වයිබර් තහනම ඉවත් කෙරේ.. කොන්දේසි මෙන්න..

March 13, 2018 at 10:43 pm | lanka C news
වයිබර් තහනම ඉවත් කෙරේ.. කොන්දේසි මෙන්න..

වයිබර් සමාජ ජාලයට ශ‍්‍රි ලංකාවේ සිට පිවිසීමේ පහසුකම අවහිර කිරීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට අහෝසි කරන බව රජය පවසයි.

මේ බව සදහන් කරමින් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී, මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීම පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට රජය විසින් කටයුතු කරන ලදී.

එම සමාජ මාධ්‍ය වාරණය පැනවීමෙන් අනතුරුව, කලහකාරී හැඟීම් සහ ප්‍රචණ්ඩත්වය වේගයෙන් පැතිර යාම සමනය වූ අතර, රටෙහි ආරක්ෂක තත්ත්වය නැවත යහපත් වෙමින් තිබෙන බව වාර්තා වී ඇත. එම මාධ්‍ය භාවිතා කරමින් සමාජ විරෝධී සහ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

මෙහිදී, විශේෂයෙන්ම, විදෙස්ගත ශ්‍රමිකයින් හට සිය නිවෙස් සමග සන්නිවේදනය කිරීමේදී මුහුණ දීමට සිදු වන අපහසුතාවන් ගැන රජය සානුකම්පිතව සලකා බලා ඇත. එමෙන් ම, ව්‍යාපාරික ප්‍රජාවටත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ටත්, කුඩා පරිමාණ ව්‍යවසායකයින්ටත් මෙම වාරණය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සිදු වී ඇති අපහසුතාවන් පිළිබඳව ද රජයේ අවධානය යොමු වී ඇත. මෙම කරුණු සලකා බලා, මූලික පියවරක් ලෙස, වයිබර් සමාජ ජාලය (Viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.

මෙවන් තත්ත්වයක් නැවත ඇති නොවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම සඳහා දැනට තාවකාලික සීමාවකට ලක් කර ඇති අනෙකුත් සමාජ ජාලා ආයතන සහ වෙනත් පාර්ශවකාර ආයතන සමග රජය සාකච්ඡා පවත්වමින් සිටින අතර, නිසි ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන පිළිබඳව සලකා බලමින්, එම සමාජ ජාලා සේවාවන් වෙත ප්‍රවේශය ද යථා කාලයේදී විවෘත කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. රජය සහ සමාජ ජාලා සේවාවන් මෙන්ම සමාජ ජාලා භාවිතා කරන ප්‍රජාව ද සමාජ හා ආරක්ෂක ස්ථායීභාවයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සෑම පුරවැසියකුගේම කැප වීම මෙහිදී රජය ඉල්ලා සිටී.

නීතිය සහ සාමය රැක ගැනීම සඳහා රජය ගත් මෙම ක්‍රියාමාර්ගයෙන් සිදු වූ යම් අපහසුවක් ඇතොත් ඒ පිළිබඳව රජය කණගාටුව පළ කරයි.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්

31,447 Viewers

10 Comments to “වයිබර් තහනම ඉවත් කෙරේ.. කොන්දේසි මෙන්න..”

  1. තුෂාර says:

    එදා Viber නැත්නම් යමපාලනයක් අද නෑ

  2. ගුනපාල says:

    ජෙනරාල් මහටයගෙ දෙමෞපියො

  3. Nisauru says:

    still not available 😀

  4. රන්ජන් රාමනායක says:

    ජාතිවාදය කියන පට්ටපල් බොරුව සමාජගත කරමින් බැංකු හොරු ගැලවෙන්නත් , ඉදිරි මැතිවරණ වලට ෆේස්බුක් ලොකු කරදරයක් නිසාත් මේ විදිහේ නින්දිත ලෙස මිනිස්සු බිය කෙරුවා

  5. ExUNPer says:

    People are supposed to behave well through understanding in an open environment – not by fencing them !
    It is wrong to believe that the social media cannot be used to improve harmony,
    Why cannot that be used to create a strong bondage among people than restricting.

  6. Saman Adikari says:

    The UNP led political coup in before and after 2015 January 8th that MS, CBK and RW all UNP’s has used to overthrown MR govt. by mode of operand of viber..Now CB bonds scam of RW that MS stop Viber.

  7. Hasitha says:

    තහනම ඉවත් කරපංකෝ දෙන්නම් තොපිට

  8. podi gamaya says:

    How can the Yahapalana Government banned Viber. As per ex president Chanrika, They arranged for the defeat of Ex President Mahinda R through Viber. Most of the discussions were through Viber.

  9. podi gamaya says:

    Viber was very useful for the preliminary discussion to select Common Candidate for Presidential Election in 2015 as per EX President CBK. Present government knows about Viber more than anyone else in the Media. That is why it was banned

  10. මොනෑක්’ මොනෑක්’ says:

    මං හිතුවේ රාජපක්ෂගේ සල්ලි හොයනවා කියලා බැංකු පොත් කියලා මුණු පොත් කිඉයලා පැටලිලා බ්‍රෝ/ රත්තරං අශ්වයෝ බඩ වෙලා හිටපුවා මෙට්ටේ උඩ තියලා හැංගිලා ව්ට්ස් අප් කියලා. හුටා..

Main News