වතුර නැතිව මියදෙන්නට ගිය මාළුන්ට තවත් ජීවිතයක් දී අදාර්ශයක් වූ වව්නියාවේ පාසල් දරුවන්…

September 6, 2018 at 2:05 am | lanka C news
වතුර නැතිව මියදෙන්නට ගිය මාළුන්ට තවත් ජීවිතයක් දී අදාර්ශයක් වූ වව්නියාවේ පාසල් දරුවන්…

ජලය නොමැති වීමෙන් මිය යාමට ආසන්නව සිටි මසුන් බේරා ජලය ඇති ළිං වෙතට මසුන් දැමීමේ ක්‍රියාවක නිරත වීමට වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ තරුණ පාසල් ළමනු පිරිසක් විසින් පියවර ගෙන ඇත.

වවුනියාව මඩුකන්ද වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැවේ ජලය ඉවත් කිරීමට කොන්ත්‍රාත් කරුවන් විසින් පියවර ගැනීම හේතුවෙන් වැවේ ඉතිරි වූ මසුන් ඉතිරි වූ ජලයට වී සිටියද පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් ඉතිරි ජලයද සීග්‍රෙයන් සිඳී යාම නිසා ඉතිරි මසුන් මිය යාමේ අවධානමක්ව පැවතුණි.

මේ හේතුව නිසාවෙන් මඩුකන්ද ග්‍රාමයේ සිටි තරුණ පාසල් ළමුන් පිරිසක් විසින් මඩුකන්ද වැවේ ඉතිරිව සිටි සියලු මසුන් අල්ලා විශාල බඳුනකට දමා ප්‍රදේශයේ නොසිඳෙන ළිඳකට දැමීමට පියවර ගෙන තිබුණි.

මේ අනුව ලූලන්, කාවයියන්, තෙප්පිලියන්, අංගුට්ටන් , හුන්ගන් ආදි මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා ජලය ඇති ළිඳකට දැමීම ප්‍රදේශවාසීන්ගේද ප්‍රසාදයකට ලක් වූ ක්‍රියාවක් විය.

මසුන් ඇල්ලීමේ කාර්යේ නිරත වූ එක් පාසල් තරුණයෙකු කියා සිටියේ,

‘වැව හදන්න කපපු නිසා වතුර ඔක්කම ගියා වැවේ ඉතිරිවෙලා හිටපු මාළු ටිකට තිබුණු වතුර ටික අව්ව නිසා ඉක්මනට හිඳෙනවා මේ ඉතිරි මාළු ටික පව්නේ ඒ නිසා මේ දවස්වල ඉස්කෝලෙත් නිවාඩු නිසා අපි යාළුවො ටිකක් එකතු වෙලා මාළු ටික අල්ලලා ළිඳට දාන්න කල්පනා කලා වැස්ස කාලෙට වැවට වතුර එන කොට ආයෙත් මේ මාළු ටික ළිඳෙන් වැවට ගෙනත් දාන්න තමයි හිතන් ඉන්නේ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,007 Viewers

5 Comments to “වතුර නැතිව මියදෙන්නට ගිය මාළුන්ට තවත් ජීවිතයක් දී අදාර්ශයක් වූ වව්නියාවේ පාසල් දරුවන්…”

  1. සෑම් says:

    පුංචි පැටවුන්ගේ තියෙන මේ මනුස්සකම ලොකුවෙනකොට නැති කරන්නේ මහ එවුන් සහ මේ රටේ කාලකන්ණි දේශපාලකයො ටික තමයි …

    • game ekaa says:

      මේ කළ උසස් කාර්ය්යයය නිවන් දැකීමට හෙතු වේවා!!!

  2. dilky says:

    මේ ළමයි හාල්මැස්සෙක්, කරවල කෑල්ලක් නොකාපු අය වේවා !

  3. hewwel says:

    ඉස්කෝල වහලමතිබ්බනම් රටට ඒ තරමට හොඳය් .

Main News