වතුර සොයන් ආ අලි පැටවුන් දෙදෙනාගේ මළ සිරුරු පාලු ළිඳකින් හමු වෙයි…

July 7, 2018 at 5:30 pm | lanka C news
වතුර සොයන් ආ අලි පැටවුන් දෙදෙනාගේ මළ සිරුරු පාලු ළිඳකින් හමු වෙයි…

වව්නියාව කල්ලිකුලම් ප්‍රදේශයේ පාලු ළිඳකට වැටී මිය ගොස් සිටි අලි පැටවුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ගොඩට ගැනීමෙන් පසු අවසන් කටයුතු සිදු කිරීමට වව්නියාව වනජීවි නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

කල්ලිකුලම් ප්‍රදේශයේ කැලෑ බද ප්‍රදේශයක පිහිටි පාලු වගා ළිඳකට මෙම අලි පැටවුන් දෙදෙනා මීට මාස එකහමාරකට පමණ පෙරදී වැටී ඇති බවත් ආසන්නයේ කිසිවෙකුත් නොසිටීම නිසාවෙන් අලි පැටවුන්ගේ ශබ්දය හො නොඇසීම මත අලි පැටවුන්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇතැයි වව්නියාව වනජීවි නිලධාරීන් කියා සිටියහ.

ප්‍රදේශයට පවතින පෑවිල්ල හේතුවෙන් ජලය සොයා පැමිණි අලි පැටවුන් දෙදෙනා ළිඳට වැටී ඇති අතර දින ගණනක් ආහාරයක් නොමැති වීමෙන් මිය යන්නට ඇති අතරම කැලෑවට ගිය වැසියෙකු අදාල අලි පැටවුන් දෙදෙනාගේ නරක් වූ මළ සිරුරු දැක් ඒ පිළිබඳව වව්නියාව වනජීවි නිලධාරීන් දැනුවත් කරන ලදි.

මේ අනුව ළිඳෙන් ගොඩටගත් අලි පැටවුන් දෙදෙනාගේ අවසන් කටයුතු එම ප්‍රදේශයේම සිදු කිරීමට වව්නියාව වනජීවි නිලධාරීන් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,083 Viewers

3 Comments to “වතුර සොයන් ආ අලි පැටවුන් දෙදෙනාගේ මළ සිරුරු පාලු ළිඳකින් හමු වෙයි…”

  1. "පින්-හෙන්ඩුව" says:

    හැම ගමකම අපෙ අලියො ලිඳකට වැටී ඇත
    බේර ගන්න කවුරුත් හිතලා එන්නේම නැත
    විස්වාස කරනට එක අලියෙක් ලක්දිවම නැත
    පින්නවල අලියට තරම් කවුරුත් ආදරෙ නැත

  2. Gadol says:

    වනාන්තරවල සැම තැනකම හොඩින් වතුර අරන් බොන්න පුළුවන් උස පොඩි ටැංකි සදා තිබුනා නම් මෙවෙනි අනතුරු වලක්වා ගත හැකිය

  3. Love nature says:

    සිරිසේන පරිසර ඇමති වූ දා සිට අලින්ට මාරක අපලයි ..දල කපනවා වෙඩි තියනවා අලින්ගේ කැලා විනාශකරනවා
    අහෝ රටකට සිදුවූ විනාශයක තරම
    රටේ මහා ජාතිය තාමත් නින්දේ ඇහැරෙන විට රටක් ජාතියක උරුමයන්කිසිවක් ඉතුරු වේදැයි කාට කිව හැකිද ?

Main News