වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගන්නවා..

February 16, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගන්නවා..

මහා බි්‍රතාන්‍ය ප්‍රධාන සංඝනායක පුජ්‍ය පහළගම ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ “ජිවිතයට සතුට” කෘතිය එළිදැක්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙි දී පැවැත්විනි.

කොට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවෙි මහානායක හිමිපාණන් ඇතුලු මහාසංඝරත්න මුලසුන හෙඹ වූ මෙම උත්සවයේ දී කතුවරයා විසින් කෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්වීම ද සිදු කරන ලදි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ මෙම කෘතියෙන් බුදු දහමට අනුව සාමාන්‍ය ගිහි ජනතාව සතුටින් ජිවත්විය යුතු ආකාරය නිර්මාණශීලීව පෙන්වා ඇති බවයි.

උත්සවයෙන් පසු මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේය.

‘සයිටම් ආයතනය පිළිබද විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සමග මම අද දහවල් විශේෂ සාකචිඡාවක් පැවැත්වූවා. එහිදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබදව සාකචිඡා කළ අතර, මෙම ආයතනයේ ප්‍රමිතිය පිළිබදව ද සාකචිඡා කෙරුනා. එම කරුණු දෙක පිළිබද වෛද්‍ය පීඨ පිඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් මට ලබාදීමට ඔවුන් පොරොන්දු වුනා. මෙම ප්‍රශ්ණය විසදීම සදහා අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා. ලබන සිකුරාදා දහවල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග ද සාකචිඡාවක් පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගෙන තිඛෙනවා. මෙරට විශ්ව විද්‍යාල සමතුන්ගෙන් සියයට 17 ක් සරසවි අධ්‍යාපන වරම් හිමිකර ගන්නවා. සියයට 83 කට සරසවි වරම් හිමිවන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් දොරගුලු විවෘත කළ යුතුයි. ඒ සදහා කුලියාපිටිය ප්‍රදේශයේ වෛද්‍ය පීඨයක් ඉදිකරන අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පුළුල් කිරීමට ද කටයුතු කරනවා’

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

6,536 Viewers
Main News