ලාංකිකයෝ යලිත් ජිනීවාහිදී කොටි ඩයස්පෝරාවේ කරඅඹති.. සද්ද නැතිව පසු බා යති..[Video]

September 28, 2017 at 3:50 pm | lanka C news
ලාංකිකයෝ යලිත් ජිනීවාහිදී කොටි ඩයස්පෝරාවේ කරඅඹති.. සද්ද නැතිව පසු බා යති..[Video]

​​ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 36 වන මානව හිමිකම් සැසිවාරයේ පැවති සමාන්තර සැසියකදී යලිත් දෙමල බෙදුම්වාදීන් හා ගෝලීය සංසදය නියෝජනය කරමින් සැසියට සම්බන්දවන ශ්‍රී ලංකා කන්ඩායම අතර ඉතා උනුසුම් තත්වයක් ඇතිවිය.

එහිදී ඊලාම් ද්‍රවිඩයන්ගේ අන්තර්ජාතික කවුන්සිලයේ විදේශ් කටයුතු පිලිබඳ ලේකම් වරයා වන ටී තිරුකුලසිංහම් නැමති බෙදුම්වාදියා 1983 දී ඇතිවූ ජාතිවාදී කෝලහාලය මතක් කරමින් තදින්ම සිංහල ජනතාවට චෝදනා කල අතර ඔහු කියා සිටියේ යුද්ධය කාලයේ ගෝඨාබය රාජපක්ෂ මහතා උතුරේ සිටින්නේ දෙමල ජනතාව 70​​,000 ක් පමනක් යැයි කිවූ බවත් ඒ අනුව ශ්‍රී ලංකා හමුදාවේ අරමුණ වූයේ හැකි පමන දෙමල ජනතාව මරාදමීම බවත්ය.

ශ්‍රී ලංකික නියෝජිතයෝ මෙම අසත්‍ය චෝදනා ප්‍රතික්ශේප කල අතර අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ යුද්ධය අවසානයේ අහිංසක දෙමල ජනතාව 290,000 කට වඩා මුදවා ගන්නට අපේ හමුදාව ක්‍රියා කල බවය එම උත්සාහයෙදී අපේ සොල්දාදුවන් බොහෝ දෙනෙකු තුවාල වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම ආචාර්ය නාලක ගොඩහේවා 1985 වසරේ එල් ටී ටී ය විසින් ශ්‍රී මහා බෝධිය හමුවේ බෞද්ධ බැතිමතුන් 120 ක් මරා දමා 85 දෙනෙකුට තුවාල කිරිමේ සිට නොනැනවතී කරන ලද සිවිල් වැසියන් ඝාතනය කිරීම් දීර්ඝ ලැයිස්තුවක් කියවා පෙන්වා දුන්නේ ඉන් එකද අවස්ථාවකවත් සිංහල ජනතාව යලි ජාතිවාදී කෝලහාලයක් ඇති නොවන්නට වගබලා ගත් බවයි.

ප්‍රංශයේ ජීවත් වෙමින් එල් ටී ටී සංවිධානයට මුදල් ආධාර දුන් තිරුකුලසිංහම්වැනි අයගේත් අත්වල ලේ තැවරී ඇති බවත් ලංකාවේ රණ විරුවන් යුධ අපරාධවලට වගකිව යුතුයැයි කියන මෙවැනි එල් ටී ටී ආධාරකරුවන්ද ත්‍රස්ථවාදීන්ම වන නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඔවුන්ද වගත්තරකරුවන් ලෙස සැලකිය යුතු බවත් ආචාර්ය ගොඩහේවා පෙන්වා දුන්නේය.

මෙම සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බෙන්ගමුවේ නාලක හිමි, අද්මිරාල සරත් වීරසෙකර ,ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත්, වසන්ත කීර්තිරත්න ඇතුලු කන්ඩායමක් සහාභාගී වූ අතර සම්මන්ත්‍රනය අවසානයේ එහි පැමින සිටි විදේශ නියෝජිතයින් වැඩිදෙනෙකුම පැවසුයේ ශ්‍රී ලංකාව පිලිබඳ ඇත්ත තත්වය දැන් වැටහෙන්නේ මේ පැහදිලි කිරීම් නිසා බවය.

– චාමින්ද කරුණාරත්න


19,253 Viewers

10 Comments to “ලාංකිකයෝ යලිත් ජිනීවාහිදී කොටි ඩයස්පෝරාවේ කරඅඹති.. සද්ද නැතිව පසු බා යති..[Video]”

  1. Perera says:

    මේ ජාතිවාදී පරයින්ගේ ලංකා පුරවැසි අයිතීන් අහෝසි කොට ලංකාවේන් පලවා හැරිය යුතුය.

  2. LIONS DONT GIVEUP FIGHT TO THE END…..WE LOVE YOUR ALL

  3. kamanu says:

    great

    country need people like you .not the politician l.

  4. Gotaimbara says:

    What the government should be doing is done by our Sri Lankan Heros. Well done. It is time that we start taking care of our affairs.

  5. aagamikaya says:

    Aththenma Weerasekera mathiyhumani oba ape rate Janadhipathy viyayuthu mahathmayek. Oba obey rata venuwen karanade me rate Inna avalan nayakayo karanne nane. Mage rata venven oba athulu kandayama karanadeta yoda bala yoda shakthiya labewa.

  6. ලයනල් දොලපිහිල්ල says:

    දේශප්‍රේමී ශ්‍රීලාංකික නියෝජිත කණ්ඩායමට මාර්ගෝප දේශකත්වය
    සලසන අතිගරු බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේට ශ්‍රී ශ්‍රීලාංකීය
    ජනතාවගේ කෘතගුනවේදී උපහාරය!

  7. Ranjan says:

    Well done. Keep the flag flying.

  8. sarath says:

    well done and appreciate your brave effort.Sad to see that mainstream media is so blind in this regards

Main News