වතුකරයට නව නිවාස ව්‍යාපෘතියක්.. අතහිත ඉන්දියාවෙන්..

September 17, 2018 at 2:02 am | lanka C news
වතුකරයට නව නිවාස ව්‍යාපෘතියක්.. අතහිත ඉන්දියාවෙන්..

ඉන්දියානු රජයේ ආධාර යටතේ සහ කදුරට නව ගම්මාන යටිතල පහසුකම්  හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ තවත් වතු නිවාස 65 ක් ඉදි කිරිම් කටයුතු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා විසින් (16) ආරම්භ කරන ලදී.

ඉන්දියානු රජයේ ආධාර යටතේ හැටන් දික්ඔය ෆොඩයිස් රුපකැලේ වතු යායේ වතු නිවාස 50 ක් ,කදුරට නව ගම්මාන යටිතල පහසුකම්  හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතු යායේ නිවාස 15 ක් ඉදි කිරිමේ කටයුතු මෙසේ ආරම්භ කරනු ලැබුවේය.

පර්චස් 7 ක ඉඩමක තනි තනි නිවාස වශයෙන් ඉදි වන මෙම එක් නිවසක විසිත්ත කාමරයක් නිදන කාමර දෙකක් මුළුතැන් ගෙයක් සනිපාරක්ෂක පද්ධතියක් ඇතුළු වර්ග අඩි 750 කින් සමන්විත වන අතර , මෙම සැම නිවසකටම පානිය ජලය, විදුලිය සහ මං මාවත් වලින්ද සමන්විතය.

හරිත නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිවන මෙම සැම වතු  නිවසකටම  හිමිකම් ඔප්පුවක්ද ලබාදිමට වත්මන් රජය කටයුතු කර ඇත.

ඉන්දියානු රජය ආධාර යටතේ ඉදිවන  නිවාස යෝජනා ක්‍රමයේ ආරම්භක උත්සවයට ඉන්දියානු නියෝජ්‍යය මහ කොමසාරි මධ්‍යම පලාත තිරංජිත් සින් මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

479 Viewers

One Comment to “වතුකරයට නව නිවාස ව්‍යාපෘතියක්.. අතහිත ඉන්දියාවෙන්..”

  1. LION says:

    ඉන්දියාව වතුකරයේ දෙමළ කොළණි හදන්නේ කුමක් නිසාද ? මේකට හේතුව කුමක්ද ? ඉන්දියාවේ මිලියන ගානක් වැසිකිලි නැතිව ගෙවල් නැතිව දුක් විදිද්දී ..
    මේ බව වටහා ගැනීමට මේ රටේ වත්මන් පාලකයන්ට බුද්ධියක් නැද්ද ?
    මේ සිංහල ජනතාවගේ ඉඩම් ..රටේ සිංහලයෝ බිම අ ගලක් නැතිව ,කුලී ගෙවල් වල දුක් විදිද්දී .ඉන්දියාවෙන් පැමිණි තේවතුවල කල්ලතෝනි දෙමළුන්ට අපේ රටේ ඉඩම් නොමිලේ ලබා දීම සාධාරණද ?
    උතුරේ දෙමළ නිජ බිම් හැදීමට LTTE තස්තවාදීන්ට සහය දුන්නා තාමත් ඒවාට සහය දෙනවා ..
    දැන් අපේ කදුකරය දෙමළ කොළනියක් කිරීමට උදව් කරනවා ..මුළු රටම ඉන්දියාවේ කොළනියක් කිරීම ඔවුන්ගේ වෑයමයි
    ඊට පසු පටන්ගන්නේ බෙදුම්වාදයයි
    වතු දෙමළ ජාතිකයන් නැවත ඔවුන්ගේ නිජබිම තමිල් නාඩුවට යැවිය යුතුයි ….විදේශිකයන් කොළණි සමයේ අපේ රටට ගෙනා වහල්ලු අපේ රටට හෙනයක් ,පිළිලයක් ..ඒ බව තේරුම් ගැනීමට වතුදෙමල ඇමති නඩේෂන්ගේ ප්‍රකාශ කියවා අසා ,දැන ගන්න ..මෙය ලියන්නේ ජාතිවාදයෙක් ලෙස නොවේ මගේ මව් බිමට ඇති අවංක ආදරය ගෞරවය නිසයි

Main News