ලොව ලොකුම නත්තල් ගහෙන් පසු අර්ජුනගෙන් ලොව පළමු ලේසර් වෙසක් තොරණ..[Photo]

May 8, 2017 at 1:20 pm | lanka C news
ලොව ලොකුම නත්තල් ගහෙන් පසු අර්ජුනගෙන් ලොව පළමු ලේසර් වෙසක් තොරණ..[Photo]

ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම අනිද්දා (10) එනම් වෙසක් පුන්පොහෝ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරේ.

කොළඹ ගාලු මුවදොර පිටියේ ඉඳි කෙරෙන මෙම තොරණ විවෘත කෙරෙන්නේ එදින සවස 7ටය. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත නිර්මාණය කෙරෙන එම තොරණ 14වැනිදා දක්වා මහජන ප්‍ර‍දර්ශනයට විවෘතව පවතී. ඒ කොළොම්තොට වෙසක් කලාපයට සමගාමීව වේ.

කොළොම්තොට වෙසක් කලාපය, වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරයි. මෙවර එය පැවැත්වෙන්නේ සිව්වැනි වරටය. කොළඹ ගාලු මුවදොර පිටිය සහ වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින් එම කලාපය විහිද පවතී. එහි ප්‍ර‍ධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ වේ. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ,ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුවට පාදක වේ. ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය. පසුබිම් සංගීතය විමලජීව දොඹවත්ත මහතාද, කතා වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරයි. රාත්‍රී කාලයේ අහසේ සිතුවම් වන මෙම තොරණ දෙස් විදෙස් බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයට යොමු වනු ඇතැයි ආචාර්ය ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා පවසයි.

“ලේසර්වල තියෙනවා විවිධ තාක්ෂණ ක්‍ර‍ම. වෛද්‍ය විද්‍යාවේ ලේසර් භාවිත කරනවා. ඒ වගේම යුධ කටයුතු සඳහාත්, මැනීම් කටයුතු හා ඉංජිනේරු විද්‍යාවටත් ලේසර් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒවගේම විශාල වශයෙන් විනෝදාස්වාදය සඳහාත් යොදාගන්නවා. එහිදී අපි භාවිත කරන්නේ විනෝදාත්මකව යොදාගන්නා ලේසර් කිරණ වර්ගයක්. එහි කිසිම ශරීර හානියක් නැහැ. මේ නිර්මාණය කරන්න අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි විනෝදාස්වාදය සඳහා යොදාගන්න ලේසර් කිරණ නැතහොත් ලේසර් කලාව බුද්ධ චරිතය සම්බන්ධ කරමින් ශ්‍ර‍ද්ධාව ඇතිකිරීම සඳහා යොදාගැනීම. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා කියලා මම හිතනවා…..” යැයිද ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා කියා සිටී.

– තමීර මංජු

19,350 Viewers

15 Comments to “ලොව ලොකුම නත්තල් ගහෙන් පසු අර්ජුනගෙන් ලොව පළමු ලේසර් වෙසක් තොරණ..[Photo]”

  1. love nature says:

    Einstein said “If there is any religion that could cope with modern scientific needs it would be Buddhism” because Buddhism, like science, is entirely concerned with understanding the world around us.

    • Sharia Boy says:

      NO PROOF !!!! ALMOST A LIE…

      Donald S. Lopez Jr. distills six items of interest from from his book Buddhism and Science: A Guide for the Perplexed:

      Although the statement is widely attributed to him, Albert Einstein never said, ”The religion of the future will be a cosmic religion. It should transcend a personal God and avoid dogmas and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things, natural and spiritual as a meaningful unity. If there is any religion that would cope with modern scientific needs, it would be Buddhism.” Einstein appears to have occasionally made passing references to the Buddha in conversation. Yet something compelled someone to concoct this statement and attribute it to Einstein, the Buddha of the Modern Age. And since the time when Einstein didn’t say this, intimations of deep connections between Buddhism and science have continued, right up until today.

      https://en.wikipedia.org/wiki/Talk%3ABuddhism_and_science

    • Amda says:

      පලවෙනි වතාවට? බයිල තමයි. මේ වගේ ලේසර් ශෝ එකක් මහින්දගෙ කාලෙ වෙසක් දවසක මියුසියම් එකේ (කටුගෙයි ) කලා. පාරේ ගිය වාහන මිනිස්සු ඔක්කොම නවත්තලා බැලුවා. ඒක බෞඩ්ධ කතාවක් නම් නෙවෙයි ඒත් ලස්සන ලේසර් ශෝ එකක්.

  2. love nature says:

    The religion of the future will be a cosmic religion. The religion which based on experience,
    which refuses dogmatic. If there’s any religion that would cope the scientific needs it will be
    Buddhism….
    Albert Einstein

  3. love nature says:

    ” Among the founders of all religions in this world, I respect only one man — The Lord Buddha. The main reason was that The Lord Buddha did not make statements regarding the origin of the world. The Lord Buddha was the only teacher who realised the true nature of the world.” (Bertrand Russell)

  4. love nature says:

    බුදු දහම අහම්බෙන් පහළ වූ දෙවියෙකු හෝ බාහිර බලවේගයක් විසින් මෙහෙයවනු ලැබූ ශාස්තෘ වරයෙකු දේශනා කරන ලද්දක් නොවේ. එය බුද්ධත්වය නම්වූ විශ්වයේ ඇති උත්තම පදවිය උදෙසා කල්ප ගණනාවක් ආත්ම ගණනාවක් තිස්සේ බෝසත්වරයෙකු ලෙස මහත් දුකසේ රැස්කරගත් දැනුම හා අත්දැකීම් සම්භාරයක සාධාරණ ප්‍රතිඵලයකි.

    සාම්ප්‍රදායික ආගම් මිනිසා සහ පරිසරය හා බැඳුනු සියලු දේ යම් සචේතනික දෙවියකු සමඟ බද්ද කර විග්‍රහ කිරීමට වෙර දැරීමේදී බුදු දහම ඒ සාම්ප්‍රදායික මිත්‍යා මත දුරු කරමින් ඒ සියල්ල නූතන විද්‍යාවට සමාන්තර ව හා ඉන් ඔබ්බට දිවෙන පරිදි මේ සියල්ල අචේතනික බලවේගයන් ගේ ප්‍රතික්‍රියා මත පූර්වයෙහි පැවති “හේතුවක” ඵලයක් නිසා හට ගැන්ම, නැසීම, යළි හට ගැන්ම හා මේ අන්තරය ආදී වශයෙන් විශ්ව ක්‍රියාකාරීත්වයෙහි “චක්‍ර” ස්වරූපය ගෙන හැර දැක්වීම නිසා, එම ධර්මය භෞතික ගෝචරත්වය අතින් සෙසු ආගම් ගව් ගණනකින් අබිබවා සිටින්නේය.

  5. love nature says:

    රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලෙනවා. ඇලෙනවා කියන්නේ මොකක්ද? යළි යළිත් ඉපැදීම සඳහා කර්ම සකස් කර ගන්නවා. මේ කර්ම අතර කුසල කර්මත් තිබෙනවා, අකුසල කර්මත් තිබෙනවා. මේ කවර කර්මයක් වුවත් විපාක දීම සඳහා සසර රැඳී සිටිය යුතු වෙනවා. ඒ කියන්නේ සසර ගමන දිගු කර ගන්නවා. අනේ මොන තරම් මුලාවක් ද? මොන තරම් අපරාධයක් ද?

    ලබා ගැනීමට ඉතා දුෂ්කර යැයි බුදු වදනින් ම දේශනා කරන ලද මිනිස් භවයක් ලැබූ අප, ඇයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නො ගන්නේ? ආයෙත් කව දා නම් මිනිස් භවයක් ලැබේදැයි අනුමාන කරන්න පුළුවන් ද?

  6. LION says:

    පෙරහැර කරන්නට අලි ඇතුන් ප්‍රමාණවත් නැති නිසා දැන් වන ජීවී දෙපාර්තමේන්තුව සැරසෙන්නේ අලි ඇතුන් 300ක් අල්ලා පන්සල්, අසපු, වලව්, ‍දේශපාලක බංගලා ආදියට බෙදා හැරීමටයි. අයථා ක්‍රමවලින් ඉක්මණින් මුදල් ඉපැයූ බොහෝ අය අලි ඇතුන් මිළ දී ගැනීමට සූදානමින් සිටිති.

  7. Alapaluwa says:

    මේවා මහා බොරුවැඩ අපගේ තථාගත ගවුතම බුදුපියාණන්වහන්සේගේ ඉපදීම වෙනුවෙන් මේ කරන විකාර මහා ප්‍රෝඩාවක් නොවේද?.බෞධයෙක් ළඟ තිබෙන්න අවශ්‍යම කරුණු එය නොවේ.මෙයයි තිබිය යුතු වැදගත්ම කරුණු තුන.එනම් මෙත්තා, කරුණා, මුදිතා, යන වචනේ සදා අර්ථයයි. කෝ අද මේ මිනිසුන්ගෙන් මේ සදාචාරයත් ධාර්මිෂ්ට ගතියත් ළඟ තිබේද?මේ ගති ඉවත්වෙලා දැන් අමුනුෂයෝ ළඟ තිබෙන ගති පහළවෙලා. හොඳ ගති තුරන්වෙලා බොහෝකල්ය ඒ මාගේ දෙමවුපියන්ගේ කාලේ.දැන් මේ සුදු ඇඳගත් අය නිතරම අකුසල් වපුරමින් දෑහැමින් කාලය ගතකරනවා.මෙවන් උත්සවක් ළඟ එනවිට රඟපානවා තමන් නියම බෞධයෙක් විදියට ඉතින් මෙය විකාරයක් නොවේද?.කරන තරමක් දුෂණ,වංචා,හොර,මැරකම්.ලෝකේ තිබෙන අන්තිම නින්දිත,පාහත් වැඩ කරමින් මෙවන් දිනවල පමණක් තමන් බෞද්දයෙක්වීම ඇත්තටම ලැජ්ජා වියයුතුයි. තමන්ගේ හදවතත් සමග කථා කරන්න එවිට බලන්න ඔබ කොපමණ වාන්චනිකද කියලා.අද කොතෙක් අසරණවී කරකියා ගන්න බැරිව ඉල්ලන් කන්න, සිගමනේ යන්න බැරිව සිටිනවද අපේ මේ අහිංසක මිනිසුන් ඇයි ඔබලාට එය නොපෙනෙන්නේ? බෝධිසත්ව ගුණයෙන් මේ අසරණ අයට පිහිට වන්න එය ඔබහට මහගු පිළිසරණක් සිතට,ගතට ලැබේවි.අනෙක එදාටවත් කරපු අන්තිම පවුවලින් බිඳක්වත් ගෙවියන්න කියා පාර්ථනා කරන්න.නමුත් තමන්ට ලබන කලට සැප වැඩියි කියා විඳින කලට දුක ඊටත් වැඩියි කියා අනිත්‍යම මෙනෙහි කරන්න.

  8. nimal says:

    අර්ජුණ නිකම් බොරුවට අපේම සල්ලි වලින් අපිව අන්දන්නෙ නැතුව පුළුවන්නං උඹේ ඇමති කාර් ඵක නොගෙන දුප්පත් පවුල් 25 කටවත් ඉන්න ගෙවල් ටිකක් හදල දීපං..!!!

  9. nimal says:

    අර්ජුණ නිකම් බොරුවට අපේම සල්ලි වලින් අපිව අන්දන්නෙ නැතුව පුළුවන්නං උඹේ ඇමති කාර් ඵක නොගෙන දුප්පත් පවුල් 25 කටවත් ඉන්න ගෙවල් ටිකක් හදල දීපං..!!!

  10. Velusumana says:

    Ane Me wesak Card Pennala Apiwa rawattanawa…
    Arjunaya Gahapu Thorana Bimatama Flat Kiyalai Arnnchiya.

Main News