ලෝක වෙලදපලේ බොරතෙල් විශාල ලෙස පහල බහී.. ඉන්ධන මිල සූත‍්‍රය අනුව සංශෝධනය අද.. ඩීසල්-පෙට‍්‍රල් දැවැන්ත මිල අඩු කිරීමක්..

August 10, 2018 at 10:00 am | lanka C news
ලෝක වෙලදපලේ බොරතෙල් විශාල ලෙස පහල බහී.. ඉන්ධන මිල සූත‍්‍රය අනුව සංශෝධනය අද.. ඩීසල්-පෙට‍්‍රල් දැවැන්ත මිල අඩු කිරීමක්..

රජය විසින් හදුන්වා දෙන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතව ඇත.

මිල සූත‍්‍රය අනුව ලෝක වෙලපලේ ඉන්ධන මිල ගණන් අනුව සෑම මාසයකම 10 වන දා දේශීය වෙලදපලේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතය.

ඒ සදහා නම් කර ඇති ඉන්ධන මිල සංශෝධන කමිටුව අද පෙරවරුවේ රැස්වීමට නියමිත අතර සංශෝධිත මිල ගණන් අද පස්වරුවේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ සතියේදී පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ නැවත වතාවක් ඉන්ධන මිල ඉහල යාමට ඉඩ ඇති බවයි.

විපක්‍ෂය විසින් චෝදනා කරන්නේ අදාල මිල සූත‍්‍රය ඇසින් දුටු කිසිවෙකු නැති බවත් එය වහා ප‍්‍රසිද්ධියට පත් කල යුතු බවත්ය.

මේ අතර ලෝක වෙලදපලේ ඉන්ධන මිල ගණන් ගතවූ මාසයක කාලයේදී 7-8%ක පමණ සැලකිය යුතු මට්ටමකින් පහල බැස ඇත.

26,288 Viewers

5 Comments to “ලෝක වෙලදපලේ බොරතෙල් විශාල ලෙස පහල බහී.. ඉන්ධන මිල සූත‍්‍රය අනුව සංශෝධනය අද.. ඩීසල්-පෙට‍්‍රල් දැවැන්ත මිල අඩු කිරීමක්..”

  1. ඇටදෙලස්සේ කෝ? says:

    මේ ආණ්ඩුවත් වැරදි කළොත්, මේ ආණ්ඩුවට එරෙහිවත් ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපි යි කියලා කියපු අය දැන් කෝ කියලා තමයි අපිට අහන්න වෙන්නේ.

  2. Krishantha says:

    You guys need to post monthly, weekly or daily charts to show the price chaanges which can affect the monthly oil price changes. What is given is a yearly chart which can be misinterpreted.

  3. Keerthi says:

    To Krishantha
    What is shown in the chart is the monthly drop from July 9th to August 9th Crude oil price has dropped from $ 74 to $ 66.81.
    There should be a drop in price of fuel. Instead government has announced an increase.
    Government should be chased out.

Main News