වන්නි නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්.. හඩා වැලපෙමින් සිඹිමින් ෙදමළ වැසියන් උපහාර පුදයි..

August 9, 2018 at 8:02 am | lanka C news
වන්නි නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්.. හඩා වැලපෙමින් සිඹිමින් ෙදමළ වැසියන් උපහාර පුදයි..

වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා 07 සිට වෙනත් පලාතක ස්ථානමාරුවක් ලබා යාම හේතුවෙන් සේවය අගයා වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී උපහාර උත්සවයක් සංවිධානය කොට තිබුණි.

පුරා වසර දෙකක කාලයක් වන්නි දිසාව භා කටයුතු කල නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ස්ථානමාරුවීමකින් වෙනත් පලාතකට යාම නිමිත්තේ වසර දෙකක කාලය තුල දිසාවට සිදු කරන ලද සේවය අගයා අද දින වව්නියාව වෙළඳ සංගමය විසින් සහ ප්‍රජා පොලිස් ඒකකය විසින් මෙම උපහාර පීදීමේ උත්සවය සංවිධානය කොට තිබුණි.

දේශබන්ධු තෙන්නකෝන් මහතා වන්නි දෙමළ, සිංහල හා මුස්ලිම් දුගී පවුල් වෙනුවෙන් නිවාස 31 ක් සාදා දී ඇති අතරම ව්නියවා හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි සවිල් ආරක්ෂක කමිටු 261 ක් පිහිටුවා ජනතාවගේ ගැටලු විසඳීමට පියවර ගෙන ඇති අතර ප්‍රජා පොලිස් ඒකක පිහිටුවා ඇති අතර පොල් පැල දස දහසක්ද සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ආදී පොදු සුභසාධන වැඩසටහන් විශාල ප්‍රමාණයක් සිදු කිරීම හේතුවෙන් වන්නි ජනතාව අතර මහත් ජනාදරයකට පත්වූ නිලධාරියෙක් විය.

උතුරු පලාතේ පළමු වරට මෙසේ පොලිස් සේවයේ නිරත ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු හට දෙමළ වැසියන්ගේද සංවිධානත්වයෙන් උපහාර පිරීම සිදු වූ අතර උත්සව අවසානයේ දෙමළ ,සිංහල හා මුස්ලිම් වැසියන් හාඩා වැලපෙමින් ගෞරව උපහාරයන් පුද කිරීම ඉතා සංවේදී අවස්ථාවක් විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,380 Viewers

6 Comments to “වන්නි නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්.. හඩා වැලපෙමින් සිඹිමින් ෙදමළ වැසියන් උපහාර පුදයි..”

  1. sanjeewa says:

    Please show some videos or photos to verify this news is true. He probably would have done something but can’t match the ARMY officer who was treated like a king by the people. Perhaps he was trying to score some points to promote himself as his status diminished to very low level under this regime. Mind you he was almost untouchable under the previous regime….

    • abraa says:

      එකිනෙකා සසඳන්නේ නැතිව වැඩක් බලාගනින් බං …මේක ඩ්‍රීම් ස්ටාර් තරගයක් නොවෙයි…

      • Chin Wijaya says:

        Well said !

      • sanjeewa says:

        Hello
        First of all, just use a proper name to comment on anything. Hiding someone’s name shows the intent of the message. I have right to write what I believe in unfortunately the guys like you probably still go behind corrupted & useless & spineless politicians.

  2. janaka says:

    උතුරේදී මේ විදිහට මානව හිතවාදී වෙන්න පුළුවන් පොලිස් කාරයන්ට දකුණට අපුවහම මිනිස්සු පේන්න බැරි වෙන්නේ මොකද අනේ.

  3. mali says:

    This is another propaganda launched by LTTE diaspora using tamils.They did same when Cameron or other foreign agents visit srilanka using crying women with someone’s photo.This just to get south idiotic sinhalese mind set changed to get the voting for the federal constitution.Our idiots including mahinda rajapaksha do not talk to brain, work with the heart which is not the tool for the modern type politics.
    You need to see the other side of the coin always otherwise you will get into the yahapalana trap managed and fed by RAW and CIA.

Main News