ලෝක නාවුක ගමනාගමනය ගැන කෙස් කෙලින් කරවන කතාව මෙන්න… තායිලන්තයේ ‘ක්‍රා’ ඇල සහ හම්බන්තොට රන් බිජුලන කිකිලිය..

January 8, 2017 at 11:00 pm | lanka C news | ලංකා සී නිවුස්
ලෝක නාවුක ගමනාගමනය ගැන කෙස් කෙලින් කරවන කතාව මෙන්න… තායිලන්තයේ ‘ක්‍රා’ ඇල සහ හම්බන්තොට රන් බිජුලන කිකිලිය..

ස්පාඤ්ඤයේ ඉයුඩොක්සස් සහ පෘතුගාලයේ වස්කො ද ගාමාගේ සිට ඉන්දියාව සොයා යුරෝපයෙන් පැමිණි නැව් වලට ඉන්දියාවට ලඟා වීමට අප්‍රිකානු මහද්වීපය වටා යාත්‍රා කිරීමට සිදු විය. මේ සඳහා ගත වන කාලය සහ වැය වන ධනය යුරෝපය සහ ආසියාව අතර වෙළඳාමට තිබුණු දැවැන්තම බාධකය විය. ඊට විසඳුමක් ලෙස 1859 දී මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද යා කරමින් සූවස් ඇල ඉදි කරන ලදී. එය දිගින් කිලෝ මීටර් 193ක් විය. එබැවින් යුරෝපය සහ ආසියාව අතර වෙළඳාම මෙන්ම ගමනාගමනය ද නොසිතූ අයුරින් දියුණු විය.

නාවික ගමනේ මී ළඟ පෙරලිය වූයේ සූවස් ඇලයි. ඇමෙරිකාවේ නැගෙනහිර සහ බටහිර ප්‍රාන්ත අතර නාවික ගමනාගමනය ඇති කරමින් පැනමා ඇල ඉදි කිරීම සඳහා ඇමෙරිකාව විසින් කොලොම්බියාව ආක්‍රමණය කර පැනමාව නමින් නැවුම් රටක් ලෝක සිතියමට එක් කළ අයුරු 2015.10.29 දින ප්‍රදීපයෙන් විස්තර කලෙමු. 1903 දී ඉදි වුණු පැනමා ඇල හේතුවෙන් දකුණු ඇමෙරිකාව වටා ගමන් කළ නැව් කිලෝ මීටර් 77ක් පමණක් ඇල දිගේ ගමන් කිරීමෙන් පැසිපික් සාගරයේ සිට අත්ලාන්තික් සාගරයට පැමිණීමට හැකි වී ඇත.

චීනයට අවශ්‍ය ඛණිජ තෙල් වලින් 80%ක් මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය ආනයන ද චීනයට ලඟා වෙන්නේ ඉතාම පටු සමුද්‍ර තීරුවක් වන මලක්කා සමුද්‍ර සන්ධිය හරහාය. අප්‍රිකාවෙන් සහ අරාබියෙන් මිළ දී ගන්නා ඛණිජ තෙල් පුරවා ගත් නැව් මලක්කා සමුද්‍ර සන්ධිය නමැති කුඩා බිම් තීරුව හරහා ගමන් කර සිංගප්පූරුව වරායට ලඟා වීමෙන් අනතුරුව චීනයට පැමිණේ. මලක්කා සමුද්‍ර සන්ධිය දෙපස තිබෙන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුවයි. මෙම රටවල් තුනම චීනය දකින්නේ ඇමෙරිකානු හිතවාදි රටවල් ලෙසයි. ඇමෙරිකාව සහ චීනය අතර ගැටුමක් ඇති වුවහොත් මෙම රටවලට චීනයට පැමිණෙන තෙල් නැව් අවහිර කළ හැකි බවත් ඒ හේතුවෙන්ම චීනය ඇද වැටෙනු ඇති බවත් චීන විශ්වාසයයි. එය ජාතික ආරක්ෂාවට තිබෙන ලොකුම තර්ජනය ලෙස චීනය සලකයි. හිටපු චීන ජනාධිපති හු ජින්ටාඔ විසින් “මලක්කා දෙගිඩියාව“ ලෙස හැඳින්වූයේ චීන ආණ්ඩුව වෙලා ගත් මෙම බියයි.

මලක්කා දෙගිඩියාවට අපූරු විසඳුමක් ද තිබේ. ඒ තායිලන්ත ක්‍රා ඇල ව්‍යාපෘතියයි. අන්දමන් මුහුද සහ දකුණු චීන මුහුද යා කරමින් තායිලන්තයේ ක්‍රා නම් පටු බිම් තීරුව හරහා සූවස් වැනි ඇලක් නිර්මාණය කිරීම ක්‍රා ඇල ව්‍යාපෘතියයි. මෙම ඇල ඉදි කිරීමෙන් චීනයට, ජපානයට සහ පිලිපීනයට යන නැව් ගමන කිලෝ මීටර් 1,200කින් කෙටි වනු ඇත.

තායි ආණ්ඩුව විසින් ක්‍රා ඇල ව්‍යාපෘතිය මුලින්ම යෝජනා කලේ 1677 තරම් ඈතකය. ඒ සූවස් ඇල ඉදි කිරීමට ද ප්‍රථමය. නමුත් තාක්ෂණයේ දුර්වලතා මෙන්ම අධික වියදම ද හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක නොවිණි. ඉන්පසු බ්‍රිතාන්‍ය ද ක්‍රා ඇල ඉදි කිරීමට සූදානම් වූ නමුත් පසුව අත් හරින ලදී. මෙම යෝජනාව යලිත් මතු වූයේ චිනයට ඇති වුණු මලක්කා දෙගිඩියාව හේතුවෙනි.

චීනය විසින් ක්‍රා ඇල ඉදි කිරීම පිලිබඳ ශක්‍යතා වාර්තාවක් සකසමින් සිටින බව 2005 දී වාර්තා කලේ “ද වොෂිංටන් ටයිම්ස්“ පුවත්පතයි. නමුත් චීනයට මෙම ඇල ඉදි කිරීම පිලිබඳ ද දෙගිඩියාවක් ඇති වී තිබිණි. ඒ මෙම ඇල ඉදි කිරීමෙන් සිංගප්පූරුව මුහුණ දෙන ශෝචනීය තත්වයයි. සිංගප්පූරු ජාතික ආදායමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සිංගප්පූරු වරායයි. මෙම වරායට පැමිණෙන නැව් වලින් 90%ක්ම චීනයට ජපානයට කොරියාවට තායිවානයට සහ පිලිපීනයට යන හෝ එම රටවලින් එන නැව්ය. එබැවින් ක්‍රා ඇල ඉදි වුවහොත් සිංගප්පූරුවට අත් වන්නේ සූවස් ඇල ඉදි කිරීමෙන් සුබ පැතීමේ තුඩුව වරායට අත් වූ ඉරණමයි. සුබ පැතීමේ තුඩුව වරාය යනු ලොව පැවැති කාර්ය බහුලම වරායකි. යුරෝපයේ සිට පැමිණෙන නැව් මෙන්ම යුරෝපය බලා යන නැව් ද ආහාර, තෙල් සහ ඉන්ධන සැපයීම් සඳහා නවත්වන්නේ මෙම වරායේය. එමෙන්ම නැවියන් මාරු වීම සිදු වන්නේ ද මෙම වරායේ දීය. නමුත් සූවස් ඇල ඉදි කිරීමෙන් පසු යුරෝපීය සහ ආසියානු නැව් අප්‍රිකාව වටා ගමන් කිරීම නැවතිණි. ඒ සමගම සුබ පැතීමේ තුඩුව වරාය ද නැව් නොඑන කාර්ය බහුල නොවන වරායක් බවට පත් විය. ක්‍රා ඇල ඉදි වුවහොත් සිංගප්පූරු වරායට ද අත් වන්නේ සුබ පැතීමේ තුඩුව වරායට අත් වුණු ඉරණමයි.

චීන ජාතිකයින් පාලනය කරන ලොව රටවල් තුනක් තිබේ. ඒ චීනය, සිංගප්පූරුව සහ තායිවානයයි. තායිවානය ස්වාධීන රටක් ලෙස චීනය පිලි නොගන්නා බැවින් තානාපති සබඳතා තිබෙන්නේ සිංගප්පූරුව සමග පමණි. එබැවින් ක්‍රා ඇල ඉදි කර සිංගප්පූරුව රිදවීමට චීනය කැමති නොවීය.

අවාසනාවකට සිංගප්පූරුව නම් චීනය රිදවීම ප්‍රශ්නයක් කර ගෙන නොතිබිණි. දකුණු චීන දූපත් වල අයිතිය පිලිබඳ අර්බූදයේ දී සිංගප්පූරුව විසින් කළ ප්‍රකාශ අනවශ්‍ය ලෙස චීනය කෝප ගැන්වීමක් ලෙස සිංගප්පූරුවේම විදේශ විත්ති විචාරකයින් හඳුන්වා තිබිණි. 2016 අගෝස්තු දෙවන දින සිංගප්පූරු අගමැතිට ඇමෙරිකානු ජනාධිපති විසින් ලබා දුන් රාත්‍රි භෝජන සංග්‍රහයේ දී ආසියානු පැසිපික් කලාපයේ බල තුලනය සඳහා ඇමෙරිකානු මැදිහත්වීමක් අවශ්‍ය බව පමණක් නොව ඔබාමා ඇමෙරිකාවේ පළමු පැසිපික් ජනාධිපති බව ද සිංගප්පූරු අගමැති පැවසීය. මෙය චීනය කෝප ගැන් වූ බව ඊට චීනය ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් “සිංගප්පූරුව ඇමෙරිකානු ඉත්තෙකු වුවහොත් ඇමෙරිකාව සහ චීනය අතර අතරමැදියා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව අහිමි කර ගන්නවා“ යැයි පැවසීමෙන් පැහැදිලිය.

2016 සැප්තැම්බර් මාසයේ දී වෙනුසුවේලා හි පැවැත්වුණු නොබැඳි රාජ්‍ය නායක සමුළුවේ දී දකුණු චීන මුහුදේ දූපත් පිලිබඳ විශේෂ ප්‍රකාශයක් සම්මත කර ගන්නා ලදී. සිංගප්පූරු මාධ්‍ය මෙන්ම චීන මාධ්‍ය ද වාර්තා කලේ එකී යෝජනාව ආසියාන් සංවිධානයේ ඉදිරිපත් කළත් ඒ පිටුපස සිටියේ සිංගප්පූරුව බවයි. මීට අමතරව ඇමෙරිකානු යුද ගුවන් යානා සිංගප්පූරු ගුවන් තොටුපලේ නැවැත්වීමට අවස්ථාව ලබා දීම චීනයේ පෑරුණු තුවාලයට ඇඟිල්ලෙන් ඇනීමක් විය.

චීනය සිංගප්පූරුවට රිදවීමට සිතුවේ අපූරු ක්‍රමයකය. ඒ සිංගප්පූරුව විනාශ කෙරෙන ක්‍රා ඇල ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙනි. අමෙරිකානු ඩොලර් බිලියන 18ක් වැය කර වසර දහයක දී මෙම ඇල ඉදි කිරීමට තායි සහ චීන සමාගම් දෙකක් ගිවිසුම් අත්සන් කර තිබේ. මෙම ගිවිසුම පිලිබඳ මාධ්‍ය වාර්තා කළ විට තායිලන්තයේ චීන තානාපති පැවසුවේ තමන් ඇල ඉදි කිරීමට තීරණය කරන්නේ එය බලපාන සියළුම රටවල් සමග සාකච්ඡා කර බවයි. කෙසේ වෙතත් ක්‍රා ඇල නුදුරු අනාගතයේ දී යථාර්ථයක් වනු ඇත. කෙසේ වෙතත් සමහර විචාරකයින් පවසන්නේ චීනය ක්‍රා ගිවිසුම අත්සන් කලේ පසුගිය මැයි මාසයේ දී බවත් ඒ බව හෙලි වීමෙන් පසු සිංගප්පූරුව චීන විරෝධි ස්ථාවරයකට තල්ලු වුණු බවත්ය.

මුලින් සඳහන් කළ පරිදි ක්‍රා ඇල ඉදි කිරීමෙන් පසු සිංගප්පූරු වරායේ වැදගත්කම අතුරුදහන් වනු ඇත. එම ස්ථානය ගනු ඇත්තේ නව මුහුදු මාර්ගයේ හරි මැද පිහිටි හම්බන්තොට වරායයි. ඒ අනුව චීන තෙල් නැව් ගමන් කරන මාර්ගයේ තිබෙන මෙන්ම ආසියාවේ වැදගත්ම වරාය බවට හම්බන්තොට පත් වනු ඇත. වත්මන් ආණ්ඩුව වසර 99කට චීනයට බදු දීමට යන්නේ අනාගත ආසියාවේ වැදගත්ම වරාය බව මෙම ප්‍රවණතා අධ්‍යනය නොකළ වත්මන් ආණ්ඩුව නොදන්නවා විය හැක. තවත් වසර 99කින් වැදගත් සිදුවීම් දෙකක් ලොව සිදු වේ. පළමු සිදුවීම වන්නේ ඇමෙරිකාව පරදා ලොව ආර්ථික සහ යුද සුපිරි බලවතා බවට චීනය පත්වීමයි. දෙවන සිදුවීම වන්නේ හම්බන්තොට වරාය ආසියාවේ වැදගත්ම වරාය මෙන්ම චීනයට වැදගත්ම වරාය බවට ද පත්වීමයි. ඒ පසුබිම තුල චීනය හම්බන්තොට අත්හැර යෑමට අකැමැති වනු ඇත.
එසේම ලොව සුපිරි බලවතා බලහත්කාරයෙන් ඉවත් කිරීමට ද අපට හැකියාවක් නොමැති වනු ඇත. එය ඉන්දියාව සහ ඇමෙරිකාවේ කිපීමට ද හේතු විය හැකි ලංකාව ලෝක බලවතුන්ගේ කෙලි බිමක් මෙන්ම ලේ විලක් ද බවට පත්වීම නම් වැලැක්වීමට නොහැකි වනු ඇත. “Do not catch anything what you cannot throw away“ හෙවත් “අත්හැරීමට නොහැකි කිසිවක් අල්ලා ගනු එපා“ යනුවෙන් ඇති ඉංග්‍රීසි කියමන ලංකාවට වඩාත් අදාළ යැයි මට සිතේ.

– උදය ප්‍රභාත් ගම්මන්පිල

90,399 Viewers

7 Comments to “ලෝක නාවුක ගමනාගමනය ගැන කෙස් කෙලින් කරවන කතාව මෙන්න… තායිලන්තයේ ‘ක්‍රා’ ඇල සහ හම්බන්තොට රන් බිජුලන කිකිලිය..”

  1. හර්ෂණ says:

    මෙන්න මේ නිසා තමයි අපි චීනය හා සාකච්චා කර මෙහි ගිවිසුම් කාලය හා ඉඩම් ප්‍රමාණය වෙනස් කරගෙන මේ ගිවිසුම් අත්සන් කලයුත්තේ .
    චීනයට හා එහි ජනතාවට බැන වදිමින් පෙළපාලි ගොස් රටේ ජනතාව චීනයට විරුද්දව පෙලගස්විමෙන් සතුටුවන්නේ බටහිරයන් හා අපට කළහැකි හැම සතුරුකමක්ම කරන ඉන්දියාවයි .
    චීනය වෙනුවට මේ වරාය ඉන්දියාවට දෙනවට ඔබ කැමතිද ?එසේ වුවොත් අපට උදාවන අනාගතය ගැන සිතාගන්න හැකි නේද ?
    එදා ජනවාරි 8ට චීනයට බැන වදිමින් මහින්දට අපහස කරමින් අප ලන්කරගත් බටහිරයන් හා ඉන්දියාව අපට සමුර්දිය වෙනුවට ගෙනාවේ රට බෙදන ෆෙඩරල් විසදුම් හා යුද අදිකරණ නොවේද ?
    අද චීනයට විරුද්දව මිනිසුන් උසිගන්වමින් අප නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන්නේ රට ඉන්දියාව දෙසට හා බටහිර දුෂ්ටයන් දෙසට තල්ලු කිරීමයි .
    චීනය මේ වරාය ප්‍රතික්ෂේප කළහොත් අනිවාර්යෙන්ම මේ ඉඩට ඉන්දියාව ඇතුල්වනු ඇත .
    එයට ඔබ කැමතිද ?

    • Ruhunu Puthra says:

      What Harshana says is 100% correct. China will neither be an invader nor an enemy to Sri Lanka. China’s presence in Sri Lanka will neutralize the effect of India also . It does not mean that we must give every thing to China. Going demonstration against China will make America more happy.I have doubt that China will bring happy and prosperity to Sri Lanka with these massive investments.

  2. Basil says:

    Balaagena kes halei.

  3. Nipuna- USA says:

    ඕක මනෝපාරක්… චීනයේ ආර්ථික වර්ධන වේගය එන්න එන්න හීනවෙනවා… 2008 10% එහා තිබ්බ ආර්තික වර්ධන වේගය දැන් තියෙන්නේ 6-7% අතරේ (මේවා චීන රජයේ සංඛ්‍යා, සැබෑ දත්ත මීටත් වඩා අඩුයි කියවෙනවා ) තව අවුරුදු 25 කින් චීනය යනු සීග්‍රයෙන් මහලුවෙන ජනගහනයක් ඉන්න මධ්‍ය ආදායම් ලාභී රටක් පමනයි.. ඇමරිකාවේ ඒකපුද්ගල ආදායම චීනය වගේ 6 ගුනයකටත් වදා වැඩියි.. කවදාවත් චීනයට ඇමරිකාව පරදා සුපිරි බලවතා වෙන්න බෑ..

  4. love nature says:

    අපේ රට මේ යමපාලන කාලකන්නිගෙන් බේරා ගමු

    පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ලක්දිව වාරි කර්මාන්ත ඉතිහාසය එතැන් පටන් විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ සංවර්ධනය විය.එය සැකෙවින් මෙසේ පෙළගැස්විය හැක.

    පණ්ඩුකාභය රජු -බසවක්කුලම වැව
    දේවානම්පියතිස්ස රජු -තිසා වැව
    මහානාග රජු -තිස්ස වැව, වළස් වැව
    දුටුගැමුණු රජු -සොරබොර වැව
    සද්දාතිස්ස රජු -පදවිය වැව ඇතුළු වැව් 18ක්
    ආමණ්දගාමිණී අභය රජු -මහා ගාමෙන්දි වැව
    ඉලනාග රඡු -තිස්ස වැව, දූරතිස් වැව
    සදමුහුණුතිස්ස රඡු -මනිකාලගාම වැව
    වසභ රජු -නොච්චිපොතාන වැව, හිරිවඩුන්න,කාලියවධන, මාන්නන්කැටිය,මහවිලච්චිය, කලා බළලු වැව ඇතුළු වැව් 11ක්
    මහෙසන් රජු -මින්නේරිය වැව, කවුඩුළු, හුරෑළු, මහගල් කඩවල, මහකණදරා, මාමිණියා වැව ඇතුළු වැව් 16ක් ඉදි කර ඇත.විශාලතම වාරි කර්මාන්තය වන්නෙ අක්කර 4670ක භූමියක් වැසී යන පරිදි සැතපුම් 1.25ක් දිග වැව් බැම්මකින් යුත් මින්නේරිය වැවයි.
    පළමුවන උපතිස්ස රජු -‍තෝපා වැව, දුඹුතුළු වැව ඇතුළු වැව් 06ක්
    ධාතුසේන රජු -කලා වැව, මානවත්තු හෙවත් යෝධ වැව ඇතුළු වැව් 18ක් ඉදි කර ඇත.විශිෂ්ඨතම නිර්මාණය වන්නේ අක්කර 6380ක භූමියක් වසා ගත් සැතපුම් 3.75ක් දිග වැව් බැම්මකින් යුත් කලා වැවයි.

    යෝධ වැවේ ඇති විශිෂ්ඨත්වය වනුයේ සැතපුම් 7ක් දිග අඩි 14ක් උස වැව් බැම්ම සම්බන්ධ කිරීමට ස්වාභාවික කඳු පන්තීන් දෙකක් නොමැති වුවත් වැව් බැම්ම අර්ධ කවාකාර බැමි දෙකක් ලෙස නිමවා වැවක් ඉදි කිරීමට ලාංකීය වාරිකාර්මික ශිල්පීන් සමත්ව ඇති බැවිනි.

    දෙවන මුගලන් රජු -පත්පහණ වැව, පදවිය වැව ඇතුළු වැව් 03ක්
    පළමුවන අග්බෝ රජු -මාදුරෑ වැව, කුරැන්දවාපිය වැව, මිහින්තලේ වැව
    දෙවන අග්බෝ රජු -කන්තලේ වැව, ගිරිතලා වැව, බලාහස්ස වැව ඉදි කර ඇත.මේ අතරින් කන්තලේ වැව ලංකාවේ ගැඹුරැතම වාරි කර්මාන්තය ලෙස සැලකේ.එහි වැව් බැම්මේ ඇතැම් ස්ථානයක උස අඩි 52.5ක් පමණ වේ.
    පළමුවන විඡයබාහු රජු -බුදුගුණවාපිය වැව
    පළමුවන පරාක්‍රමබාහු රජු – පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.මොහුගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි.අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය.

    පුරාවිද්‍යා සාක්ෂි මත තහවුරැ කරගන්නා ලද වාරි නිර්මාණයන් මෙපමණ වූවත්, ඊට වඩා විශාල ප්‍රමාණයක් වැව් ලක්දිව ඉදිවන්නට ඇත.

    අපි ඉතිහාසයේ මෙතරම් දේවල් ක‍රන්න පුලුවන් නම් ඇයි මේ කාලකන්නි ආණ්ඩුව මේවා චීනයට විකුනන්නේ සින්හලයනි අපේ රට මේ
    කාලකන්නි ගෙන් බේරා ගමු ජීවිතය පුදා හරි

  5. love nature says:

    මේ ධාතු සේන රජතුමාගේ කියමනක් රට වෙනුවෙන්

    බලන්න දෙටු පුත..මේ දිය තලයම
    කෙත්වතු සාර කරන්නේ..
    මට ඇති වස්තුව..මට ඇති සම්පත..
    මේ නිල් දිය කඳ වන්නේ..

    මා මළ පසු පුත මිහිදන් කල මැන
    කලා වැවේ වැව් බැම්මේ..
    මගේ කලා වැව සදා රකිණුමැන.

  6. China says:

    Ane bambuwa Tamari,mute gon talk,mewata api rawatei geographically sl is at crucial location if we can’t use it let other countries to use it but we need to get income from it but balu ranil is not negotiating it,this para politicos selling country and eating it,thopi okkotama hena gahapan,

Leave a Comment

Main News