ලොතරැයි මණ්ඩල රවිට දුන්නොත් රට පුරා ලොතරැයි විකිණීම නවතා වර්ජනයේ..

June 12, 2017 at 11:20 am | lanka C news
ලොතරැයි මණ්ඩල රවිට දුන්නොත් රට පුරා ලොතරැයි විකිණීම නවතා වර්ජනයේ..

මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කළහොත් ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට ලොතරැයි අලෙවිකරුවෝ සූදානම් වෙති.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹේ මහතාගෙන් අප කළ විමසීමේ දී ඒ මහතා සඳහන් කළේ ඒ පිළිබඳව තවමත් පවතින්නේ ආරංචිමාර්ග පමණක් බැවින් සහ ගැසට් නිවේදනයක් නිකුත් වී නොමැති බැවින් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තීන්දුවක් ගෙන නොමැති බවයි. එසේම ක්‍රිෂාන්ත මාරඹේ මහතා සඳහන් කර සිටියේ දැනට ඔවුන්ට ලැබී ඇති ආරංචිමාර්ග අනුව දැනගන්නට ලැබී ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බවයි.

නමුත් එම මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරා ගතහොත් ඉදිරියේ දී සිය සංගමයේ විධායක සභාව රැස් වී ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දු කරන බව ද ඔහු පැවසීය. එසේම ඉතිහාසයේ මේ දක්වා මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය වෙනත් අමාත්‍යාංශයක් සතු වීම විපර්යාසයක් බැවින් එසේ වෙනස් වීමක් සිදු නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.

ප්‍රදීපා වීරසේකර
– sathhanda.lk

12,160 Viewers

9 Comments to “ලොතරැයි මණ්ඩල රවිට දුන්නොත් රට පුරා ලොතරැයි විකිණීම නවතා වර්ජනයේ..”

  1. ජසයා says:

    පිස්සුද ඕයි? ගැසට්ටුව ගැහුවේ ගිය 7 වෙනිදා. පුළුවන්නම් ස්ට්‍රයික් කරමු. හා..ද?…

    • OLU says:

      Minister Ravi , Why not tell the truth … what you want to do everything for your own benefit, not for our Country or People ..You can’t expect any loyalty from people of this country …Therefore EMPLOYEES HAVE RIGHTS TO STRIKES … Strikes the only tool for workers to protect themselves.
      National Lotteries Board of Sri Lanka. ,Employees Please Get up, stand up, Stand up for your rights. Get up, stand up, Don’t give up the fight.

    • ලෙන්චිනා says:

      පිස්සුද ඔයි බලනවකො තමුසෙලට මොන ගවුරවයක්ද කොරලා තියෙන්නේ දැන් නිකන් ලොතර්යි කාරයෝ නෙවෙයි විදේශ අමාත්‍යංශයේ සේවය කරන තානාපති ලොතරයි කාරයෝ එහෙම දේවල් ලෝකේ කොහෙවත් අහලා තියෙනවද ?
      දැන් තමුසෙලාට පිටරට යන්නත් ලෙසිවේවි ඒවගේම පිටරට යන්න දෙන්නේ විදේශ අමාත්යන්ශේ රාජකාරි පාස්පෝට් එකක්
      කොහොමඩ ලෝකේ හොඳම මුදල් ඇමතිගේ සොරි විදේශ ඇමතිගේ වැඩ

  2. vije says:

    Konda pana nathi nayakayan rata karanakota oyawage dewal wenawa. ay Ravi kiwe ewa dunne nattam anduwe hora okkoma eli karanwa kiyala. lajja nathi nayakayo. mulu Lankawama kaalakani wela ada. kisima abimanayak naha.

  3. Salmal says:

    All the People in this Country should strike against this Government What else we can do without opposed to their policies .
    Go on strike and picketing …Fight for your rights ……JAYA WEVA !!!
    Elections remind us not only of the rights but the responsibilities of citizenship in a democracy.

  4. Dickie Bird says:

    Do avoid buying lottery tickets.
    Support the lottery sellers………………

  5. Boo says:

    ලොතරැයි වර්ජනය හරහා මේ ප්රස්නය විසදීම හොදම ක්රමයයි. කාටවත් බල කරන්නවත් වරදක් කියන්නවත් බෑ ලොතරැයි නොගෙන හිටියොත්.

  6. sithum says:

    Hon.Ravi ( Minister of Foreign and Lottery Ticket) want to sell lotteries to Foreigners..Is it strategic innovation or bad choice ?
    There is no one otherthan him to handle lottery boards in Sri Lanka as per My3

    • Boo says:

      1. Not Hon, it must be Gon Ravi. Please do not insult the word “Honorable”, because it will hurt the true Honorables if that word is used for utterly corrupt, mentally disabled, physically stubborn, cunning and professionally incompetent cheats like the current bunch of rulers.

      2. It is neither strategic innovation nor bad choice. It is a “good” choice by Gon. Ravi for his private business advantage. He is simply picking and choosing government institutions for his own private business opportunities for commissions and omissions etc. Other than there is no logic to ask for lottery board by a foreign minister.

      3. This is not as per MY3. This is as per Gon.Ravi. MY3 does not run the country and does not make decisions. It is Gon.Ranil , Gon.Ravi and Gon.Rajitha who make decisions in the country today taking cover behind a scarecrow called MY3.

Main News