වරාය චීනයට විකිණීමේ කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා එහි වගකීම ජනාධිපතිගේ හිස මත තියයි.. කැබිනට් සංශෝධනයත් පුස්සක් වෙයි..

May 10, 2017 at 3:22 am | lanka C news | ලංකා සී නිවුස්
වරාය චීනයට විකිණීමේ කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා එහි වගකීම ජනාධිපතිගේ හිස මත තියයි.. කැබිනට් සංශෝධනයත් පුස්සක් වෙයි..

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි හම්බන්තොට වරාය චීනයට පැවරිමේ අවසන් ගිවිසුම සහිත අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අගමැතිවරයා ඉදිරිපත් කොට තිබුණි.

එය සාකච්ඡාවට ගත් අවස්ථාවේදි වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් යම් යම් කරුණු ඉදිරිපත් කලහ. ජනාධිපතිවරයා ද බොහෝ අවස්ථාවන්වල අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ අදහස් වලට එකඟතාවය පලකරන දුටු අගමැතිවරයා තීරණය කොට ඇත්තේ මෙම ගනුදෙනුවේ අවසාන තීරණය ජනාධිපතිවරයා විසින් ගත යුතුය යන්න පවසා එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වගකීම ජනාධිපතිවරයා වෙත පවරා ඇත.

ඒ අනුව අද දිනයේදි විදේශ ගතවීමට නියමිතව සිටි වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම ගමන නවත්වා මෙම ගනුදෙනුව සම්බන්ධව තව දුරටත් කරුණු හදරා ජනාධිපතිවරයා දැනුවත් කොට තීරණය ගැනීම සඳහා අද වෙසක් පෝය දිනයේ දී ද අමාත්‍යාංශයේ කටයුතු කිරීමට තීරණය කොට ඇත.

මේ අනුව වෙසක් පෝයට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව මාධ්‍ය බලාපොරොත්තුව සිටියත් ඊට වඩා බරපතළ ගැටලුවකට මෙන්ම අර්බුදයකට ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ගමන් කරමින් සිටි.

8,848 Viewers

8 Comments to “වරාය චීනයට විකිණීමේ කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා එහි වගකීම ජනාධිපතිගේ හිස මත තියයි.. කැබිනට් සංශෝධනයත් පුස්සක් වෙයි..”

  1. jayamal says:

    රටේ ජනාධිපති තනතුර බාරගත්තා නම් තමා සතු බලතල සහ වගකීම් ගැන හොඳින් අවබෝධ කරගෙන රට වෙනුවෙන් වඩාත්ම හොඳ තීරණ ගන්නවා නම් නේද හොඳ? රට ඇත්තේ ඉතාමත් අවදානම් අඩියක. “වරාය චීනයට පැවරීම” සුලුවට හිතන්න එපා ජනාධිපති තුමෝ….!! මේ රටේ උරුමක්කාරයින්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා.

    • man says:

      mahinda cheneta varaya nagaraya liyala dunna welawe oya iwaseema seemawa koheda thibune mahatthayo?

  2. Nawoda says:

    Kohomada Ranilge nul suththara. Theerana minihage waradi anunge.Anthimedi Mr. cleanMama neme janapathi janapathi thamai okata waga kiyanna one kiyawi..

  3. The Next President says:

    This is super news. Taking Magampura Port issue from Ranil’s hand is a victory itself, because the President will never go against people’s and Maha Sanga’s wishes and sign the deal. I am 100 percent sure about it.

    If Ranil has handed over Magampura matter to the President means, Ranil knows that it is not wise to sign the Agreement with whole country opposing to it. At least we can be happy that Magampura Port can be saved. I am on cloud 9 and cheers to everybody who endlessly tried their best to save the Port.

    I wish the same goes with ETCA and Trincomalee Oil Tanks. Ranil doesn’t understand, it is not the Oil Tanks, it is the land where Oil Tanks are situated, what we are worried about. As of me, my concern is handing over extremely valuable lands in Trincomalee to Indians which is totally unwise. We should not leave room for any foreign country to own our lands. Needless to say how strategically important is Trincomalee.

    If everything goes like this, who wants Cabinet Reshuffle?

  4. Wijebahu says:

    What a good relationship, unlike mara and bara who took all decisions behalf of the government.

  5. YAMA DUTHA says:

    KALAKAM PALA DE. KEPPASIRA and RSNNAPONIL saling the country.

Main News