම් ගන්න උත්සහා කිරමු. අපිවැනි මනසින් උගත්,හදවතින් පොහොසත් මිනිසුන්සේ හැසිරෙන්න නිතරම කටයුතු කරමු.මෙය හුදෙක් මා ලියන්නේ මෙහි උඩම ලියා තිබෙන Saraa ge comment එකට ප්‍රතිචාරයක් බව මම දන්වන්න කැමැත්තෙමි.

        • සරණ says:

          True .. ඇත්ත .අපේම අය ට කොහේ ත් උදව් කරන අය අඩුයි ..කකුලේ න් අදින අය මිසක් .

    • ඇත්ත says:

      ලලිත් ට පමණක් නොව ජනතාවටත් මෙහෙම වෙලා මදි….
      එදා සරත් ෆොන්සේකා සම්බන්ධව අධිකරණය ස්වාධීන නැති බවට පාරම්බෑ වූවන්….රාවයේ මනරංජන…..පුරවැසි බලයට..එජාපයේ සුජීව සෙනසිංහටත්…..ශිරානි බණ්ඩාරනායක දෝෂිභියෝගයේදී බෙරිහන් දුන් නීතීඥ සංගමයටත්….
      මෙදා ලලිත් වීරතුංග සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් බව පෙනේ…….කොහොමද වෙනස…..සැපද?
      නමුත් ජනතාව සිතන්නේ එදා මෙන්ම අදත් අධිකරණයේ ස්වාධීනත්වය ඇත්තේ රජයට අවශ්‍ය පරිදි මිස පොදු ජනතාව වෙනුවෙන් නොවන බවයි….

      • bandara says:

        ඇත්තගෙ කථාව තිත්ත ඇත්තකි.
        මේ වෙනස මහින්දගෙ ආණ්ඩුවට තේරැම්ගන්න බැරි වුණා…කවදා හරි මෛත්‍රීට වෙන්නෙත් මේ ටිකම තමා..අබේකෝන් ජනාධිපති ලේකම්ට අස්වෙන්න වුණෙත් මේ විදිහටහම ජනාධිපති ලේකම් හිරේ යන බව කිව්ව හින්දද? ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නේ එංගලන්තය බවත්…..ලංකාවේ හිගන මට්ටමෙන් ඉස්සෙන්න මේ නීතිය බඩ නොදෙන බව ලංකාවේ ගොංජලා කවදා තේරැම් ගනීවීද?

      • තමන්ට අවශ්‍ය තීන්දු දෙනකම් අධිකරණය හොඳයි ස්වාධීනයි. දැන් මේ රජයෙ මුදල් අවභාවිතාව වරදක් නෙවෙයිද? මතක තියාගන්නවලා ෆොන්සේකා විතරයි නියම පිරිමියෙක් වගේ ජම්පරයක් ඇඳන් බන්ධනාගාර රෝහලට වෙන්නෙ නැතිව හිටියෙ. අනික් පම්පෝරි ගහන කාලකණ්ණි සේරම එලියෙදි පොරවල්, වීරයො.ඇතුලට ගියාම බයටම බන්ධනාගාර රෝහලේ. මහලොකු ගෙම්බන්පිල ඉඳල හැමඑකාම එහෙමයි.

    • Jaya says:

      දන්න බාසාවකින් ලිව්වානම් තමයි හොඳ. මේක ඉංග්‍රීසි පුරුදු වෙන තැනක් නෙමෙයිනෙ.

  2. DB says:

    WOW superb article hats off sir!!!

    • Nalin says:

      සුදු කොඩි නඩුවේ කාබන් පිටපත සිල් රෙදි නඩුව ද?

    • Mayadunne says:

      බලහත්කාරයෙන් මුදල් මංකොල්ල කමින්, දන් දීම පින් ලැබෙන ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක දේශනා කර නැත. මහින්ද රාජපක්ෂ තම පාලන ක්‍රමයේ ආරක්ෂාව වෙනුවෙන් මැතිවරණවලදී අත දිග හැර අල්ලස් දීම් ප්‍රසිද්ධියේ සිදු කළේය. සිල් රෙදි, ඔරලෝසු, ගෑස් ළිප්, පොත්පත්, ලිත් පමණක් නොව බත් පැකට් ද ඔහු ඒ වෙනුවෙන් බෙදුවේය. ඔහු ඒවා බෙදා දුන්නේ පිනට නොවේ. එය සැබැවින්ම ගනුදෙනුවක් විය. එකී අල්ලස් ලබා ගන්නා පුද්ගලයා කුමන ප්‍රශ්න පැවැතිය ද තමන් වෙනුවෙන් ඡන්දය දෙනු ඇතැයි ඔහු ගණන් බැලුවේය. ලංකාව වැනි දේශපාලනික වශයෙන් නොදියුණු තුන්වන ලෝකයේ රටක් තුළ එය සාර්ථක ක්‍රමෝපායක් විය. ඡන්ද අල්ලස් ලබා දෙද්දී ඒ සෑම දෙයක් සමඟම තම නම හා ඡන්ද සලකුණ සන්නාමකරණයට ලක් කිරීමට ද ඔහුගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූවෝ වග බලා ගත්හ. උදාහරණයක් ලෙස බත් පැකට්ටුවක් පිරිනමද්දී බත් ඇටයේ හැර අන් සෑම තැනකම රාජපක්ෂ සන්නාමකරණය දැකගත හැකි විය.

  3. Abeysinghe says:

    නැනසල කරපු එකට නොවෙයි ඊර්ෂ්‍යාවට ඒක නැත්තටම නැති කර දාපු එක ගැන නම් කියන්න තියෙන්නේ මහින්ද පතිරන මහත්මයා කියපු එක තමයි – ලලිත් උඹලට ඔහොම වෙලා මදි-

    මේ රටේ 33 කෝටියක් දෙවියෝ ඉන්නව කියන එක ඇත්ත නම් උඹලට තවම වෙන්න ඕන ටික උනේ නැහැ

  4. abhi says:

    Mahinda Pathirana,
    Don’t do dirty laundry too much.
    Biasing to one side is ok, but like this!!!

    • Sivanajaram says:

      You don’t know why he wrote this. Again no one has to not take any side. Taking sides is OK and normal that’s why we discuss in the first place. Hypocrisy is not OK. He is exposing the motivations behind that arrest which also would manipulate the public opinion.

  5. Rohitha says:

    Excellent article, Mahinda Pathirana. Can’t thank you enough. When something like this comes from the FB, there is hope for the future.

  6. Gayantha says:

    Katawa sahathika aitta. Thakshanaya saha adyapanaya nusudusu minissunta iwak bawak naithuwa dunna nisai mai okkoma awula. Libiyawa hadapu gaddafitat wune okamai.

  7. Ananda says:

    අධිකරණයේ ස්වාධීනත්වය පවතින රජයේ අවශ්‍යතාවය ඉටු කිරීමට අධිකරණය දක්වන දායකත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

  8. Wathsala says:

    සුදු කොඩි නඩුවේ තීන්දුවෙන් පසු දීපාලි විජේසුන්දර අභියාචනා අධිකරණයට පත් කළා වගේ සිල් රෙදි නඩුවෙන් පසු අභියාචනා අධිකරණයට පත් කරන්නේ කවුද?

  9. Binoj says:

    Mahinda is world class robber. He and his familiy members made money out of everything. They robbed money to do politics another 100 years in Sri Lanka.. Why you do not talk about how he won election bribing LTTE? Do not give us BABA HUKUM talk.Mahinda can not never come to power gain in Sri Lanka.

  10. Joseph Fernando says:

    We feel sorry about Lalith. But he himself created this situation. I can remember Lalith when he was a Assistant Director. At that time he was too close to Madam Sirima. During Chandrika’s time he was too close to MR. Civil Servant’s decision making should be beneficial to general public and disadvantaged groups and not for politicians. Can we compare Lalith with our time strong civil servant like WHS Karunarathna or Dikson Nilaweera? We need to learn from great civil servants like DG Dayarathna and Bradman Werakoon. But this situation was changed by Madam Sirima with change of Permanent Secretary position. From that point on wards civil servants became workers for politicians. This what Lalith did. Who is responsible for this?

    • Abeysinghe says:

      Lalith Weeratunga was the Trojan Horse inserted to Mahinda’s staff when he was the Prime Minister by President Chandrika Kumaratungato to watch on the activities of Mahinda and reported to Chandrika. Lalith gave Helping Humbantota details to Chandrika. Not for the intervention of another rogue Mr. Sarath Nanda Silva CJ , Mahinda would have worn the jumper long ago.

      That failed and Mahinda became President and Lalith got hooked in to Mahinda and Mahinda also wanted real crook as his Secretary , not a honest civil servant.

      Mahinda never liked honest officers. Lalith was the ideal character, experienced crook for Mahinda’s first officer. Lalith made the mistake thinking that till Lalith die Mahinda to be the President or Namal otherwise. 2015 January 8 everything changed

  11. Kings says:

    Thank you Mahinda Pathirana. You have analysed the situation nicely. As you said, younger generation can turn to any side like Breaslet, WoksVagon stories.

  12. padiya says:

    තමන්ගෙ ලේකම්ටත් ජම්පරේ ඇන්දූ මහරජා

    • prasanna says:

      NEXT JUMPER TO YOUR MOTHER

    • සරල says:

      මෙතන මහප්‍රාණ ලියල තියන බයියන්ට තේරෙන සරල භාෂාවෙන් වචන පහෙන් කාරණේ ලීවට උඹට පිං.

    • හුකැස් says:

      බෝලාගේ ආප්ප රජා නිසා ලේකම්ට විතරක් නෙමෙයි දවසක වටේ ඉන්න සෙට් එකටම ජම්පරේ අඳින්න වේවි

  13. Nishika says:

    ජනක දාල තියෙන comment එක හරියටම හරි. ඔහු දේශපාලනයක් නෙමේ කියන්නේ. වර්තමානයේ සමාජය තුල සිදුවේගන යන යථාර්ථයයි.
    මේ තත්වය වෙනස් කරන්නට වර්තමානයේ ඉන්න හිතන්නට පුළුවන් බුද්ධිමත් තරුණ තරුණියන්ට බාරයි.

  14. Siraa says:

    Mahinda ge weredden peradune… Hambayanta wara dhaana, kudukaarayo, horu, moda puththu. owa nisayi peradune

  15. Sudda says:

    Oya Patan gatthe Horu 40 n
    Ali BaBa Ey langadeema Karaliyata …

  16. සරල says:

    මෙතන මහප්‍රාණ ලියල තියන බයියන්ට තේරෙන සරල භාෂාවෙන් වචන පහෙන් කාරණේ ලීවට උඹට පිං.

  17. ෆැන්ඩන්ගෝ says:

    The Person who wrote this is a henchman of Basil R
    He’s a shame to academia

Main News