ලෝකයේ වැඩිම වැටුප අතහැර ශ‍්‍රී ලංකා පිල බාර ගැනීමට හතුරුසිංහ එයි…

November 12, 2017 at 10:40 am | lanka C news
ලෝකයේ වැඩිම වැටුප අතහැර ශ‍්‍රී ලංකා පිල බාර ගැනීමට හතුරුසිංහ එයි…

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරැ ධුරය බාර ගැනීමට සූදානමින් සිටින චන්දික හතුරුසිංහට එතෙක් මෙතෙක් ලෝකයේ ක‍්‍රිකට් පුහුණුකරුවෙකුට ගෙවූ වැඩිම වැටුප අතහැරීමට නියමිත බව වාර්තා වෙයි.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරැව සිටියදී හතුරැසිංහ වෙනුවෙන් එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය මාසිකව ගෙවූ මුදල රුපියල් ලක්‍ෂ 46ක් පමණ වෙයි.

ශ‍්‍රී ලංකාවේදී එක් වසරක් සදහා ඔහුට ගෙවීමට යෝජිත මුදල ඇමරිකානු ඩොලර් තුන් ලක්‍ෂයකි. එනම් ශ‍්‍රී ලංකා රුපියල් හාරකෝටි පනස් නව ලක්‍ෂයක් පමණ වෙයි. මේ අනුව ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ 39ක් පමණ වෙයි.

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම හා පරිපාලනය අතර ඇති කරගත් මත ගැටුමක් හේතුවෙන් ඔහු එම පුහුණුකරැ ධුරය අතහැරීමට තීරණය කර ඇති බවද සදහන්ය.

28,184 Viewers

7 Comments to “ලෝකයේ වැඩිම වැටුප අතහැර ශ‍්‍රී ලංකා පිල බාර ගැනීමට හතුරුසිංහ එයි…”

  1. ajita de costa says:

    you have dig your grave yard – taking sri lanka at this crisis political situation- stay in banga – do not come now thaturu- you will tarnish your name for sure sure – trust me

  2. shantha kuru says:

    thilanga is a rouge

  3. sujith says:

    No, Ravi Shastri’s annual salary is more than 1 million dollars.

  4. Hathuru says:

    Ai oi u ape eka uta gewala gannna Nathuwa kohomada?

  5. LION says:

    අපේ එකා අපට අගේය අපේ ප්‍රණාමය ඔබට

  6. gona says:

    matha gatumak athi wunaamada lankawa mathak wunee

  7. Don says:

    No problem about this salary… as a cricket fan, im happy. we have only one world class sport here in our country.. at least we need to save this sport…

Leave a Comment

Main News