වරාය සහ ඉඩම් අක්කර 15000 අරන් චීනා ලංකාවෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනී..

January 11, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
වරාය සහ ඉඩම් අක්කර 15000 අරන් චීනා ලංකාවෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනී..

ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව Article 126 of the Constitution අනුව “විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩකිරීමට අත්‍යසන්නව පැවතිම හා සම්බන්ධ කවර වූ හෝ ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරිමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේයෙ”

පසුගිය 2003 චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ රජය මගින් ආයෝජකයන් වෙත අමාත්‍ය මණ්ඩල තීරණය සහ අනිකුත් ව්‍යයවස්ථාපිත මණ්ඩල අනුමැතියන් යටතේ ලබා දුන් පහත සඳහන් ව්‍යාපති වෙනුවෙන් පෙත්සම්කරුවන් විසින් මූලික අයිතිවාසිකම් පිලිබඳ නඩු පැවරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දි ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට එම සියලු ගිවිසුම් අහෝසි කොට එසේ පැවරූ සියලු දේපල සහ වත්කම් නැවතත් රජයට පවරා ගන්නා ලදි.
රජයේ ආරාධනනය පරිදි ශ්‍රීලංකා ආයෝජන මණ්ඩල Bord Of Investment-Sri Lanka අනුමැතිය යටතේ ආයෝජනයන් කල ආයෝජකයන්හට එම රජයට පවරා ගත් සියලු දේපල සහ වත්කම් වෙනුවෙන් මේ වන තෙක් ආණ්ඩුව සහන සැලසීමක් හෝ වන්දි ගෙවීමක් සිදු කොට නොමැත.

එම දේපල පහත සඳහන් පරිදි වේ.

1. ලංකා මැරයින් සර්විසස්. (LMS) වන්දිය මිලියන 1200 – ජෝන් කීල්ස් බන්කර්රින් ඉන්වෙස්ට්මන් John Keels Bunkering Investment LTD වන්දිය ගෙවා නැත.
2. ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සමාගම, වන්දිය මිලියන 6000 – මිල්ෆෝඩ් ඉන්වෙස්ට්මන්ට්. Milford (හැරි ජයවර්ධන මහතාට අයත් සමාගමක්) වන්දිය ගෙවා නැත.
3. වෝටර්ස් එජ් ගොල්ෆ් ක්ලබ් සහ තරු පහේ හෝටලය, වන්දිය මිලියන 2000 – ඇක්සස් ඉන්ටර්නැෂනල් (සුමල් පෙරේරා මහතාට අයත් ) වන්දිය ගෙවා නැත.
4. අත්තිඩිය වෙට් පාර්ක් අයිලන්ඩ් රෙසෝට්, වන්දිය මිලියන 350යි- අත්තිඩිය වෙට් පාර්ක් ප්‍රයිවේට් ලිමිටඩ්. (අනිල් කොස්වත්ත මහතාට අයත්) වන්දිය ගෙවා නැත.

එවැනි තත්ත්වයක් තුල නිසි නීතිමය අවසරයකින් තොරව මහජනතාවගේ දැඩි විරෝධතා හමුවේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මෙසේ ලබා දෙන හම්බන්තොට වරාය සහ ඒ අවට පාරම්පරික ගොවි ජනතාවගේ ඉඩම් අක්කර 15000 ක් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් සම්බන්ධව පෙත්සමක් ඉදිරිපත් කොට ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දි ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට එම සියලු ගිවිසුම් අහෝසි කොට එම සියලු දේපල සහ වත්කම් රජයට පවරා ගන්නා ගැනීමට කිසිම බාධාවක් නොමැති බව ශ්‍රීලංකාවේ ආයෝජකයින් මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසයි.

කරුණු එසේ වුවහොත් ලෝකයේ ලොකුම බලවතා වන චීනය සමඟ විශාල අර්බුදයකට මුහුණ දීමට ශ්‍රීලංකාවට මේ අනුව බොහෝ දුරට ඉඩ ඇත.

කරුණු එසේ වුවහොත් ලෝකයේ ලොකුම බලවතා වන චීනය සමඟ විශාල අර්බුදයකට මුහුණ දීමට ශ්‍රීලංකාවට  මේ අනුව බොහෝ දුරට ඉඩ ඇත.  ඉහත ගිවිසුමට එම චීන සමාගම සමඟ ශ්‍රීලංකාව වෙනුවෙන් මේ වනවිටත්  අත්සන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් එම් ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය යන ලේකම්වරුන් ය.

30,812 Viewers

2 Comments to “වරාය සහ ඉඩම් අක්කර 15000 අරන් චීනා ලංකාවෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනී..”

  1. Desapremiya says:

    ලෝකයේ 4 වෙනි ජනගහනය ඉන්න රට වන ඉන්දුනීසියාව විසින් චීන සමාගම් වලට ආයෝජනය කරන්න පහසුකම් දුන්නට පස්සේ ලක්ෂ ගානක් චීන කම්කරුවන් ඉන්දුනීසියාව ආක්‍රමණය කරලා ඉවරයි. දැන් ඉන්දුනීසියාවට තියන ප්‍රශ්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ට රැකියාවල් හොයන එක.අපේ දෙසපලුවන්ටයි උන්ගේ පස්සේ යන සම හරක්ටයි මේක නොතේරෙන එකයි ප්‍රශ්නේ. පිටරට ආයෝජනය කියල අපේ ලංකාවට වෙන්නේ චින්නුයි, ඉන්දියන් කාරයොයි මෙහෙ පදිංචි උනාම උඩ බලාගෙන දත නියවන්න.
    වැඩි විස්තර පහත වෙබ් අඩවි වලින්.
    http://gres.news/news/politics/108616-illegal-chinese-workers-invade-indonesia/0/
    http://www.thejakartapost.com/longform/2016/07/26/illegal-foreign-workers-rule-breakers-face-immediate-deportation-manpower-minister.html
    http://jakartaglobe.id/news/police-probe-rumor-illegal-chinese-laborers/
    http://jakartaglobe.id/news/17000-chinese-laborers-indonesia-incomparable-2-million-indonesians-working-abroad-kalla/

  2. රාජ්‍ය සේවක says:

    ගිවිසුමට චීන සමාගම සමඟ ශ්‍රීලංකාව වෙනුවෙන් මේ වනවිටත් අත්සන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් එම් ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන අත්සන් කොට ඩොලර් මිලියන 5 ක අත්තිකාරමක් මොවුන් විසින් මේ වනවිටත් ලබාගෙන ඇති බැවින් මොවුන් තිදෙනා අනිවාර්යයෙන්ම ඊලඟ ආණ්ඩුව යටතේ බන්ධනාගාර ගත කල යුතුය.

Main News