වතු කම්කරුවන් සුළු පිරිසක් සේවයට එයි.. තේ කර්මාන්ත ශාලා රැසක් තවදුරටත් වසයි.. පාඩුව බිලියන 175යි..

December 12, 2018 at 5:30 pm | lanka C news
වතු කම්කරුවන් සුළු පිරිසක් සේවයට එයි.. තේ කර්මාන්ත ශාලා රැසක් තවදුරටත් වසයි.. පාඩුව බිලියන 175යි..

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් දින 8 පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (12) සිට අත්හරින ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසය වතු කම්කරුවන්ට දැනුම් දි ඇත.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ලංකා කම්කරු කොන්ග්‍රසය ඊයේ (11) රාත්‍රි ජනාධිපති ලේකම් කාර්යයාලයේ පැවති සාකච්ඡාවකදි වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන දෛනික මුලික වැටුප සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ජනාධිපතිරයා දැනුවත් කිරිමෙන් අනතුරුව ලබන 19 වෙනි දින වතු සමාගම් සමග සාකච්ඡා කර වතු කම්කරුවන් සාධාරණ වැටුපක් ලබාදිමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත්, වැඩ වර්ජනය හේතුවෙන් තේ ආර්ථිකයට සිදුවෙන බලපැම් නිසා වැඩ වර්ජනය අත්හරින ලෙස ජනාධිපතිවරයා කල ඉල්ලිමක් මත අද (12) සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හරින බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ නුවරඑලිය  දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින්  කියා සිටියේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා විසින් වතු කම්කරුවන්ට වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය අත්හරින ලෙස කල ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් සුළු පිරිසක් පමණක් සේවයට වාර්තා කර තිබුණි.

වතු ගණනාවකම වතු කම්කරුවන් අද(12) දින සේවයට වාර්තා නොකල බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

වතු කම්කරුවන් සේවයට වාර්තා නොකිරිම හමුවේ තේ කර්මාන්ත ශාලා වසා දමා ඇති ආකාරයක් අප කැමරාවේ සටහන් වුණා.

වතු කම්කරුවන් දින 8 පුරා සිදු කල වැඩ වර්ජනය හේතුවෙන්  වතු සමාගම්වලට රු බිලියන 175 ක පාඩුවක් සිදු වි ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,849 Viewers

5 Comments to “වතු කම්කරුවන් සුළු පිරිසක් සේවයට එයි.. තේ කර්මාන්ත ශාලා රැසක් තවදුරටත් වසයි.. පාඩුව බිලියන 175යි..”

  1. KoMahinda says:

    Ko mahinda…. Hoooooooo

    • Gihan says:

      වතුකර ඉන්දියන් දෙමළු කොහොමත් යූඑන්පි එදා ඉඳන්ම. ඒක තමයි මුන්ට 1000 මතක් වුනේ දැන්. අර අවුරුදු 3ම හිටියෙ පූස් පැටව් වගෙ. ප්‍රේමදාස තමා මේ කාලකන්නි ඉන්දියාවට යන එක නතර කරේ. කවදහරි නුවරින් කෑල්ලක් ඉල්ලුවම උබලට දුවන්න වෙන්නේ හූ කිය කිය තමා.

  2. Love nature says:

    බඩගින්න කාටත් පොදුයි රටට සේවයක් කරන මේ අය ගැනත් සොයා බැලිය යුතුය

    • Gihan says:

      මහත්තයෝ මේ වෙලාවෙ මේ කරන්නේ බඩගිනි වර්ජනයක් නෙමේ. මෙහෙයවන්නේ දිගම්බරම්ගේ කට්ටිය. ඇත්තම කියනවනම් දැන් තොන්ඩමන්ගේ බලය ගිලිහිල තියෙන්නේ.

  3. Gayantha says:

    රට කන වුර්තිය සමිති කරයෝ. සැලකියයුතු ඉහල ලාභයක් තියෙනවා නම් දෙන එක වෙනම දෙයක් නුමුත් එහෙම නැතුව මේවා කරහම වෙන්නේ වතු විනාශ වෙලායන එක. එදා සිරිමවෝලා වතු ගත්තු වෙලවේ මෙහෙ වතු හිමියෝ කෙන්යාව වගේ රටවල තේ වතු පටන්ගත්තා අන්තිමට එකෙන් වුනේ අපිට යවන්න පුලුවන් ප්‍රමනයෙන් සැලකියයුතු ප්‍රමානයක් ඒ රටවලටගියපු එක සහ අනවශය තරගකාරීත්වය නිර්මාණය වීම. මේ කරන්න හදන්නෙත් ඒ වගේ විනශයක් මේ මෝඩ තොන්ඩමන් කරයා. දැන් වත්ටිකක් තේරුන එක ලොකු දෙයක්

Main News