වර්ෂාව දරුණු වෙයි.. මහවැවක් ඇතුලු වැව් 6 ක් කැඩෙයි.. ගම්මාන ගණනාවක් අනතුරක..

November 9, 2018 at 8:40 am | lanka C news
වර්ෂාව දරුණු වෙයි.. මහවැවක් ඇතුලු වැව් 6 ක් කැඩෙයි.. ගම්මාන ගණනාවක් අනතුරක..

මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසළ ජීවත්වු පිරිසක් අතුරුදහන්ව ඇති අතර වැව කැඩී යාමෙන් පහල පිහිටි තවත් කුඩා වැව් 6 ක් කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදාකලමනාකරන ඒකකය පැවසීය.

මේ අනුව නිත්තකේක්තුලම්, ඔඩ්ඩුසුඩාන්හි පිහිටි සාලම්බකුලම්, කරිප්පට්ට මුරිප්පුකුලම්, මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම්, පෙරියකුලම්, කනක්කනාර් කුලම් යන වැව්ද කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කලමානකරන කාර්යාලයට තොරතුරු ලැබී ඇත.මේ වන විටත් යුද හමුදාවේ 64 වන සේනාංකායේ නිලධාරීන් ඇතුලු ගුවන් හමුදා නිලධාරීන්ද එක්ව විපතට පත් වැසියන් බේරා ගැනීමේ කටයුතු සිදු කරයි.

වැව් කැඩී යාම හේතුවෙන් මේ වන විට මුලතිව්හි පවුල් 202 කට අයත් පුද්ගලයින් 647 දෙනෙකු විපතට පත්ව සිටිති.

මේ අතර කුමලමුනෙයි ප්‍රදේශවාසීන් පැවසූවේ වැව ආසන්නයේ පැළක පියා, මව හා දරුවෙකු ජීවත්ව ඇති අතර අදාළ පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර වැව ආසන්නයේ ගොවිතැන් කල තවත් ගොවීන් තිදෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවටද ආපදා නිලධාරීහු කියා සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී ආපදා කළමණාකරණ නිලධාරීන් පැවසූවේ ජල ගැලීම්වලට හසුව ප්‍රදේශයේ ගොවි ජනතාව හා ප්‍රදේශවාසීන් හය දෙනෙකු අතුරුදහන්ව ඇති බවට ප්‍රදේශවාසීන් පවසන අතර, අදාළ පිරිස් සොයා මුලතිව් යුධ හමුදා නිලධාරීන් සමඟ ඒකාබද්ධව සොයා ගැනීම් මෙහෙයුම් දියත් කොට ඇති බවයි.

පුද්ගලයින් හය දෙනෙකු ජලගැලීම්වලට හසුව සිටියදී සොයාගෙන ඇති අතර, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහයෝගය මත අදාළ පිරිස අද (09) උදැසන බේරා ගැනීමට නියමිත බවද මුලතිව් ආපදා කළමණාකරණ නිලධාරීන් පැවසීය.

ප්‍රදේශ‍යේ ගොවි ජනතාව පැවසූවේ වැව කැඩීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සියල්ල යටවි ඇති අතර වැස්ස වැඩි වුවහොත් ජල ගැලීම් හේතුවෙන් ගම්මාන යටවීමේ අවධානමක් මතුව ඇති බවයි.

වසර 35 කට පසුව වැව මේ වර්ෂයේ රුපියල් මිලියන 15 ක මුදලින් ප්‍රතිසංස්කරණය කොට තිබු අතර, එලෙස ප්‍රතිසංස්කරණය කළ කුමලමුනෙයි නිතකේකුලම් වැව මෙලෙස කැඩී ගොස් ඇති බවද වැව් බැම්ම කැඩුණ ස්ථානය කඩිනමින් සකස් නොකළහොත් වැව සම්පූර්ණයෙන් සිදී ‍යනු ඇති අතර, වැවේ ජල ධාරිතාව අඩි 13 ක් වන බවද ප්‍රදේශයේ ‍ගොවි ජනතාව පවසති.

මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවි ඇති බවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,669 Viewers

One Comment to “වර්ෂාව දරුණු වෙයි.. මහවැවක් ඇතුලු වැව් 6 ක් කැඩෙයි.. ගම්මාන ගණනාවක් අනතුරක..”

  1. නව අගමැතිගෙ බලය තමා. සොබාදහමත් කම්පා වෙලා.

Leave a Comment

Main News