ලෝකයේ විප්ලව කලේ කෙට්ටු මිනිසුන්.. යහපාලනය සමහරුන්ට තේරෙන්නේ නෑ..

May 14, 2017 at 8:02 am | lanka C news
ලෝකයේ විප්ලව කලේ කෙට්ටු මිනිසුන්.. යහපාලනය සමහරුන්ට තේරෙන්නේ නෑ..

ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධානය කළ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලීය රඟහලේ දී පැවැත්විනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි විය.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ජාත්‍යන්තර හෙද දින සැමරුම ඒකාබද්ධව සැමරිය යුතුයි. මම එම යෝජනාව මිීට පෙර ඉදිරිපත් කළා. මොකද වර්තමානයේ සිටින තරුණ හෙද හෙදියන් දන්නේ නැහැ හෙද සේවාව මෙම තත්ත්වයට ආවෙි කොහොමද කියලා. කටුක, අමිහිරි යුග පසුකර තමයි මෙම තත්ත්වයට ආවෙි. එම සටන් වලදී මමත්, මුරුත්තෙට්ටුවෙි ආනන්ද හිමියන් සමග එකට සිටියා. හෙද උපාධිය ලබාදීමෙි යෝජනාව ඉදිරිපත් කළේ 2002 වසරේ දීයි. එතෙක් වෘත්තීය සමිති මෙි බව ප්‍රකාශ කර තිබුනේ නැහැ. හෙද හෙදියන්ට උපාධිය ලබාදෙන විට වෛද්‍ය සංගමය විරෝධය පළ කළා. මතවාද තිඛෙන්න පුළුවන්. හැබැයි ලිං මැඩියෝ වගේ වැඩ කරලා පළක් නැහැ. සටන් පාඨ විතරක් තිබුනාට මදි. ඒවා ජනතාව පිළිගන්නේ නැහැ. වර්තමාන ලෝකය දෙස බලා හෙද සේවාව දියුණු කළ යුතුයි. හෙද හෙදියන් 2000 කට පුහුණුව ලබාදෙන හෙද පීඨය ජයවර්ධනපුර මහ රෝහල් පරිශ්‍රයේත්, ඔවුන් සදහා නේවාසිකාගාරය මුල්ලේරියාව ප්‍රදේශයේත් ඉදිකිරීමට සැළසුම් කර තිඛෙනවා. දියුණු සෞඛ්‍ය සේවාවක් රට තුල ආරම්භ කළ යුතුයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති හිමිපාණන් ප්‍රකාශ කළා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදු වූ අසාධාරණයක් පිළිබදව. කවුරු හරි ප්‍රකාශ කළ දෙයක් ද දන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේ බැන්නත් කමක් නැහැ. ඔබ වහන්සේ මා වෙනුවෙන් කළ දේවල් මම දන්නවා. මිත්‍රත්වය සදාකල් අමතක වන්නේ නැහැ. අදහස් වෙනස් වෙන්න පුළුවන්. දේශපාලන මතවාද මට වැඩක් නැහැ. හෙද සේවය දියුණු කර ගැනීම සදහා රජය ආරම්භ කළ වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද බෝඩි ලැලි වලට සීමා වූ වෘත්තීය සමිති ලංකාවෙි තිඛෙනවා. හෙද සේවාව දියුණු කිරීමට අවශ්‍ය සියළුම සහයෝගය මම ලබාදෙනවා. සාකචිඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. යහපාලන ක්‍රමය සමහරුන්ට දුර්වලකමක් වෙන්න පුළුවන්. නමුත් ලෝකය තුල විප්ලවීය වෙනසක් සිදු කළ නායකයින් කෙසඟ සිරුරක් ඇති අයයි. ස්වාමින් වහන්සේත් මමත්, හෙද සේවාව දියුණූ කිරීමට සටන් කළා. අඩුපාඩු තිඛෙන්න පුළුවන්. ඒවා පෙන්වා දෙන්න. යහපාලන රජය ආරම්භ කර ඇති සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන්න.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

4,147 Viewers

8 Comments to “ලෝකයේ විප්ලව කලේ කෙට්ටු මිනිසුන්.. යහපාලනය සමහරුන්ට තේරෙන්නේ නෑ..”

  1. gavin gunawardane says:

    විප්ලවයකට සිරුරේ හැඩ ගැන දෙඩුම
    අන්තිම ගොන් කතාවකි මොහුගේ දෙසුම
    දත් ගැන කියනු මැන නහැ ඔබ හට බැනුම
    ඒකත් ඔබට බැරි බව ගැන නැහැ පුදුම

  2. Kesanga says:

    උසනම් සිකුරුටි
    මිටිනම් කම්කරු
    කෙට්ටු නම් විප්ලව ?

  3. kamalsirikuruwita says:

    මේ මොන බොරු කෙප්ප කතා ද ? ලෝකයේ නමගිය අති සාර්ථක විප්ලව කල රුසියාවේ ලෙනින්, කියුබාවේ කස්ත්‍රෝ සහ චීනයේ මාවෝ සේතුන් යන තිදෙනාම ඉතා හොඳ පිරිපුන් දේහධාරී අය බව මුළු ලෝකයම දනිති. නිකන් ලෙඩවලින් පිරිහුණ හාල්මැස්සෝ වගේ අය නොවේය.

  4. GAMARALA says:

    නැවත චන්දය දීපල්ලා මේ වගේ බුරුවන්ට

  5. Thei Guvera says:

    Me anuwa balanavita Lankawe Viplawaye lokka ape Tilvin Silva vannata puluwana. Ohuta jayawewa !

  6. gavin gunawardane says:

    ඔබ කියවන්නෙ චම්පික ගැන විය යුතුය
    ඔහු කෙට්ටුය විප්ලව වල සුල මුලය
    ඔබගේ හිතේ තිබුනේ නම් වෙනකෙකුය
    ඌ ගොන් පුතෙකි කොක්කක එල්ලිය යුතුය

  7. Aurora says:

    පට්ටපල් බොරු නිතරම දෙසාබාන මේ මනුස්සය මේ වෙලාවෙනම් කියල තින්නේ ඇත්තක් තමයි. ශ්‍රී ලංකාවේ දේශපාලකයන් අතරින් වඩාත්ම කෙට්ටු මිනිසා කව්ද? ඒ වෙන කවුරුවත් නෙමෙයි මහාචාර්ය G. L. පීරිස් බව නොදන්නෙක් සිටීද? මේ අනුව ශ්‍රී ලංකා දේශපාලනයේ අලුත්ම සහ දැවැන්තම විප්ලවය කලේ මහාචාර්ය G. L. පීරිස් නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව තමයි රාජිත ඇමතිවරයා මේ කියන්නේ. ශ්‍රී ලංකාවේ ලාබාලම දේශපාලන පක්ෂයේ දියුණුවට, ක්‍රියාකාරිත්වයට, මහජන ආකර්ෂණයට බයවී සිටින යමපලනය, බොරුපති සහ නඩය, UNP වෙන්දෙසිකරුවෝ වියුරු වැටී ඉන්න තරම හොඳින්ම දන්නා රාජිත, මහාචාර්ය G. L. පීරිස් නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ යෝද ඉදිරි පිම්ම සහ රටතුල ඇති කර තියෙන විප්ලවය ගැන තමා මේ කියන්නේ. නැතිව බොරුපති ප්‍රමුක ආප්ප කුමන්ත්‍රණය කිසිදා විප්ලවයක් නොවේ.

Main News