වතු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කල එකම පක්ෂය එජාපයයි…

August 30, 2018 at 8:02 am | lanka C news
වතු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කල එකම පක්ෂය එජාපයයි…

වතු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කල එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ වතු කම්කරු ජනතාවට පර්චස් 07ක ඉඩමක අයිතිය ලබාදීමේ ‘‘හරිත භූමි’’ වැඩසටහනේ තෙවන අදියර යටතේ මහනුවර, ගලහ, පුපුරැුස්ස වතු යායේ සහ නාවලපිටිය ලෙවලන් වතුයායේ වතු කම්කරු පවුල් 830කට ඉඩමක අයිතිය ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

වසර 150 ක් වතු කම්කරුවන් අපේ රටේ ආර්ථිකය වෙනුවෙන් තම ජීවිත කැප කලා. බොහෝ රජයන් වතු ජනතාවට විවිධ පොරොන්දු ලබාදුන්නත් මැතිවරණයෙන් පසු ඔවුන්ගේ ජිවන ගැටළු අමතක කළා .

ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරමින් පුරවැසිභාවය වගේම ඉඩම් අයිතියත් පිළිගත්ත ඉතිහාසේ පළමු පක්ෂය එක්සත් ජාතික පක්ෂය යයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

වතු කම්කරුවන් ජීවත්වන ලයින් කාමරවල, එක කාමරයේ පවුල් තුන හතරක් ජීවත් වෙනවා. අදඅ ප ලබාදෙන ඉඩමක අයිතිය සමඟ වතු කම්කරුවන්ට තමන්ගේම කියා නිවසක් තනා ගැනීමට හැකි වෙනවා.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේ වතු කරයෙන් ලයින් කාමර සංස්කෘතිය අවසන් කරන්නට යහපාලන රජය කටයුතු කරන බවයි.

– රජිත සමරසූරිය

1,298 Viewers

3 Comments to “වතු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කල එකම පක්ෂය එජාපයයි…”

  1. Wikramabahu says:

    kavadda deyyane mewage para ballangen rata bera ganne. UNP yata wasiy jatheen anakotagaththama. pitin thugsla gennala digana kolahala ethikale moo kiyala u-tube video ekakath pennala thibuna mathakai.

  2. Modaya says:

    Rate karumeta Imaduna Mala perethaya……Thopi yanna oni sathara apayata……

Main News