ලොරියක් දුම්රියේ හැපී මීටර ගණනාවක් ඇදගෙන යයි.. දෙදෙනෙක් රෝහලේ.. [Photo]

October 4, 2018 at 6:47 pm | lanka C news
ලොරියක් දුම්රියේ හැපී මීටර ගණනාවක් ඇදගෙන යයි.. දෙදෙනෙක් රෝහලේ.. [Photo]

හික්කඩුව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (04) සවස ලොරියක් දුම්රියේ ගැටීමෙන් ලොරියේ ගමන්ගත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

අද (04) සවස 3.00 ට පමණ මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රග්‍රාමී දුම්රියේ මෙම ලොරිය ගැටී ඇත්තේ හික්කඩුව, වවුලගොඩ දුම්රිය හරස් මාර්ගයේදීය. අනතුරට පත් ලොරි රථය ගම්පහ, පස්යාල ආයුර්වේද සමාගමට අයත් එකක් බව හික්කඩුව පොලීසිය කියයි.

ලොරි රථය, දුම්රියේ හරි මැද ගැටී ඇති අතර ලොරි රථය දුම්රියේ ඇමණී මීටර් 200 ක් පමණ දුරට ඇදී ගොස් තිබේ. එසේ ඇදී යෑමේදී දෙපස තිබූ ටෙලිෆෝන් කණු හා වෙනත් දෑ වල ගැටී තිබෙන අතර ඒ නිසාම එම දේපල වලටද දැඩිහානී සිදුව තිබේ. ඒ නිසාම ලොරි රථයට වැඩි හානියක් සිදුව ඇත්තේ ලොරි රථය දුම්රියේ ගැටීමට වඩා එය දුම්රියේ ඇමණී ඇදී යෑමෙන් බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි. මේ තත්ත්වය මත ලොරි රථයක් තිබේද යන්න පවා නිසි පරිදි නොපෙනෙන මට්ටමටම ලොරි රථයේ වෙනත් දෑ ඇමණී තිබෙන බවද හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාව වන විට ලොරි රථයේ දෙදෙනකු ගමන් කර තිබෙන අතර දෙදෙනාගේම දිවි ගැලවී ඇත්තේ ලොරි රථය දුම්රියේ මැද වැදීම නිසා බවද හික්කඩුව පොලීසිය කියයි. වවුලගොඩ දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් නොමැති අතර අලෝක සංඥා හා ශබ්දය පිටවන ස්පීකරයක් පමණක් ඇත. ආලෝක සංඥා හා ශබ්ද සංඥාද අද (04) දිනද ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. නමුත් එය නොතකා ලොරි රථය දුම්රිය මාර්ගය හරහා යෑමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව හික්කඩුව පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.

දුම්රිය හරස් මාර්ග අසල සවිකර තිබෙන ශබ්ද සංඥා වීදුරු වසා ඇති වාහන වලට හරිහැටි නොඇසෙන බව ප්‍රකාශ කරන ප්‍රදේශවාසීන් ශබ්ද සංඥා මෙවන් ස්ථාන සදහා ඉතා හොද සංඥා ක්‍රමයක් නොවන බවද ප්‍රකාශ කරයි. ආලෝක සංඥා සදහා රියදුරන් වැඩි අවධානයක් යොමු නොකරන බැවින් දුම්රිය රේල් ගේට්ටු ක්‍රමය මෙවැනි ස්ථාන සදහා ඉතා හොද ආරක්ෂක ක්‍රමයක් බවද සදහන් කරයි.

– ජයකාන්ත ලියනගේ

6,501 Viewers

3 Comments to “ලොරියක් දුම්රියේ හැපී මීටර ගණනාවක් ඇදගෙන යයි.. දෙදෙනෙක් රෝහලේ.. [Photo]”

  1. siran says:

    colour light anugamanaya karanne polisiyen hitiyoth witharadha

  2. sakalabujan says:

    need a rail gate which is working with solar power.

  3. Just says:

    Need to provide brains to these idiotic drivers. They are not kids, they must look and check before crossing the railway.

Main News