වලදමා සැගවූ රත්‍රං සොයා පොළව හාරයි.. පොලිසියෙන් රැකවල්..

April 13, 2018 at 6:30 am | lanka C news
වලදමා සැගවූ රත්‍රං සොයා පොළව හාරයි.. පොලිසියෙන් රැකවල්..

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය වලදැමූ බවට සැකකෙරෙන රත්‍රං තොගයක් සොයා කිලිනොච්චිය අරවියල් නගරයෙරයේ කැනීමක් 11 සවස සිට  ආරම්භ කළ බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

කිලිනොච්චිය පොලීසිය විසින් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව අරවියල් නගර් ප්‍රදේශයේ කැලෑවක මෙම කැනීම සිදු කරනු ලැබීය.

පැය තුනකට අධික කාලයක් පස්කපන යන්ත්‍රානුසාරයෙන් කැනීම සිදු කළද කිසිවක් හමු නොවීමෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පියවර ගැනුනු අතර 12 දිනයේදී එම ස්ථානයේදීම තවත් කැනීමක් සිදු කිරීමට නියමිත බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,784 Viewers

3 Comments to “වලදමා සැගවූ රත්‍රං සොයා පොළව හාරයි.. පොලිසියෙන් රැකවල්..”

  1. Nim says:

    RANI LATA AHENNA
    KIYANNA APA.
    MAHA HORA & HORU
    KALA KALETA BAHEEVE.

  2. සිරිනිමල says:

    දැන් ඔය බොරුවට කැ ගැහුවාට , ආරු හොරා , මු හොරා කියලා , පසුකාලීනව 88 / 89 ගණන්වල JVP එකෙත් ඔහොම තොග ගණන් රත්තරන් බඩු සොයා ගත්තතා.අපේ අත්තාඅම්මාගේ කරමාලයත් මුන් ගෙනිච්චා.

  3. Senevi says:

    Oya Thana Thana Haaranawata Wada Honda Naddaa Carton Walawwa Athule Haaarala Beluwoth ?

Main News