වතු කම්කරුවන් විරෝධතා..

October 2, 2018 at 2:07 am | lanka C news
වතු කම්කරුවන් විරෝධතා..

ජිවන වියදමට සරිලන මුලික වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට එම වතු සමාගමට එරෙහිව (01) උද්ඝෝෂණයක නිරත විය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර සියළු දිමනා සමග වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 730 සදහා අත්සන් කල තිබු වසර දෙකක අවබෝධතා ගිවිසුම ඉකුත් මාසයෙන් අවසන් වි තිබේ.

ජිවන වියදමට සරිලන නව වැටුපක් ලබාදිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර යලිත් සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇත.

වෘත්තිය සමිති භේදයකින් තොරව අද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ වතු යායෙන් මාසිකව ලබාදෙන වැඩ දින ගණනට අනුව වැඩට පැමිණෙන අයට සහ වතු යාය මගින් දිනක වැටුප සදහා අනුමත කරන තේ දළු ප්‍රමාණය පමණක් නෙළන අයට රු 730 ක දිනක වැටුප ලැබෙන බවත්,එසේ නොකරන අයට දිනක වැටුප වශයෙන් රු 530 වැටුපක් ලැබෙන බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටින්නේ.
තමන්ට කොන්දේසි විරහිතව දෛනික මුලික වැටුප රු 1000 දක්වා ඉහල දමන ලෙස උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් ඉල්ලා සිටියි.

උදැසන 8 සිට පෙව 10 දක්වා පැය දෙකක කාලයක් උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් තම දෛනික මුලික වැටුප රු 1000 වැඩි කරන ලෙසට බලකරමින් වතු සමාගමට ඉදිරිපත්ු කරන ලද ලිපියක් එම වතු යායේ වතු අධිකාරිවරයාට භාර දිමෙන් අනතුරුව වතු අධිකරිවරයා වතු කම්කරුවන් හමුවේ කියා සිටියේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කල ලිපිය වතු සමාගමේ ඉහල කාලමණාකරිත්වයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි
වතු අධිකාරිවරයා එම ලිපිය භාර ගැනිමෙන් අනතුරුව උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් තවත් සුපුරුදු රාජකාරි සදහා විසිර ගියා.

– රංජිත් රාජපක්ෂ

366 Viewers
Main News