වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකල ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ජනපති අතින් විවෘත කෙරේ…

January 11, 2018 at 5:30 pm | lanka C news
වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකල ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ජනපති අතින් විවෘත කෙරේ…

වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති විවෘත කිරීම (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, මහබුලන්කුලම තිබ්බටුවාව ශ්‍රී විජය විහාරස්ථානයේදී දී සිදුකෙරිණි.

තිබ්බටුවාව ශ්‍රී විජය විහාරය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පිරිත් සජ්ජායනා මධ්‍යයේ එම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය විවෘත කළ අතර අනතුරුව තලාව, පහළතලාව, ගල්නෑව, තිරප්පනේ යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබූ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති දහයක් ද දුරස්ථ පාලන තාක්ෂණය උපයෝගි කරගනිමින් විවෘත කරනු ලැබීය.

වකුගඩු රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් මෙහිදී සංවිධානය කර තිබුණි.

අමාත්‍ය මහින්ද අමරවීර, උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක , හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

3,441 Viewers

5 Comments to “වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකල ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ජනපති අතින් විවෘත කෙරේ…”

  1. Sad says:

    Karana deta wada Karapu winase lokui…

    Damage to the nation by this fellow is bigger than these works..

  2. S kumara says:

    This seems to be a very small scale event , compared to moragahakanda etc.

    At this rate he will open a public toilet very soon.

    He could feel proud because that is one project he has started with out MR name getting involved

  3. විමල් says:

    අති විශිෂ්ඨයි අති ගරු ජනාධිපතිට තුමනි.

  4. මෛත්‍රී says:

    චන්දයක් ප්‍රකාශ කර ඇති මේ වකවානුවේ මෙම විවෘත කිරීම් රාජ්‍ය සේවකයන්ට බාර දී දේශපාලකයන් ඉවත් විය යුතුය …අනික් පක්ෂ ,මැතිවරණ කොමසාරිස් ට සහ සාධාරණ මැතිවරණයක් සඳහාවූ ව්‍යාපාරවලට මෙය නොපෙනේනේද?

  5. Talking only says:

    Look at the photos.
    Red Carpet, seems to be a quick construction to gain political mileage.
    This guy is a worst character..

    Aiyoooo Ape Rata..

Main News