වලසෙක් පහරදිමෙන් හතර දෙනකුට බරපතල තුවාල…

April 6, 2018 at 2:04 am | lanka C news
වලසෙක් පහරදිමෙන් හතර දෙනකුට බරපතල තුවාල…

කන්තලේ, තඹලගමුව,හිරාජ් නගර් ගම්මානයට 05 අලුයම කඩා වැදුණු වලසෙකුගේ ප්‍රහාරයට ලක්ව කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තඹලගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වයේ පසුවූ තිදෙනකු ත්‍රිකුණාමලය හා කන්තලේ මාරුකර යවා තිබේනබව  තඹලගමුව රොහල් ආරංචිමාර්ග පවසයි.

කන්තලේ හිරාජ් නගර් ගම්මානයේ කිරි එකතු කිරීමේ ස්ථානයක්  අසල   රැඳී සිටි පිරිසකට අලුයම් 5.00 ට පමණ මෙම වලස් ප්‍රහාරය එල්ලවී ඇති අතර මෙම ප්‍රහාරය හේතුවෙන් වයස අවුරුදු 25-50 ත අතර කාන්තාවක් හා පුද්ගලයින් 3දෙනකු  තුවාල ලබා ඇත.  වලසාව එළවා දමා  තුවාල ලැබුවන් රොහල් ගතකිරිමට ලම්වාසින් කටයුතු කර ඇත.

මිට සතියකට පමණ පෙර කන්තලේ-වෙන්දාසපුරම් ගම්මනයටද වලසෙකු ගේ ප්‍රහාරයට ලක්ව දෙදෙනකු තුවාල ලැබිය.

– මහින්ද උදයසිරි රත්නායක

3,168 Viewers

2 Comments to “වලසෙක් පහරදිමෙන් හතර දෙනකුට බරපතල තුවාල…”

  1. Amda says:

    දැන් ඉතින් මරපිය වලස්සු

  2. Roshan says:

    This is well planned by the naval force

Main News