ලෝකයේ අනාරක්ෂිතම වාහනය ත්‍රීරෝද රථයයි…

July 12, 2018 at 3:50 pm | lanka C news
ලෝකයේ අනාරක්ෂිතම වාහනය ත්‍රීරෝද රථයයි…

සමස්ථ ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය විසින් අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යොසු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

තොරතුරු නිලධාරි,
අමාත්‍ය මණ්ඩල කාර්යාලය,
ජනරජ ගොඩනැගිල්ල,
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
‍කොළඹ 01.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන තොරතුරු ඉල්ලීමයි

යතුරුපැදි අනතුරු හා මරණ අඩු කර ගැනීම සඳහා අධිතාක්ෂණික යතුරුපැදි ලොව පුරා ඉවහල් වේ. නමුත් ලෝකෙ එවැනි යතුරුපැදි නිෂ්පාදනය වන්නේ සි.සි. 600 හා ඉහල ඒවා පමණි. නමුත් ලංකාවේ යතුරුපැදි සඳහා සි. සි. 450 ධාරිතා සීමාවක් පැනව තිබෙන්නේ 1980 දශකයේ ආරක්ෂක තත්ත්වයට ආ නීතියක් හේතුවෙන් ය. එය දැන් වලංගු වන්නේ නැත.

2016 දෙසැම්බර් මස යතුරුපැදි ධාරිතා සීමා ඉවත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබුන ද, එය ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මන්ඩලය තීරණය කර තිබේ. එහි පත්‍රිකා අංකය 16/2498/709/097 වේ. රටේ මිනිසුන්ගේ මාර්ග ආරක්ෂාව ගැන මෙතරම් සිතනා එකී කැබිනට් මන්ඩලය 70% අනාරක්ෂිත වාහන තිබෙනා මහා මාර්ගවල අධිබලැති ලැම්බොගිනි, ෆරාරී, ඩොජ් චාජර් ධාවනයට විරෝධයක් ප්‍රකාශ නොකරන්නේ ඒවායේ රියදුරුන්ට ආරක්ෂාවක් තිබෙනා නිසා බවට තොරතුරු ලැබී තිබේ. අනතුරක දී කෝටිපති රියදුරා බේරී අහක සිටිනා අසරණ පදිකයින්, යතුරුපැදිකරුවන් හා ත්‍රීරෝද රථ මගීන් මිය යෑම කැබිනට් මන්ඩලයට ගැටලුවක් නොවීම විහිළු සහගත ය. අනතුරක දී වාහනය තුල හිස ගැටි මිනිසුන් මිය යන ලෝකේ අනාරක්ෂිතම වාහනය ත්‍රීරෝද රථය වෙනුවට ආදේශ කිරීම, එය මගී ප්‍රවාහනය සඳහා ගැසට් කිරීම, එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම කැබිනට් මන්ඩලයට ගැටලුවක් නොවීම තවදුරටත් විහිළු සහගත ය. බීමත් රිය ධාවනය වැඩි වන අවස්ථාවක බියර් මිල අඩු කිරීමට කැබිනට් මන්ඩලය විරුද්ධ නොවීම තවදුරටත් විහිළු සහගත ය.

මැති ඇමතිවරුන් අඳුරන අයගේ ළමුන් හා පුද්ගලයන් කීප දෙනෙකු ඵල පුරුද්දක් හා නිසි ආරක්ෂිත උපකරණ නොමැතිව එම යතුරුපැදිවල ක්‍රීඩා කිරීමට හා පිස්සන් සේ හැසිරීම නිසා අනතුරු සිදුවීම සමස්තයකගේ අයිතිවාසිකම් කඩ කිරීමට හේතුවක් නොවේ. මේ සඳහා යතුරුපැදි රියදුරු බලපත්‍ර පන්ති හා යතුරුපැදිය එවැනි ළමුන් හා පුද්ගලයන් අතට පත්වීම වැළැක්වීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අප සංගමය යෝජනා කර තිබේ (2017-10-29 මහජන අදහස් අනුව සකසා අතිගරු ජනාධිපතිවරයා වෙත යොමුවූ යෝජනාවලියේ, 3.6 වන කරුණ) .

පසුගිය රජය සමයේදී එම යතුරුපැදි ධාවනය සඳහා සම්පූර්ණ නිදහස ලබාදී තිබුණි. මේ අදාළ කාර